වෙඩි හඬ - 1 කොටස
වෙඩි හඬ - 2 කොටස
කාන්තාව පලා ගිය බව දැනගත් විට තමන්ට ඇතිවූ පුදුමය දුටු රියදුරාගේ දෑස් දීප්තිමත්ව මුහුණෙහි සියුම් සිනහවක් ඇතිවී නැතිවී යනු දිවාකර නිරීක්ෂණය කළේය. තමන් එය දුටු බව නොහැඟවූ ඔහු,
"හොඳයි දැනට මේ ඇති, අපිට පස්සේ ඕනේ උනොත් කතා කරන්න මට නොම්මරේ ලියලා දෙන්න" කියමින් සිය නෝට් පොත සහ පෑන රියදුරා හට ලබා දුන්නේය.
කොළඹ බලා ඒමට නැවත රථයට නැගුනු දිවාකරයන් කිසිදු කතා බහක් නැතිව කල්පනාවෙන් ගමනේ යෙදෙනු දක්නට ලැබිණි. මඳ වෙලාවකින් නිහඬ බව බිඳී ඔහු පොලිස් නිලධාරියා ඇමතීය.
"ජයසුරිය, අපි මේ නෝනා ගැන තව විස්තර හොයා ගන්න ඕනේ...... කොහෙ ඉඳලද ආවේ, ගියේ කොහාටද කියලා....මට පෙනෙන විදිහටනම් හදිස්සියේම ඇවිත් තියෙන්නේ ඊයේ හවස් වරුවේ. මොකද අඩුම ගානේ ගෑනියක් දවසක් දෙකක් හිටියනම් ඒ ගෙදර වෙනස්කම් ගොඩක් වෙන්න තිබ්බා.........අර කිළිටු රෙදි කන්ද අඩුම තරමේ වොෂින් මැෂින් එකටත්, ඉඳුල් පිඟන් කෝප්ප ගොඩ ඩිෂ් වොෂර් එකටත් යනවා එහෙම උනානම්. ඒවා එකක් වත් කරන්න වෙලාවක් තිබ්බේ නැත්තේ එයා ආවෙත් ගොඩක් රෑ වෙලා හින්දා වෙන්න පුළුවන්"
"සර්, සමහර විට නෝනා එනවා කියලා අන්තිම මොහොත වෙනකල් මිස්ටර් ඇන්ඩ්රු දැනගන ඉන්න නැතිවුනා වෙන්නත් පුළුවන්. දැනගත්තනම් මිනිහා පොඩ්ඩක් අස් පස් නොකරාවි කියලා හිතන්න අමාරුයි නේද?"
"ඔව් එහෙම වෙන්නත් පුළුවන්, නැත්නම් මිනිහා හොඳටම වැඩ අධික වෙලා හිටියා වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැනේ මොනවගේ වැඩක යෙදිලා හිටියද කියලා. මට හිතෙන්නේ කාගේ හරි හෝ කීප දෙනෙක්ගේ ඔත්තු බලලා තොරතුරු එකතු කලා කියලා..........මිනිහා ක්‍රිකට් ගහන්න ගිය හේතුවත් ඕකයි. අනිවාර්යයෙන් මෙයා තොරතුරු හොයපු කෙනෙක් ඔය ක්ලබ් එකේ ක්‍රිකට් ගහනවා. මිනිහට ලං වෙන්න ඕනේ නිසා තමයි මිස්ටර් ඇන්ඩ්රුත් ක්ලබ් එකට බැඳුනේ....... "
"ඔත්තු දෙන කෙනෙක් හම්බවෙන්න ක්ලබ් එකට ගියා වෙන්න බැරිද සර්?"
"හරියට හරි, ජයසුරිය හිතපු විදිහ හරියටම හරි. මම මේ ඒ ගැන කියන්න හැදුවා විතරයි. සමහර විට මෙයා ඔත්තු බැලුවේ දරුණු, එහෙම නැත්නම් සංවිධානාත්මක පුද්ගලයෙක් හරි කණ්ඩායමක් ගැන වෙන්න පුළුවන්. මෙයාට ඔත්තු දුන්න කෙනා හම්බවෙන විදිහක් වෙන්නත් පුළුවන් මේ ක්‍රිකට් ගැහිල්ල. අපි මුලින්ම හොයා ගන්න ඕනේ මේ මනුස්සයා කලේ මොකක් ද කියලා මෙහෙට ඇවිත්"
"ඒක නෙවෙයි ජයසුරිය, මට පොඩ්ඩක් සැකයි මේ ටැක්සි ඩ්‍රයිවර්. අපිට නොකියන දෙයක් තියනවා වගේ පෙනෙනවා. අපි කෝකටත් මිනිහා ගැන සෝදිසියෙන් ඉන්න ඕනෑ.... මිනිහගේ බැක්ග්‍රවුන්ඩ් චෙක් එකක් කලොත් හොඳයි."
******
පසුදින උදෑසනම මරණ පරීක්ෂණ වාර්තාවත්, රස පරීක්ෂණ වාර්තාවත් රැගත් පොලිස් පරීක්ෂක ජයසුරිය දිවාකර හමුවීමට පැමිණියේය.
