Thursday, 30 August 2012

බය්සිකලේ!...

කාටද මතක මුලින්ම බය්සිකලේ පොල්ල උඩින්දාලා ගියපු දවස? මට නම් මතකයි. ඔන්න අහගන්න විස්තරේ. ඉස්කොලේ නිවාඩු කාලේ දවසක්! වටින් ගොඩින් කරුවල වී ගෙන එන වෙලාව! පොල්ල උඩින් දාලා පදින්න කකුල් දිග මදි හින්දා පොල්ල යටින් පදිමින් හිටපු මට එක පාරටම බය ඇරිලා පොල්ල උඩින් පදින්න හිතුනා. කොහොමින් හරි කකුල දා ගත්තත් රවුමක් කරකන්න කකුල් දිග මදි, ඒ මදිවට හොදටම කරුවල වෙලා. කොච්චර උනත් මට සන්තෝසේ ඉවසගන්න බෑ. මොනවා කරන්නද මම බයිසිකලෙත් අරන් ගෙදර ආවා.
මට ඉවසිල්ලක් නෑ හෙට දවස වෙනකල්, කෑම කන්නත් බෑ නිදා ගන්නත් බෑ. හෙට දවසට ඉක්මනට යන්න ඕනෙ හින්දා කලින්ම නිදා ගත්තා. සීයක් විතර හීන බලලා (හැබැයි මට එකක්වත් මතක නෑ, බ්ය්සිකල් පදිනවා දැක්කද කොහෙද) මෙන්න බොලේ උදේ 5.30 ට එලාම් නැතුවත් මට ඇහැරුනා. යන්තම් වටින් ගොඩින් එලිය වැටීගෙන එනවා. ගෙදර කාටවත් නොකියා මම බයිසිකලය අරන් පාරට ආවා. පලවෙනි පාරම පොල්ලට උඩින් කකුල දා ගත්තා. අයෙත් සන්තෝසේ ඉවසගන්න බැරුවා... අනේ දෙවියනේ පොඩ්ඩ දුරක් ගියපු මම බෝක්කු ඇන්දක හැප්පිලා ඒක අස්සට වටුනා. මගෙ දනිස් කොහෙදෝ වැදිලා කකුල් දිග අරින්නත් බෑ. සෑහෙන වෙලවක් මම බෝක්කුව අස්සෙ හිටියා. ටිකක් එලිය වැටෙනකොට කොහෙදෝ ගිය සේකර අය්යා එතනින් යන්න ගියා මාව දකලා එලියට ඇදලා ගත්තා. හැඩල් එකත් හදලා දීලා මාව ගෙදර ගිහින් දම්මා. ගෙදර යනකලුත් කව්රුත් දන්නේ නෑ මම බය්සිකලේ පදින්න ගිහින් කියලා. ප.ලි. : මුලින්ම විසිල් එක වැදුන හැටි පස්සේ කියන්නම්...


Thursday, 20 August 2009

ඔබ වෙත නොයෙන මතු යම් දවස




මගේ හිතවතෙක්, ගෙදර ඔහුගේ බිරිඳගේ අල්මාරිය ඇර එහි අයගේ යට ඇඳුම් බහාලූ ලාච්චුවකින් සිල්ක් කඩදාසියකින් මනා ලෙස එතූ පාර්සලයක් එලියට ගත්තේය. "මේක සාමාන්‍ය පාර්සලයක් නෙවෙයි විශේෂ පාර්සලයක්...." යයි කියමින් ඔහු එය දිගහැරියේය. එහි වූයේ වැඩ දැමූ, වර්ණවත්, අලුත්ම අලුත් ලස්සන සිල්ක් යට ගවුමකි. ඔහු ඒ ගවුම දෙසද එය අඩංගුව තිබූ හුරුබුහුටි කාර්ඩ්බෝඩ් පෙට්ටිය දෙසද ඔතා තිබූ කොලය දෙසද බලා සිටියේය.

