Saturday 21 February 2009

මේ පොඩි කොල්ලෝ කෙල්ලෝ හරි පව්......




ගිය සති අන්තේ පොඩි උන් සෙට් එකක් එක්ක පාරේ ක්‍රිකට් ගහුවා....ගහන්න තියා හැරෙන්නවත් ඉඩක් නෑ....ගමෙයි  නගරෙයයි  කොයි තරම් වෙනසක් තියෙනවද?
අපි පොඩි කාලේ හිටිය හැටි මතක් උනා... ක්‍රිකට් නෙවේ ඔලිම්පික් උනත් තියන්න තරම් පුලුවන් පිට්ටනි ගම්වල ඔන තරම්....වැව් පිට්ටනියේ ක්‍රිකට් ගහලා වවෙන්ම නාලා ගෙදර ආව හැටි, ඔරු පැද්ද හැටි, මාලු අල්ලපු හැටි....
මේවා මේ දරුවන්ට කවදාවත් කරගන්න බැරි වේවි මුන්ගෙ පොඩි කාලෙදිනම්...... මේ ලමයි  හිර වෙලා පොඩි වෙලා ඉන්න හැටි....කොයි බය්සිකලයක් පදින්නවත් තැනක්.....හොද හුස්මක් ගන්න තැනක්......

කව්ද කියන්නේ ගම පොහොසත් නෑ කියල........

1 comment :

  1. හා හා බලාගෙන! උඹ ගමේ නේද??

    ReplyDelete