"සර් මේකේ විදිහට මරණය සිද්දවෙලා තියෙන්නේ ඊයේ උදේ අට හමාරත් නවය හමාරත් අතර, ඒ කියන්නේ අර ඩ්‍රයිවර් කියපු දේවල් ඇත්තනම්, මරණය වෙනකොට මිසිස් ඇන්ඩ්රු ගෙදරින් පිටවෙලා ගිහින්. සර් කියපු විදිහට ඊයෙම මම එයාපෝර්ට් එකෙන් චෙක් කරලා බැලුවා..... ඈන් ෆිලිප්ස් කියලා කෙනෙක් ලන්ඩන් වලට ගිහින් තියනවා ඊයේ අටයි හතලිස් පහට ගිය ෆ්ලයිට් එකක, එතැනින් නිව්යෝර්ක් හෝ වොෂින්ටන් වෙන්න පුළුවන්, තවම හොයාගන්න බැහැ."
"සර් සැක කරපු විදිහටම එයා සිංගප්පුරුවේ ඉඳලා ඇවිත් තියෙන්නේ පෙරේදා හවස ලංකාවට. ප්‍රශ්නේ තියෙන්නේ මේ මිසිස් ඇන්ඩ්රුම ද කියලා හොයාගන්න එක. මම පාස්පෝර්ට් ෆොටෝ එක ගෙන්න ගත්තා......... අපිට පුළුවන් ටැක්සි ඩ්‍රයිවර් ට පෙන්නලා චෙක් කරගන්න...."
"ජයසුරිය දැක්කද මේක, වාර්තාවේ හැටියට මිස්ටර් ඇන්ඩ්රු මැරුණ තැන තිබ්බ පතරොම් කොපුව, අපිට හම්බ උන පිස්තෝලෙන් පත්තු උන එකක් නෙවෙයි. මම හිතුවා හරි, එතන තිබුන පිස්තෝලෙනුත් වෙඩිල්ලක් තිබ්බා........ හැබැයි ඒක තිබ්බේ ජනේලෙන් එලියට හරියටම විල්ලුව පැත්තට. මතකද අර මිනිහා කිව්වා දෙවන වෙඩිල්ල ඇහුනේ කණ ලඟින්ම වගේ කියලා..........වෙඩි තියාගෙන මැරුණා වගේ පෙන්නන්නයි ඕන වෙලා තිබුනේ........ ඒකේ කොපුව සමහර විට ජනේලෙන් එළියේ තියෙන්නත් පුළුවන්. මුන් අහුලාගෙන ගියා වෙන්නත් පුළුවන්"
"දන්නවද මට හම්බ උනා තව හෝඩුවාවක්. ඊයේ එද්දී මම අර ඩ්‍රයිවර් ගෙන් ටෙලිෆෝන් නොම්මරේ ලියවා ගත්තනේ...... මේ බලන්න" කියමින් දිවාකර සිය නෝට් පොත පෙන්නා සිටියේය.
"හොඳට බලන්න ඉලක්කම්, දැන් බලන්න මේක" කියමින් සිය දුරකථනයෙහි වූ ජායාරූප අතරින් එකක් ගෙන පෙන්වා සිටියේය. එහි වුයේ මරණකරුගේ මේසය මත තිබී මිනිරන් කුඩු යොදා මතුකරගත් නෝට් පොතෙහි වූ ඉලක්කම් වල ජායාරූපයකි. ඉලක්කම් වල සමානකම් දුටු නිලධාරියා පුදුම වනු දක්නට ලැබිණි.
"අපි මිනිහව ඇරස්ට් කරමුද සර්, අපිට ඔක්කොම විස්තර දැනගන්න පුළුවන්"
"මම ඔය විස්තරේ කිව්වම ලේකම් තුමත් පුදුම උනා..... එතුමා කිව්වෙත් තව විස්තර හොයලා බලලම ඇරස්ට් කරන්න කියලා.... අපි දැන්ම යමු මිනිහව හම්බවෙන්න, මුලින්ම මිනිහගේ වැඩකරන තැනට ගිහින් විස්තර දැනගන්න ඕනෑ. මිනිහට දැනගන්න තියන්න හොඳ නැහැ අපිට මිනිහා සැකයි කියලා......... ඒ වගේම අපිට හිතන්න අමාරුයි මේක මිනිහා විතරක් තනියම කරපු දෙයක් කියලා......... මේකට තව කව්ද සම්බන්ධ කියලා අපි හොයා ගන්න ඕනේ මුලින්ම. අපි වැඩේ අනා ගත්තොත් මුන් එකෙක්වත් අල්ලගන්න හම්බවෙන්නේ නෑ.........අපි දැන්ම පිටත් වෙමු"
******
පැයක පමණ ගමනකින් පසු ගම්පහ නගරයේ පිහිටි කුලී රථ සේවා සපයන ආයතනය සොයාගත් පරීක්ෂකවරු එහි කළමනාකරු හමුවිය. සිය අනන්‍යතාවය හෙළිකිරීමෙන් අනතුරුව ඇතුළු කාමරයකට ඔවුන් කැඳවාගෙන ගිය කළමනාකරුවා රියදුරාගේ පුද්ගලික ලිපිගොනුව ඔවුන් අත තැබීය. විශේෂ කාර්ය බලකායෙන් පලාගොස් වසර කීපයකට පසුව ඉන් නීත්‍යනුකුලව ඉවත්වූ බව සඳහන් ලිපියකුත්, ඉහල පොලිස් නිලධාරියෙකුගේ රෙකමදාරු ලිපියකුත්, පෙර රාජකාරි කල ආයතනයෙන් නිකුත් කල සේවා ලිපියකුත් එහි වූ ජායා පිටපත් අතර විය.