"අවුරුදු 8 කට 9 කට ඉස්සර අපි ඉස් ඉස්සෙල්ලම නිව්යෝක් ගිය වෙලාවෙයි ය මේක ගත්තේ.... කවදාවත් ඇන්දේ නෑ..."
විශේෂ අවස්ථාවක අඳිනවා කියලා, සාප්පුවෙන් ඔතල දුන්න විදිහටම ගෙදර ගෙනැවිත් මේ අල්මාරියේ අරන් තිබ්බා.....මම හිතන්නේ දැන් ඉතින් මේ තමයි අවස්ථාව....වෙන අවස්ථාවක් එන්නේ නෑ.... ඔහුගේ හඬ ඉතා දුක්මුසු විය. 

අවමංගල ශාලාව වෙත ගෙනයාම පිණිස ලැස්ති කල අනෙක් ඇඳුම් පැළඳුම් සමග ඇඳ මත ඒ පර්සලයද තැබිණි. ඔහුගේ ආදරණීය බිරිඳ මියගියේ ඊට මොහොතකට පෙර ය. 
"විශේෂ අවස්ථාවකට කියල කිසි දෙයක් වෙන් කරලා තියන්න එපා..." ඔහු මා දෙස බලා කීය.

"ජීවිතේ හැම මොහොතක්ම විශේෂ අවස්ථාවක් බව සිතන්න...."

ඔහුගේ එවදන් මගේ ජීවිතය දැඩි ලෙස වෙනස් කළේය. දැන් මම හුඟක් කියවමි. ගේ අස්පස් කිරීම අඩුවෙන් කරමි. කිසිවක් ගැන දුකක් සංකාවක් නැතිව දොරකඩ වාඩිවී සිටින්නට දැන් මට හැකිය. රැකියාවේ ගත කරන කාලයට වඩා දැන් මම පවුලේ අය සමග ගත කරමි. 
ජීවිතය යනු කෙසේ හෝ ගෙවා දැමිය යුතු දෙයක් වශයෙන් නොව ජීවත් වීමට අවශ්‍ය අත්දැකීම් බිහිවන අපූර්ව උල්පතක් සේ දැන් මම වටහාගෙන සිටිමි. කිසිවක් තබාගෙන සිටින සිරිතක් දැන් මගේ නැත. වෙනදා හැඩට අරගෙන තැබූ ඔප දැමූ පලිඟු වීදුරු, දැන් දිනපතා මම බීම සඳහා පාවිච්චි කරමි. වෙළඳ පොලට යන්නේ ද අලුත් ඇඳුම් ඇඳගෙනය. මා සතුව ඇති වටිනා සුවඳ විලවුන් දැන් විශේෂ අවස්ථා සඳහා යයි වෙන් කිරීමක් නැත. අවශ්‍ය යයි සිතුණු විට ඒවා තවරා ගනිමි.

'යම් දවසක', 'විශේෂ අවස්ථාවක', 'මතු දවසක' යන වදන් මගේ ශබ්ධ කෝෂයෙන් දැන් මැකී යමින් පවතී. බැලිය යුතු, ඇසිය යුතු, කෙරිය යුතු යමක් ඇත්නම් පසුව නොවේ, ඒවා දැන් මේ මොහොතේ කල යුතුය. 

තමා පසු දින උදෑසන වන විට නොමැති බව මගේ මිතුරාගේ  බිරිඳ දැන සිටියානම් ඇය කුමක් කරනු ඇත්දැයි මම නොදනිමි. කිසිවෙකුට එය කිව නොහැකිය. ඇයගේ නෑදෑයින්ටද, කිට්ටුම හිතවතුන්ටද අඬ ගසනු ඇතැයි මට සිතේ. පැරණි හිතවතුන් අමතා කලින් සිදුවූ දබර හෝ, යම් යම් වැරදි හිත රිදවීම් ඇත්නම් ඒවාට සමාවන්න යයි කියනවා ඇත.

