Thursday 19 February 2009

මේවා කරලා බලන්න....




Warren Buffet කියන්නේ කාලයක් අන්ක එකේ ධනවතෙක් (මට මතක හැටියට 2008 ද කොහෙද )සැරයක් එයා මෙන්න මෙහෙම කීවා....
අපි එක නව වසරක් ආරම්භ කලේ දුර්වල උද්යොගයෙන් හා පලුදු වූ ධන වාදී ආකල්පවලින්...... අපගේ සතුට දියරු වෙමින් හා ආර්ථික රෝගය අප පවුල්, ආයතන, ජාතිය හා සාමය ට හානි කරමින් තිබුනා......
හෑම දෙනාම මින් ගලවෙන ක්‍රමයක් නැතැයි බලපොරොත්තු සුන් කරගෙන හිටියා.....ආර්තික විශේෂඤයන් ඔවුන් ගලවා ගනු ඇතයි බලාපොරොත්තු උනා......ඔවුන් අමතක කලා මෙම කරදරයට හේතුවත් එම විශේෂඤයන් ම බව......
ඉන් පසු ආ හැම වසරකම මම පැරනි සිද්ධාන්ථ කිහිපයක් මෙම කරදරයෙන් මා ගලවා ගැනීමට හා මගේ මගපෙන්වීම සදහා යොදගත්තා.....
මා විසින්ම සාදගත් මාගේ මෙම වට්ටොරුව හොද ප්‍රතිපල ගෙන දුන්නා......මා වයසින් නොව දනුමින් වැඩුනා..... මෙම වසරේ මා ඔබට ආරධනා කරනවා අපගේ ආදිතමයන්ගේ ආර්ථික නුවන භාවිතකරමින් මා සමග ආර්ථිකව වැඩෙන ලෙස.......

මහන්සිවී වැඩ කරන්න: හැම මහන්සියක්ම ඔබට ආදයමක්ගෙන දේවි.... හුදු කතාව ඔබ දුප්පත්කම කරා රැගෙන යාවි...
කම්මැලිකම: නිදන මාලුවා ඈත දියබට ගසාගෙන යාවි....
ඉපයීම්: තනි ආදයම් මාර්ගයක් ගැන පමනක් විස්වාස කරන්න එපා...
වියදම්: ඔබට උවමනා නොවනදේ මිලදි ගත්තොත්... ඉක්මනින් උවමනා දේවල් විකිනීමට වේවි...
ඉතිරි කිරීම: වියදමට පසු ශේෂය ඉතිරිකරනවා නොව....ඉතිරිකිරීමෙන් පසු ශේෂය වියදම් කරන්න
ණයට ගැනීම: ණයට ගන්නා ණයට දෙන්නාගේ වහලෙක් වේවි....
ගනන් තැබීම: ඔබගේ පාවහන් ඉරිලානම් වැස්සට කුඩයක් ගෙන යාමෙන් වැඩක් නොවේ...
විගනනය: සුලු සුලු වියදම් ගැන ප්‍රවෙශම් වන්න...විශාල නැවක් ගිලෙන්නේ සුලු කාන්දුවකිනි...
අවදානම බාර ගැනීම: ගගට බැස එහි ගැබුර බලන්න එපා....
ආයොජනය: සියලුම බිත්තර එකම බඳුනේ තබන්න එපා...

පින්තූරේ අන්තර් ජාලයෙන්

5 comments :

  1. අපේ බිලොග් අවකාශයට ඔබ වැනි සුභවාදී අදහස් පතුරුවන්නේක් සිටිම සතුටට කරුණකි.

    ReplyDelete
  2. වටින අදහස් ටිකක්.. කඩේකට එහෙම ගියහම මේවා අමතක වෙන එක තමයි හිතට දුක

    ReplyDelete
  3. හොඳ අදහස් නමුත් කරන්න තමා ටිකක් අමාරු

    ReplyDelete
  4. මම ටියුෂන් කරන කාලේ ගෙදරින් සල්ලි ගත්තෙ නෑ... දැන් වැඩ වැඩි නිසා ඒකත් නැවැත්තුවා... මහපොල, බර්සරි, එකක්වත් නැති නිසා අන්තිම අමාරුයි... තිතක් වෙලා ඉන්නේ... ඔන්න රාජ්ය සේවකයින්ගේ දරුවො වීමේ විපාක...

    ReplyDelete
  5. මම ටියුෂන් කරන කාලේ ගෙදරින් සල්ලි ගත්තෙ නෑ... දැන් වැඩ වැඩි නිසා ඒකත් නැවැත්තුවා... මහපොල, බර්සරි, එකක්වත් නැති නිසා අන්තිම අමාරුයි... තිතක් වෙලා ඉන්නේ... ඔන්න රාජ්ය සේවකයින්ගේ දරුවො වීමේ විපාක...

    ReplyDelete