"මේ මනුස්සයා වැඩට ඇවිත් දැන් කොච්චර කාලයක්ද?" කළමනාකරු දෙස බැලූ දිවාකර ඇසීය.
"දැන් අවුරුද්දකට කිට්ටුයි. ඇයි මිනිහා මොකක් හරි ප්‍රශ්නයක් කරගෙනද සර්"
"නැහැ දැනට එහෙම මොකුත් නැහැ, කොහොමද මිනිහා.......නිතරම මිනිහවද යවන්නේ මිස්ටර් ඇන්ඩ්රු ගේ ගමන් බිමන් වලට?
"ඔව් සර්, මිනිහා කලින් වැඩ කරලා තිබුනෙත් සුද්දෙක් ළඟ, හොඳට ඉංග්‍රීසි පුළුවන්. ඉතින් අපි යවන්නේම මිනිහව තමයි එහෙට"
"මුකුත් ප්‍රශ්න එහෙම තිබුනද?"
"එහෙම කියන්න තරම් ප්‍රශ්න තිබුනේ නෑ.........."
"දැන් අද කෝ මිනිහා.... වැඩ පටන් ගත්තද? අපිට එයාව හම්බවෙන්නත් ඕනේ........ "
"දැන් අද උදේ මිනිහා වැඩට එන්න ඕනේ... තවම ආවේ නැහැ. මිනිහගේ ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ. ඊයේ වාහනේ බාර දුන්නෙත් නැහැ. වාහනේ තියනවා මිනිහා නැවතිලා ඉන්න තැන. මම කාව හරි යවන්න බැලුවේ........"
"වාහනේ තියන තැන දන්නේ...... GPS ට්‍රැකින් එකක් තියනවද කාර් එකේ?"
"ඔව් සර් අපි අපේ ටැක්සි ඔක්කොම ඔෆිස් එකේ ඉඳලා මොනිටර් කරනවා........"
"පරණ රෙකොර්ඩ්ස් බලන්න පුලුවන්ද?"
"පුළුවනි සර් අපි ටික දවසක් රෙකොර්ඩ්ස් තියාගන්නවා"
"හරි අපිට බලන්න පුලුවන්ද මේ වාහනේ ඊයේ උදේ වරුවේ කොහෙද ගියේ ආවේ කියලා........"
වාහනයේ ගමන් විස්තර පරික්ෂාවට පරිඝනකයක් වෙත ඔවුන් කැඳවාගෙන යන ලද අතර ඔවුන් පුදුමයට පත් කරමින් උදේ වරුවේ ඇන්ඩ්රු මහතාගේ නිවසට දෙවරක් කාරය ගිය බවට පැහැදිලිව දක්නට ලැබිණි.
"පෙනෙනවද උදේ 6.35 ට මුලින්ම ගිහිල්ලා තියනවා......ඊටපස්සේ 7.15 ට කටුනායකට..........8.05 ට ආපහු මිස්ටර් ඇන්ඩ්රු ගේ ගෙදරට........."
මිනිහගේ ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ කිව්වා නේද? ඉක්මන් කරලා මිනිහගේ ගෙදරට යමු. අපි පරක්කු නොවුනොත් හොඳයි"
******
ගම්පහ නගරයේ සිට කිලෝමීටර් දෙකක පමන දුරකින් රියදුරා නැවතී සිටි කුලී නිවස පිහිටා තිබුනේය. එය කුඩා ගෙවත්තක ගොඩනංවා තිබූ තනි තට්ටුවේ නිවසකි. ඔවුන් එහි යනවිටත් කුලී රථය මිදුලේ නවත්වා ඇති බව දක්නට ලැබිණි. සහයට පැමිණි පුද්ගලයා පිටතින් නැවැත්වූ පරීක්ෂකයින් දෙදෙනාට දක්නට ලැබුනේ ඉදිරි දොර අගුල් දමා නැති බවය. පොලිස් නිලධාරියාට නිවසේ පසුපස කොටසට යන ලෙස හිසින් සන් කල දිවාකර සිය පිස්තෝලය සුදානම් කරගෙන ඉදිරි දොරෙන් ඇතුළුවිය. නිවසට ඇතුළුවූ සැනින් ඔහුට තමන් ප්‍රමාද බව දක්නට ලැබිණි. නිවසේ සාලය මැද රියදුරාගේ මල සිරුර දක්නට ලැබිණි. නිවාස ඇතුලත පුළුල් පරික්ෂාවක යෙදුනු ඔහු එහි වෙනත් කිසිවෙක් නැති බව සැකහැර දැනගෙන ඉන්ස්පෙක්ටර් වරයා කැඳවීය."ජයසුරිය, අපි පරක්කු වැඩියි. මේ මිනිහා මරලා දාලා.........පෙනෙන විදිහටනම් ඊයේ රෑ වගෙයි වැඩේ වෙලා තියෙන්නේ. වෙඩි පාරක් තියනවා ඔලුවේ. සද්දේ ඇහෙන්නේ නැති වෙන්න සයිලන්සර් එකක් දාලා තියෙන්න ඇති, නැත්නම් මේ වටේම ගෙවල් තියනවා..... අපිට මේක කලින්ම දැනගන්න ලැබෙනවා...."