යාමට ඉතා ප්‍රිය වූ චීන හෝ වෙනත් කිසියම් අවන් හලකට යන්නට සිතනු ඇත. මටද එලෙස හදිසියේ නික්ම යන්නට සිදුවූවා නම් මා තැවෙන්නේ ද  එවන් සුළු සුළු දේවල් කලින් කර ගන්නට බැරි වීම ගැනය. මට දැඩි දුකක් දැනෙනවා ඇත. මගේ යහළුවන් නැවත දකින්නට නොලැබේ. 'හෙට අනිද්දා දවසක ලියනවා' යයි හැම විටම මා කියා කියා සිටි, සිතාගෙන සිටි ලියුම් කිසිවක් ලියන්නට මට නොහැකිවිය. පසුවට ගන්නවා යයි සිතා සිටි දුරකථන ඇමතුම් ගැනීමට මට නොහැකිවිය. පසු දවසක බලන්නට යනවා යයි මා සිතා සිටි නෑදෑයින්, මිතුරන් බැලීමට යාමට මට නොහැකිවිය. 

වඩාත්ම මා දුක් වන, පසුතැවෙන කරුණ වන්නේ මගේ සොහොයුරු සොහොයුරියන්ට ද, මගේ  පවුලේ අයටද මා කොතරම් ආදරේ දැයි මට කියාගන්නට බැරි වීම ගැනය. 

එබැවින් ඉතිරි කෙටි කාලයට සතුට, සිනහව, ප්‍රීතිය දනවන ඉතා සුළු දේවල් පවා කිසිවක් දැන් මම අතපසු නොකරන්නෙමි. ප්‍රමාද නොකරන්නෙමි. හැම උදසනකම අද විශේෂ දවසක් විය හැකියැයි මම මටම කියා ගන්නෙමි.

හැම දවසක්ම, හැම පැයක්ම, හැම විනාඩියක්ම විශේෂ වේ. මේ ජීවිතයේ විශේෂ නොවන මොහොතක් නැත. එය ලබන වසර නොවේ, ලබන මාසය හෝ ලබන සතියද නොවේ. හෙට දවසද නොවේ. ඒ දැන් ය. මේ මොහොතය. සෑම සියලු දෙයම සිදුවිය යුත්තේ දැන් ය.



(මෙය විද්‍යුත් ලිපියක සිංහල පරිවර්තනයකි. අයිතිය මුල් රචකයා සතුය)    


Wednesday, 25 March 2009

Friday, 20 March 2009

ගොඩක් දවසකින්....



ගොඩක් දවසකින් ලියන්න බැරි උනේ මේ දවස් වල අම්බානකුය් තව ටිකකුය් වැඩ හින්දා..... ඔපීසියෙත් වැඩ ගෙදර ඇවිල්ලත් වැඩ සෙනසුරාදත් වැඩ ඉරිදත් වැඩ ඒකයි...
ඉතින් බොහොම පොඩි කතාවක් කියන්නම් අදත්....
ඔන්න එකමත් එක කාලෙක
ඇමරිකාවේ වරායකට තඩි නැවක් ආවා බඩු බාන්න. වැඩේ ඉවර උනාට පස්සෙ නැව ආයෙත් පනගන්වන්න බැරි උනා.... නැවේ ඉන්ජිනේරුවො උපරිම උත්සහ කලා ම්හ්...... මේක හොලවන්නවත් බෑ... පිටින් ඉන්ජිනේරුවො ගෙන්නලත් බලුවා ලෙඩේ හොයාගන්න බෑ. නැව නවත්වල තියෙන දවසක් ගානේ විෂාල පාඩුවක් නැව් සමගමට උනා.
අන්තිමට නැවේ කප්පිත්තට කව්දෝ කීවා එක පුද්ගලයෙක් ගැන......... අන්තිමට තීරනෙ කලා මිනිහව ගෙන්නන්න. ඔන්න පනිවිඩයක් යැව්වා.... ආවේ වයසක පුද්ගලයෙක් ආයුදේකට කියල තිබුනේ පොඩි යකඩ කටුවකුය් මිටියකුය් විතරය්. ආවගමන් ඔහු වැඩ පටන්ගත්තා. එන්ජින් කාමරයට ගිය මේ පුද්ගලයා එක එක තැන් වලට කටුව තියල මිටියෙන් තට්ටු කරනවා. කප්පිත්තයි අනෙක් ඉන්ජිනෙරුවොය් පස්සෙන් යනව මොකක්ද කරන්නෙ බලන්න. අන්තිමට එක තැනක නතර උන මේ පුද්ගලයා එක තැනකත කටුව තියලා මිටියෙන් හය්යෙන් පාරක් ගැහුවා. එන්ජිම දඩ බඩ ගාල පනගැනුනා. හැමටම පුදුමය් වැඩේට පැය බාගයක් වත් ගියේ නෑ. වයසක පුද්ගලය ආපහු ගිහින් ඔහුගෙ ගාස්තුව හැටියට ඩොලර් 10,000 ක් ඉල්ලා හිටියා. මේක දැකපු නැවේ කප්පිත්තට ටිකක් අප්සෙට් මිනිහට අමතක උනා නැව වරායේ වේලි වේලි තියෙද්දි ගෙවන්න උන ගාන මීට වඩා ඉහලය් කියලා. ඉතින් ඔහු අර පුද්ගලයගෙන් විස්තර සහිත බිල්පතක් ඉල්ල හිටියා.
ඉතින් ඒකට ඔහුගෙ පිලිතුර උනෙ.....
මිටියෙන් තට්ටු කිරිමට ඩොලර් 50.00
තට්ටුකිරිමට නියම තැන හොයාගැනිමට ඩොලර් 9950.00
එකතුව ඩොලර් 10000.00

