Friday 20 February 2009

බය වෙන්න එපා......



ඔය කාට හරි රාජ්ය ආයතනකින් වැඩක් කරගන්න වෙලා තියෙනවද කවදා හරි.... විෂේශයෙන් ප්‍රාදේශීය සබාවකින් හරි නගර සබාවකින් හරි?....ටිකක් අමාරුයි කියලා මතයක් හදලා තියන වැඩක්!... සැලසුමක් අනුමත කරගන්නවා වගෙ....පොඩි වැඩකට විසි පාරක් විතර ගිය මට මෙහෙම හිතුනා...............

අපේ බදු වලින් ජීවත් වෙන මේ මිනිස්සු අපිට සුලු දෙයක් කරලා දෙන්න මේ තරම් කාලයක් ගන්නේ ඇය්..... සමහර විට පොඩි අත්සනක් විතරය්..... සමහර වයසක් අම්මලාව දවස් කීපයක් ගෙන්නනවා පොඩි වැඩකටත්......ඉතින් දවසක් එක අත්සනක් ගන්න එකෙක් එනකල් වාඩි වෙලා ඉන්නකොට මට මෙහෙම හිතුන......මෙහෙම කරන... තමන්ගේ වැඩේ හරියට නොකරන උන් අපේ නය කාරයො නෙවේය්ද?
ඉතින් බයවෙන්න එපා....ලබන ආත්මේ අපිට අතට පයට වැඩ කාරයො පිරිල ඉදීවි....ලබන ආත්මේ දැසි දසුන් පිරිවරාගෙන ඉන්න ඔනෙනම්..... රජ්ය ආයතනයකින් වැඩක් කරගන්න යන්න.....

ප: ලි: හැමෝම එහෙම නැ.. හොද අයත් ඉන්නවා

7 comments :

  1. ඇත්ත.වෙනෙකක් තබා රෝහලකට ගියත් බොහෝවිට තත්වය හරිම ශෝචනීයයි.මේක අපේ රටේ තිබෙන ඌන සංවර්ධනයේම පැතිකඩක්.වැඩකරන සංස්කෘතියක් අපේ රටේ හැදිල නැහැ.
    මේක උඩ ඉදලම තිබෙන රෝගයක් කියලයි මට සිතෙන්නෙ.දේශපාලන ව්‍යුහයයි පරිපාලන ව්‍යුහයයි කියන දෙකම අපේ රටේ ගොඩනැගිල තියෙන්නෙ මහජනතාවට ඈතින් මහජනයාට වග නොකියන විදිහට.

    ReplyDelete
  2. ඔය අතේ ඉන්නෙත් ගිය ආත්මෙ බණ්ඩව ගසාකපු දෙන්නෙක්ද දන්නෑ. මේ ආත්මෙ බණ්ඩගෙ දේපොල ආරස්සා කොරන්ඩ වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  3. රාමචන්ද්‍ර කියන එකම තමා කියන්න ඇත්තේ මටත්!

    ReplyDelete
  4. මම නම් වැඩිය ගිහින් නැහැ.. හැබැයි එකපාරක් උප්පැන්න සහතිකයක් මුල් පිටපතක් ලබා ගන්න ගිහින් මාස 3ක් බලන් ඉන්න උනා. තුන්පාරක් විතර යන්නත් උනා. (සියළුම විස්තර එක වර ලබාදීලත්)

    ReplyDelete
  5. ඔය සමහර ‍රාජ්‍ය සේවකයින්ගේ අත්සනට වටිනාකමක් තියෙනවනේ. ;-)

    ReplyDelete
  6. අපෝ මතක් කරන්න එපා. ඉක්මනට වැඩක් ඕනේ නම් ඉතින් සලකන්නම වෙනවා

    ReplyDelete
  7. මම ව්‍යාපාර ආයතනය ලියාපදිංචි කරගන්න ගියා 2007 අවුරුද්දේ. තාම ආවේ නෑ. කියන්ට පුළුවන් තරම් කීවා, ඇඬුවේ නැතුව විතරයි.

    ReplyDelete