රියදුරා පොරබැදූ බවක් දක්නට නොතිබුණු අතර ඔහු මත්පැන් පානය කරමින් සිට ඇතිබව දක්නට ලැබිණි. කෑම මේසයෙහි පුටුවක් අසල ඔහුගේ සිරුර වැටී තිබුණු අතර එහි හිඳ සිටිනා අතර වෙඩි තැබීම් සිදුවී ඇති බව පෙනිණි. සිරුර අසලම පතරොම් කොපුවක් වැටී තිබුණු අතර සිය ජංගම දුරකථනය පිටතට ගත් දිවාකර එහි සමීප ජායාරුප කීපයක් ලබා ගත්තේය. ඉන්පසු ඔහු නිවසේ එහා මෙහා යමින් යමක් පරික්ෂා කරනු දක්නට ලැබිණි.
"ජයසුරිය, ටීම් එක ගෙන්නන්න. අපි එලවන්නේ ලේසි කට්ටියක් පස්සේ නෙවෙයි වගේ..... බලමු මුන්ට තව කොච්චර දුර දුවන්න පුලුවන්ද කියලා.....වෙඩි තියලා තියෙන්නේ මේ මනුස්සයා හොඳට දන්නා කෙනෙක්. හරියටම කිව්වොත් තව දෙන්නෙක් ඊයේ මෙතන ඉඳලා තියනවා........එක්කෙනෙක් අරක්කු බොන කෙනෙක් අනිකා බොන්නේ නෑ........තුන් දෙනාම එකතු වෙලා පොඩි පාර්ටියක් දාලා තියනවා.....මේ බලන්න මේක" කියමින් තම දුරකථනයෙහි වූ ජායාරුපයක් දක්වා සිටියේය. එහි වූයේ පතොරම් කොපුවක පසුපස කෙළවරෙහි සමීප රුවකි.

සිය දුරකතනයෙන් ගම්පහ පොලිස් ස්ථානාධිපති වරයා දැනුවත් කල පොලිස් පරීක්ෂක ජයසුරිය, කොළඹ සිය කාර්යාලය අමතා විශේෂ කණ්ඩායමක් කැඳවීය. තවමත් පරික්ෂාවේ යෙදී සිටින දිවාකර වෙත ගිය ඔහු,
"සර් කොහොමද කිව්වේ මෙතන තව දෙන්නෙක් ඉඳලා තියනවා කියලා..... ඒ වගේම එක්කෙනෙක් බොන කෙනෙක් නෙවෙයි කියලා.... මෙතන තියෙන්නේ එක වීදුරුවයි මේ මිනිහා තනියම බිබී ඉඳලා තියනවා වගෙයි මටනම් පෙනෙන්නේ........ "
"ඔව් ඔතන තියෙන්නේ නම් එක වීදුරුවයි හැබැයි අර කබඩ් එක ඇතුලේ තියනවා තව වීදුරු ගොඩාක්" දිවාකර කීවේ සිනාසෙමිනි. වීදුරු අසුරා ඇති කැබිනට්ටුව අසලට පොලිස් පරීක්ෂකයා කඳවු දිවාකර එහි තිබූ වීදුරු ඔසවා පෙන්වූයේය. ඉන් වීදුරු දෙකක යට රවුමට රැඳුනු වතුර තවමත් දක්නට ලැබිණි.
"පෙනෙනවද මුන් වීදුරු දෙක හෝදලා තියලා...... පේනවද වීදුරු දෙකක විතරක් අඩිය වටේට ඉතුරුවෙලා තියන වතුර රවුම. වීදුරුව වේලිලා හැබැයි අඩිය පැත්තේ වතුර රවුමක් තවම හොඳට තියනවා............ඉතින් තව දෙන්නෙක්!!"
"එක්කෙනෙක් බීලා නැහැ කියන එකනම් අනුමානයක් විතරයි. ඒ වගේම ඒ නොබොන කෙනා වාඩිවෙලා ඉඳලා තියෙන්නේ මේසේ ඩ්‍රයිවර් හිටපු පැත්තේ මෙන්න මේ පුටුවේ" කියමින් අසුනක් දක්වා සිටියේය.
