Saturday 14 March 2009

මල්ලී බරයිද?.........







ගම් පලාත් වල පොඩි ලමය් අවුරුදු 8-10 වෙනකොට ගොඩක් ගෙදර දොරේ වැඩ ඉගෙනගෙන ඉවරය් කොලොම්පුරේ ලමය් වගේ නෙවේ. ගෑනු ලමයෙක්නම් කෑම වේලක් උයා ගන්න පොඩි ලමයෙක් බලා ගන්න පුලුවන්. කොල්ලෙක් නම් හේනේ කුබුරෙ වැඩ ගෙදර අති කරන සත්තුන්ගෙ වැඩ පවා කරන්න පුලුවන්.
මම මේ පෙරවදනක් කීවේ ලස්සන කතාවක් කියන්න පසුබිම හදා ගන්න..... ඒක ඇත්ත කතාවක් සමහරවිට කලින් අහලත් ඇති.......... ඔන්න අහගන්න.....................
එක පල්ලියක පියතුමෙක්, දුර පලතක (කොලබ ඉදල දුර....අපි ශිෂ්ට අශිස්ට දියුනු නොදියුනු මන්නින්නෙ කොලබට සාපේක්ෂව නේ.......)ගමනක් යද්දි ඉස්සරහට හම්බ උනා අවුරුදු 8 ක විතර පොඩි කෙල්ලෙක්, තනියම නෙවේ එයාගෙ අවුරුදු 2-3 විතර පොඩි පිරිමි ලමයෙකුත් වඩාගෙන හිටියා හරි අමරුවෙන්. තව අතේ මොනවද මල්ලකුත් තිබුනා. මේක දකපු පියතුමාට ප්‍රෂ්න කීපයක් ඔලුවට ආවා...... මේ ලමය වැඩකාරකමකට අරන්ද? නැත්නම් වෙන මොකක් හරි ප්‍රෂ්නයක්ද? මේ ලොකු බරකුත් උස්සගෙන යන්නෙ කියල. ඉතින් ඔහු ඇහුවා දුවේ ඔයා කොහෙද යන්නේ කියලා. අපේ අම්මා මේ ලග වැඩ කරනවා මම එයාට තේ අරගෙන ගියා කියල ඒ ලමය උත්තර දුන්නා....
ඒ උනත් දරුවො ඔයා කොහොමද මේතරම් බරක් උස්සගෙන යන්නෙ මේ ලමය හරි බරඉනෙ ඔයාට.... පියතුමා ආයෙත් ඇහුව...
ඒ ප්‍රෂ්නෙට මේ අවුරුදු 8 ක පොඩි කෙල්ල දුන්න උත්තරේ ඇතුලේ මහ ගොඩක් ලොකු කතාවක් තියෙනවා ටිකක් හිතලා බලන්න... මේ කෙල්ල දුන්න උත්තරෙ තමඉ.... "මොන බරක්ද මේ මගෙ මල්ලිනේ"

3 comments :

  1. ඔයා උස්සගෙන ඉන්න බල්ලො දෙන්න බර නැද්ද? :P

    ReplyDelete
  2. අම්මලාගේ ආදරේ සම්බන්දයෙනුත් ඔය වගේ වචන කීපයක් තියනවා නේද "වැලේ ගෙඩි වැලට බර නෑ " කියලා.. මං හිතන්නේ අපේ කියන හැගීම තියන අය වෙනුවෙන් අපි අසීමිතව කැප‍ වෙනවා.. ඒකනේ දුකේදී සැපේදි එකට ඉන්නවා කියන්නේ නේද?

    කිව්වත් වගේ ඔයා ශකුන්ලට කියයි මොන බරද මේ මගේ බව්වොනේ කියලා නැද්ද? හික් හික්

    ReplyDelete
  3. මන් ඔය කතාව අහල තියෙන්වා කලින්. ඒක තිබ්බේ ලමා අයිතිවාසිකම් ගැන ලිපියක. ලමයෙක්ට කියල තමන්ගේ ගෙදරදොරේ වැඩක් කරගැනීම කොහොමද අයිතිවාසිකම් කැඩීමක් වෙන්නේ වගේ අදහසක් ඒකෙ තිබ්බේ

    ReplyDelete