Saturday, 14 March 2009

මල්ලී බරයිද?.........







ගම් පලාත් වල පොඩි ලමය් අවුරුදු 8-10 වෙනකොට ගොඩක් ගෙදර දොරේ වැඩ ඉගෙනගෙන ඉවරය් කොලොම්පුරේ ලමය් වගේ නෙවේ. ගෑනු ලමයෙක්නම් කෑම වේලක් උයා ගන්න පොඩි ලමයෙක් බලා ගන්න පුලුවන්. කොල්ලෙක් නම් හේනේ කුබුරෙ වැඩ ගෙදර අති කරන සත්තුන්ගෙ වැඩ පවා කරන්න පුලුවන්.
මම මේ පෙරවදනක් කීවේ ලස්සන කතාවක් කියන්න පසුබිම හදා ගන්න..... ඒක ඇත්ත කතාවක් සමහරවිට කලින් අහලත් ඇති.......... ඔන්න අහගන්න.....................
එක පල්ලියක පියතුමෙක්, දුර පලතක (කොලබ ඉදල දුර....අපි ශිෂ්ට අශිස්ට දියුනු නොදියුනු මන්නින්නෙ කොලබට සාපේක්ෂව නේ.......)ගමනක් යද්දි ඉස්සරහට හම්බ උනා අවුරුදු 8 ක විතර පොඩි කෙල්ලෙක්, තනියම නෙවේ එයාගෙ අවුරුදු 2-3 විතර පොඩි පිරිමි ලමයෙකුත් වඩාගෙන හිටියා හරි අමරුවෙන්. තව අතේ මොනවද මල්ලකුත් තිබුනා. මේක දකපු පියතුමාට ප්‍රෂ්න කීපයක් ඔලුවට ආවා...... මේ ලමය වැඩකාරකමකට අරන්ද? නැත්නම් වෙන මොකක් හරි ප්‍රෂ්නයක්ද? මේ ලොකු බරකුත් උස්සගෙන යන්නෙ කියල. ඉතින් ඔහු ඇහුවා දුවේ ඔයා කොහෙද යන්නේ කියලා. අපේ අම්මා මේ ලග වැඩ කරනවා මම එයාට තේ අරගෙන ගියා කියල ඒ ලමය උත්තර දුන්නා....
ඒ උනත් දරුවො ඔයා කොහොමද මේතරම් බරක් උස්සගෙන යන්නෙ මේ ලමය හරි බරඉනෙ ඔයාට.... පියතුමා ආයෙත් ඇහුව...
ඒ ප්‍රෂ්නෙට මේ අවුරුදු 8 ක පොඩි කෙල්ල දුන්න උත්තරේ ඇතුලේ මහ ගොඩක් ලොකු කතාවක් තියෙනවා ටිකක් හිතලා බලන්න... මේ කෙල්ල දුන්න උත්තරෙ තමඉ.... "මොන බරක්ද මේ මගෙ මල්ලිනේ"

Monday, 2 March 2009

Confidence, Trust and Hope