"මම එහෙම කිව්වේ......එතනත් කලින් පෙන්නුවා වගේම දියර පැල්ලම් කීපයක් තියනවා මේ ඉටි මේස රෙද්ද උඩ. හැබැයි දැන් තරමක් වේලිලා ගිහින්. හොඳට බැලුවොත් පෙනෙනවා ඒ පැල්ලම් කීපය තියෙන්නේ තියෙන්නේ පොඩි පරාසෙක කියලා........ හැබැයි මෙන්න මේ අනික් පැත්තේ පැල්ලම් ගොඩක් තියනවා සාමාන්‍ය අතේ දුරින් මහ ගොඩක් හැම තැනම. එහෙම වෙලා තියෙන්නේ ඒ මිනිහා තරමක් මත් වෙලා වීදුරුව හැමතැනම තියපු හින්දා වෙන්න පුළුවන්. ඒ වගේමයි මැරුණු මිනිහා වාඩි වෙලා හිටපු තැනත් වීදුරුව හැම තැනම තියපු පාරවල්, කොහොමත් අයිස් දාගෙන හරි සීතල කරපු සැන්ඩි එකක් එක්ක හරි බොනකොට ඔය විදිහට වතුර රැඳෙනවා. වීදුරුව ඇතුලේ තිබුන දේවලුත් පොඩ්ඩ පොඩ්ඩ ඔය වතුරේ තියෙන්න පුළුවන්. ඒවා පොඩි ටෙස්ට් එකකින් හොයා ගන්න පුළුවන්."
පරීක්ෂණ කණ්ඩායම එම ස්ථානයට ලඟා වීමට තවත් දෙපැයක් පමණ ගතවිය. ඒ අතර නිවසේ සියලු දේත් කුලී රථයත් දිවාකරගේ පුළුල් පරික්ෂාවට ලක්විය. යම් යම් ස්ථාන පෙන්වා ඒවා පරීක්ෂක කණ්ඩායමේ විශේෂ අවධානයට ලක් කරන ලෙස පොලිස් නිලධාරියාට දැන්වූ ඔහු වැඩිදුර විස්තර සොයා බැලීම සඳහා නැවතත් කුලී රථ සේවා ආයතනය බලා ගියේය. එහි ගොස් රථයේ ගමන් වාර්තාව නැවත පරික්ෂාවට ලක් කොට එහි පිටපතක් ද ලබා ගත්තේය.
ඉතා අපහසුවෙන් කොනක් හසුකරගත්තද නැවතත් තමන් පරීක්ෂණයේ මුලටම පැමිණ ඇති බව දිවාකරට සිතෙයි. පෙර දින උදෑසන පිටව ගිය ඇන්ඩ්රු මහතාගේ බිරිඳ සැක කරුවන් ගේ ලැයිස්තුවෙන් ඉවත් කල හැකිය. එකම පෙනෙන සැකකරුව සිටි රියැදුරා කිසිවෙකු විසින් ඝාතනය කොට ඇත. ඔහු මරා දැමීමේ උවමනාව ඇත්තේ කාටද? ඔහු පොලිස් සැකයට යොමු වී ඇතිබැව් දැන ඔහු ඝාතනය කලාද? ඔහු සැක කරන බව දැන සිටියේ තමාත්, පොලිස් පරීක්ෂක ජයසූරියත්, ආරක්ෂක ලේකම් වරයාත් පමණි. එසේනම් එම විස්තර ඝාතකයන් අතට පත් උනේ කෙසේද?
මතු සම්බන්ධයි
නියමයි බණ්ඩෝ.... මතක තියාගන්න ලංකාවෙ ඇතුලෙ සයිලන්සර් ගන්න නෑ. අර වීදුරු රවුම් ටික නම් මරු.
ReplyDeleteඔන්න මං මේලක් දාලා ඇති.
පිට රටකින් ගෙන්න ගන්න ඇහැකි. පාතාලයන් අත තියෙන්න හැකියි නේද
Deleteනලින් හරියටම හරි, ඊළඟ කොටස බලමු
Deleteසයිලන්සර් එකක් ඕන්නං හෝම් මේඩ් හදාගත්තැකි.
Delete@කැමා මේල්එක ලැබුණා....... මාර උපදෙස් තොගයක්. ඩ්රැකී එක්ක සෙට් වෙලා අපි එකක් ලියමු
Delete@ඩ්රැකී ඔව් ඔය මෝර්ටර් සයිකල් හදන තැනකට ගියානම් හරි
ඒක තමයි මාත් කිවුවෙ නලියයියේ.... සාමාන්‍ය කෙනෙක් ලඟ තියෙන්න බෑ. ඔය වගේ ලොකු සම්බන්ඳයක් තියෙන්න ඕනෙ කියන එක.
Deleteහෝම් මෙඩ් එක කාමරේක වගේ දෙන ගේමකට හරියන්නෙ නෑ ඩ්රැකී. ඒක හොදයි ටිකක් දුර ඉඳන් තියන රයිෆල් එකකට වගේ.
