Wednesday 18 February 2009

මට ලබුන විද්යුත් ලිපියක සින්හල පරිවර්තනය.....



එක සංචාරකයෙක් තමන්ගෙ සංචාරය අතරේ අලුතෙන් හදාගෙන යන පන්සලකට ගියා..... එතනදී එයා දක්කා එකම වගේ පිලිම දෙකක් තියනවා....ඔහුට මේක පුදුමයක්.... එයා එතන තවම වැඩ කරන මුර්ථි ශිල්පියා ගෙන් අහුවා "මෙතනට එක වගේ පිලිම දෙකක් ඔනෙද?" කියල....ඒකට පිලිතුරු දෙන මුර්ති ශිල්පියා කියනවා.... "එක පිලිමයක් අන්තිම මොහොතේ නරක් උනා මහත්තයා ඒ නිසා තව එකක් හදනවා" කියලා.....

සංචාරකයා හොදින් පිලිමය නිරීක්ෂනය කලත් ඔහුට පලුද්දක් හොයා ගන්න බැහැ...කොහෙද පලුද්ද? ඔහු අහනවා........ පිලිමේ නහයේ සීරිමක් තියනව කියපු මුර්ථි ශිල්පියා අයෙත් වැඩ. කොහෙද මේ පිලිමේ සවි කරන්න හිතාගෙන ඉන්නෙ? සංචාරකයාගෙන් ප්‍රශ්නයක්.....අඩි 25ක් විතර ඉහලින් බවයි පිලිතුර. සන්චාරකයගෙ කුතුහලය ඇවිසෙනවා......"ඉතින් අඩි 25ක් උඩින් නම් කිසිකෙනෙක් සීරීම දැන ගන්න එකක් නෑනේ".......

එවිට සිනා වෙමින් සන්චාරකයගෙ දිහා බලන මුර්ති ෂිල්පියා කියනවා....."නමුත් මම එය දන්නවනේ"

~~ විශිෂ්ඨත්වය තම සන්තෘප්තිය හා ප්‍රවීනතාවය සදහා මිස තවෙකෙකුගේ දැන ගැනීමට නොවේ..~~

11 comments :

  1. බාගෙට වැඩ කරන අපේ ගොඩක් අයට කියවන්න වටින කතාවක්..ස්තූතියි..දිගටම ලියන්න..සිංහල බ්ලොග් අවකාශයට සාදරෙන් පිළිගන්නවා !

    ReplyDelete
  2. එළ කතාව.

    Profile Image එකේ ඔයා වඩා ගෙන ඉන්න බල්ලන්ගෙ ජාතිය මොකද්ද?

    ReplyDelete
  3. ඇත්ත.. වැඩක් කලාම ලැබෙන සන්තෝසේම වටිනවා වැඩේට වැඩිය

    ReplyDelete
  4. නියම කථාව...

    ‍පිංතුරේ ඉන්නේ ඩොබර්මන් බලු පැටව් ද?

    ReplyDelete
  5. ගින්දර කතාව

    ReplyDelete
  6. 100%ක් එකඟයි!! :D

    ReplyDelete
  7. ගුන දොස් කියපු නොකියපු ඔක්කොමට තුති....බල්ලො දෙන්න ජෙර්මන් ෂෙපෙර්ඩ් :)

    ReplyDelete
  8. ඇත්ත, මාත් පිලි ගන්නවා මචං!

    ReplyDelete