බයික් සයිලන්සර් නෙවෙයි බණ්ඩො... බලපිය මේක - http://www.wikihow.com/Make-a-Suppressor
Deleteකැමා, අර මේල් එක මටත් ෆෝවර්ඩ් කරහංකො තරහ නැතුව...
@ කැමා අපි ස්යිලන්සරේ ගොඩ දාමු ඊළඟ කොටසේ
Delete@ ඩ්රැකී කිඩින් අනේ, ඇඩ්රස් එක දුන්නොත් මම එවන්නම්
ලංකාව ඇතුලේ දැන් සයිලන්සර් එකක් හොයාගන්න අමාරු නැහැ, උත්සාහ කලොත්. ඒ නැතත්, සයිලන්සර් එක වගේ ක්‍රියාකරන්න යෙදිය හැකි සරළ උපකරණ තියනවා. ඒවා මෙතන කියන එක සුදුසු මදි. මම කියන්නද, මෙන්න මේවා බලන්න.
Deleteරිවෝල්වරය පිස්තෝලය මොකක්ද වෙනස
තුවක්කුවක කට වැසීම
@ බණ්ඩා
තුවක්කුවකට හෝ පිස්තොලයකට/රිවොල්වරයකට දමන ලෝහමය කොපුවක් සහිත පතරොමක් වෙඩි තැබීමෙන් පසු තුවක්කුවෙන් පිටතට වැටෙන කොටසට කියන්නේ 'එම්ටි කේස්' එක කියලා. ෂෙල් එක කියන්නේ, කාලතුවක්කුවකින් වෙඩි තැබූ පසු, ඉවත් කරන කාලතුවක්කු උණ්ඩය ප්‍රක්ෂිප්ත ගතකිරීමට බලය ලබාදෙන, චාජරයේ හිස් කොපුවටයි.
මෙන්න මේක බලන්න
මේ කතාව ඉතාම රසවත්ව සහ කුතුහලය දනවන අයුරින් ඉදිරිපත් කිරීම අගය කරනවා.
තව කොටසක් අමතක වුනා. තුවක්කුවකින් හෝ පිස්තෝලයකින් වෙඩි තැබීමෙන් පස්සේ හිස් පතරොම් කොපුව එළියට එන්නේ drag වීමකින් නෙවෙයි. ejector නමැති කොටසෙන්, එම හිස් කොපුව එලියට ඇද දැමීමෙන්. පතරොමේ ඇති ප්‍රයිමරය එබී යන්නේ, ෆයරින්ග් පින් එක වැදීමෙන්. තුවක්කු දෙකක් අතර මේ ෆයරින්ග් පින් සලකුණ බොහෝදුරට අසමානයි.
Deleteවිචාරක තුමා ට බොහොම ස්තුතියි උපදෙස් හා අදියුරුවම ට . ෂෙල් කියන එක ගොඩක් තැන් වල දැක්ක නිසා යොදාගත්තේ. මම වෙනස් කරන්නම් ඒක.
Deleteප්‍රයිමර් ඩ්‍රැග් එක කිව්වේ ෆයරින්ග් පින් එක ප්‍රයිමර් එකේ වැදී ඇදී ගිය ලකුණට.
මම තව කතාකරන්න ගියොත් ඔයාට තරහත් යයි.
Deleteෆයරින්ග් පින් එක ප්‍රයිමරියේ වදින්නේ තුවක්කුවේ /පිස්තෝලයේ චේම්බර් එක ඇතුලෙදිනේ එතනදී ෆයරින්ග් පිං එක එහාට මෙහාට ඇදෙන්න ඉඩක් නැහැ. නමුත් වදින කෝණයේ මිලිමීටර් ගණනක වෙනස්කම් ඇතිවෙන්න පුළුවන්. මෙව්වා ඉතිං බැනුම් අහ අහ ඉගෙනගත්ත දේවල්නේ.
මගුලක් කියනවා... දන්නා මිනිහෙක් කියලා දෙද්දී තරා ගන්නේ මොකටෙයි. මම කියෙව්වා තැනක ප්‍රයිමර් ඩ්‍රැග් එක කියන්නේ අර විදිහට වෙන ඇදීම කියලා. අපි ඒ කෑල්ල වෙනස් කොරමු. වැරදි පෙන්නලා දුන්නට ස්තුතියි. දිගටම කියලා දෙන්න. මේ වගේ කොටස් ලියන්න කලින් උපදෙස් ගන්න බැරි වේවිද අපට. කරදරයක් නැත්නම්.
Deleteඑපා එපා දැන් වෙනස් කරන්න එපා. ඒක එහෙමම තිබුණාවේ. මීට පස්සේ ලියනකොට අර මම කියලා තියන කරුණු ඔලුවේ තියාගෙන ලියමු. මොකක් හරි ප්‍රශ්නයක් තියනවනම් wmjgslsr@gmail.com ඒකට ඊයක් විදින්න.
Deleteප්‍රශ්න ආවොත් අමතන්නම්
Deleteවිචා පිස්සු වැටිලා.... මෙන්න මේකම ඇති බණ්ඩෝ උඹේ ලියවිල්ලෙ සාර්තකත්වය පෙන්නන්න..
Deleteනියමයි බන්ඩෝ. ඉක්මනට ඉතුරු ටික ලියන්න
ReplyDeleteමඟ එනවා.......
Deleteමචං බණ්ඩෙ.
ReplyDeleteඩිෂුමි ගාලා වෙඩි ශබිදයක් ඇහුන නිසා ආව මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න.
මම මෙකේ ප්‍රින්ටි අවුටි එකක් ගන්න ගමන් නිදහසේ කියවන්න කියලා.
අපේ කතා පරිසර හිතකාමී විදිහට පාවිච්චි කරනවානම් තමයි හොඳ
Delete+++++++
Deleteඑකතු කරලා තිබිබම නෙටි යන්න විදියක් නැති කෙනෙකුට උනත් බලන්න පුලුවන්නේ මචං.නැත්නමි මෙ බිලොග් අවකාශයේ මොනතරමි දක්ෂයෝ ඉන්නවද.වර්ණගේ කතා ටික බැලුවම කොහොමද ඒ හැකියාව.ඒත් ඒ හැකියාව දන්නේ විදින්නේ බිලොග් අවකාශය ඇසුරැ කරන අපි කිහිප දෙනා විතරයි.සමහර බිලොග් වල පලවෙලා තිබුන ලිපිවල ප්‍රින්ටි අවුටි එකක් අරගෙන මම ෆයිල් එකක දාලා තියාගෙන ඉන්නවා. ඩ්රැකිගේ ඉතිහාස ලිපි මම ඒහෙම ගත්තා....
Deleteකීවට මොකද මම බිලොග් එකක් පටන්ගෙන මෙ අවකාශයට එනකමි දැනගෙන හිටියේ නැ.මෙ තරමි සුපුරි පිරිසක් මෙකේ ඉන්නවා කියලවත්...
ප්‍රින්ට් පරිස්සම් කරලා තියාගෙන පොඩි උන්ටත් පෙන්නන්න ඕනේ..... මේවා සම්මාන හම්බවෙන රචනා වෙන්නත් පුළුවන් දවසක
Deleteසුපිරි බණ්ඩා මේක පොතක් හැටියට එළි දක්වන්න බලාගනම ලියමු ඉදිරියට.
ReplyDeleteඅවුරුදු ගානක් ලියන්න වේවි... බලමු බලමු.
Deleteසැකකරුවන් මරාදැමීම හොඳ තාක්ෂණික උපක්‍රමයක් බණ්ඩො. හොඳයි වැඩේ නැගලා යනවා.
ReplyDeleteමට අනුමාන කරන්න පුළුවන්, ගොඩක් වෙලාවට ආණ්ඩුව හරි, එහෙම නැත්තං ආරක්ෂක ලේකම් හරි, එහෙමත් නැත්තං ඇතුළෙ යම් කිසි කුඩා කල්ලියක් හරි සතුරාට උදව් කරන බව...
උඹට ලියන්න නිදහස තියෙනවනෙ. අපි බලමු.
ම් ම්.. බලමු කව්ද ගේම දෙන්නේ කියලා. මිස්ටර් හැලප්ස් කියනවා ලේකම් අල්ලන්න එපාලු :)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමොකෝ රන්දුලා උනේ.... හරි හරි පරක්කු නොකර අනිත් කොටස දාන්නම් :)
Deleteමදැයි,හැම මගුලෙම කොහෙ හරි කොණක ආරක්ෂක ලේකම් ඉන්නවා.දැන් එතකොට මේ යකා නිදන් හාරපු එකටත් ආරක්ෂක ලේකම් සම්බන්ධ ඇති නේද?බලපංකො අනික් උන් ටික දඩ කාල ගෙදර ගියා ඩී අයි ජී තාම ඇතුලෙ.වැරැද්ද පිළිගත්තා නං රස්සාව ඉවරයිනෙ.හැබැයි මෙහෙම කරන්න පුළුවනි.වැරැද්ද පිළිඅරන් දඩය රජයේ ගාස්තුවක් හැටියට නියම කලානං වැඩේ ගොඩ.එහෙමවත් පිළිගන්න කැමති නැතුව ඇති නේද?පස්සෙදී නඩුවෙ සාක්කි අවුල් කරල නඩුව කඩාගන්න පුලුවන් වේවි කියල හිතනවා ඇති.ඒ උනාට බලපංකො නඩු පවරන්නම අවුරුදු දහයක් පාළහක් යන රටේ එච්චර කල් රස්සාව නැතිව හිටියොත් මේ මනුස්සය පැන්ෂන් යන කාලෙත් ඒවිනෙ.උඹට මොකද හිතෙන්නෙ.
ReplyDeleteමොකෝ කියන්නේ ආරක්ෂක ලේකම් ගස් යවනවද වෙන එකෙක් ට වැඩේ දෙන්නද
Deleteපිස්සුද පොරට දැනටම ටොපිය ලැබිලනෙ ඒ හින්ද ආරක්ෂක ලේකම්ව අත් ඇරල වෙන හාල්පාරුවෙක්ට වැඩේ දීපං. කරන හැටි දන්නෙ නැත්නං කොටදෙනියාවේ ඕ අයි සී හම්බවෙලා අහගනින්.ආ කියන්න අමතක උනා ඊළඟ කතාව ඔන්න කොටදෙනියාවේ පොලිස් වීරයන්ගෙ වීරක්‍රියාව ගැන හරිද?
Deleteඔව් අපි ලේකම්තුමා නිදොස් කොට නිදහස් කරමු.
Deletemeka marune bando!
ReplyDeleteඔයාලා තරම් ඇඟ කිලිපොලා යන්න ලියන්න අපිට තවම බැරුවා..........
Deleteඅදත් ඉවර නෑනේ..
ReplyDeleteඒත් නියමයි.. හරියට ෂර්ලොක් හෝම්ස් කතාවක් කියෙව්වා වගේ... වොට්සන් දොස්තරගෙ චරිතයට ජයසූරිය රාළහාමි උපරිම සාධාරණයක් ඉටු කරන ගතියක් තියෙනවා...
ප්‍රේක්ෂක ඉල්ලීම මත පොඩ්ඩක් ඇදලා බැලුවා...
Deleteඑකෙන් දෙකෙන් නම් ඉවරකරලා අහුවෙන්න එපා හරිය... හංගලා මරන්නෙ.... ආයෙ දෙකක් නෑ...
Deleteපිස්තොලේ උන්ඩත් මදි වේවි මෙහෙම මර මර ගියොත්
Deleteඋඹේ ලියැවිල්ල නියමයි........
ReplyDeleteතව අදිනවද ලබන සැරේ ඉවර කරනවද කියලා බැලුවේ...
Deleteඋඩින් දැම්මා ඕකට උත්තරේ.. ආයෙ කියන්නෙ නෑ....
Deleteනියමයිනෙ. පොඩි නෙවී පස්ටම කුතුහලයක් තියෙන්නෙ. නියමයි සුදා...
ReplyDeleteපට්ට කියන්නෙ හොදම එක
ඉතුරු ටිකත් ඉක්මණට දා
ජයවේවා
ෂරි ෂරි යේක මග තමයි තියනවා......
Deleteචන්දන මෙන්ඩිස් නෙමේ ආතර් කොනන් ඩොයිලුත් දිව විකාගෙන මැරෙනවා මේක කියෙව්වානං. උඹේ හැකියාව අගය කරන්න වචන නෑ මචෝ. උපකල්පන රටාව සුපිරියි. ඒ වගේම කාලීනයි.
ReplyDelete(‘අතර‘ කියන වචනෙ නිතර යොදන්න එපා.)
අතරින්පතර "අතර" දැමීම අඩුකරමි... රොම්බ නන්ඩ්‍රි
Deleteඑල ද බ්‍රා මචං..
ReplyDeleteමේ කතාව ඉවර වුනාම මම මුල ඉදලා ආය පාරක් කියවනවා..
මම මේක ඉවර කරන්නේ නෑ.........
Deleteaah the suspense ! මම මේක ඔක්කොම ලිව්වම කියවනවා , කුතුහලය හිතේ තියන් ඉන්න බෑ බන් , සිරා බන්ඩෝ !!
ReplyDeleteඑල ඉවරවෙන දවසේ මැසේජ් එකක් එවන්නම්
Deleteමේකනං සුපිරි..... ආපහු මුල ඉදන්ම කියවන් මේ ආවෙ......... ඉක්මනට අනිකාත්............
ReplyDeleteඅනික අද හෙටම දමන්නම් ආරියා......
Deleteඅම්බාන් දෙක තුනක්ම පරක්කු වෙලා කොනක හිටං කියවං ආවා.. පංකාදු පහයට තියෙනවා.. කොටස් කීපයක් උනාට කමක් නෑ..ඒත් ඒවා අතර පරතරය නම් අඩු කොරහං බොලේ.. නැත්තං කොහු මිටෙං හරි වෙඩිතියෙනවා.. සිරාවටම වල්ලා පට්ට කතාව..
ReplyDelete(ගස්ලබ්බගෙ හිතේ තියෙන කතාවකට නියමෙට පොහොර වැටෙනවා උඹට වැටෙන කොමෙන්ට්ස් වලින්.)
ජයවේවා..!!
මම එත් බැලුවා ප්‍රේක්ෂකයෙක් අඩුවෙලාද කියලා, කොටස් අතර දුරනම් වැඩියි තමයි. ලියන ගමන් නේ දාන්නේ..... පලවෙනි කොටස දමද්දී දෙවන කොටස ගැන හිතලවත් නැහැ. සමහර තැන් එනවා ඉස්සරහට යන්න බැරිව හිරවෙන. හතර හෝ අවසාන කොටස ඉක්මනින් දමන්නම්.
Deleteදැන් මාරු .. දැන්නම් හොඳටෝම පැටලිලා අපි..
ReplyDeleteහප්පේ දැනුයි කියෙව්වේ
ReplyDeletemaru ane:) oyata kalin mata link eka denna thibunaa ow. mamama hoyagena awith kiyewwa ithin :) supiri aah :)
ReplyDelete