Wednesday, 25 March 2009

Friday, 20 March 2009

ගොඩක් දවසකින්....



ගොඩක් දවසකින් ලියන්න බැරි උනේ මේ දවස් වල අම්බානකුය් තව ටිකකුය් වැඩ හින්දා..... ඔපීසියෙත් වැඩ ගෙදර ඇවිල්ලත් වැඩ සෙනසුරාදත් වැඩ ඉරිදත් වැඩ ඒකයි...
ඉතින් බොහොම පොඩි කතාවක් කියන්නම් අදත්....
ඔන්න එකමත් එක කාලෙක
ඇමරිකාවේ වරායකට තඩි නැවක් ආවා බඩු බාන්න. වැඩේ ඉවර උනාට පස්සෙ නැව ආයෙත් පනගන්වන්න බැරි උනා.... නැවේ ඉන්ජිනේරුවො උපරිම උත්සහ කලා ම්හ්...... මේක හොලවන්නවත් බෑ... පිටින් ඉන්ජිනේරුවො ගෙන්නලත් බලුවා ලෙඩේ හොයාගන්න බෑ. නැව නවත්වල තියෙන දවසක් ගානේ විෂාල පාඩුවක් නැව් සමගමට උනා.
අන්තිමට නැවේ කප්පිත්තට කව්දෝ කීවා එක පුද්ගලයෙක් ගැන......... අන්තිමට තීරනෙ කලා මිනිහව ගෙන්නන්න. ඔන්න පනිවිඩයක් යැව්වා.... ආවේ වයසක පුද්ගලයෙක් ආයුදේකට කියල තිබුනේ පොඩි යකඩ කටුවකුය් මිටියකුය් විතරය්. ආවගමන් ඔහු වැඩ පටන්ගත්තා. එන්ජින් කාමරයට ගිය මේ පුද්ගලයා එක එක තැන් වලට කටුව තියල මිටියෙන් තට්ටු කරනවා. කප්පිත්තයි අනෙක් ඉන්ජිනෙරුවොය් පස්සෙන් යනව මොකක්ද කරන්නෙ බලන්න. අන්තිමට එක තැනක නතර උන මේ පුද්ගලයා එක තැනකත කටුව තියලා මිටියෙන් හය්යෙන් පාරක් ගැහුවා. එන්ජිම දඩ බඩ ගාල පනගැනුනා. හැමටම පුදුමය් වැඩේට පැය බාගයක් වත් ගියේ නෑ. වයසක පුද්ගලය ආපහු ගිහින් ඔහුගෙ ගාස්තුව හැටියට ඩොලර් 10,000 ක් ඉල්ලා හිටියා. මේක දැකපු නැවේ කප්පිත්තට ටිකක් අප්සෙට් මිනිහට අමතක උනා නැව වරායේ වේලි වේලි තියෙද්දි ගෙවන්න උන ගාන මීට වඩා ඉහලය් කියලා. ඉතින් ඔහු අර පුද්ගලයගෙන් විස්තර සහිත බිල්පතක් ඉල්ල හිටියා.
ඉතින් ඒකට ඔහුගෙ පිලිතුර උනෙ.....
මිටියෙන් තට්ටු කිරිමට ඩොලර් 50.00
තට්ටුකිරිමට නියම තැන හොයාගැනිමට ඩොලර් 9950.00
එකතුව ඩොලර් 10000.00

Saturday, 14 March 2009

මල්ලී බරයිද?.........







ගම් පලාත් වල පොඩි ලමය් අවුරුදු 8-10 වෙනකොට ගොඩක් ගෙදර දොරේ වැඩ ඉගෙනගෙන ඉවරය් කොලොම්පුරේ ලමය් වගේ නෙවේ. ගෑනු ලමයෙක්නම් කෑම වේලක් උයා ගන්න පොඩි ලමයෙක් බලා ගන්න පුලුවන්. කොල්ලෙක් නම් හේනේ කුබුරෙ වැඩ ගෙදර අති කරන සත්තුන්ගෙ වැඩ පවා කරන්න පුලුවන්.
මම මේ පෙරවදනක් කීවේ ලස්සන කතාවක් කියන්න පසුබිම හදා ගන්න..... ඒක ඇත්ත කතාවක් සමහරවිට කලින් අහලත් ඇති.......... ඔන්න අහගන්න.....................
එක පල්ලියක පියතුමෙක්, දුර පලතක (කොලබ ඉදල දුර....අපි ශිෂ්ට අශිස්ට දියුනු නොදියුනු මන්නින්නෙ කොලබට සාපේක්ෂව නේ.......)ගමනක් යද්දි ඉස්සරහට හම්බ උනා අවුරුදු 8 ක විතර පොඩි කෙල්ලෙක්, තනියම නෙවේ එයාගෙ අවුරුදු 2-3 විතර පොඩි පිරිමි ලමයෙකුත් වඩාගෙන හිටියා හරි අමරුවෙන්. තව අතේ මොනවද මල්ලකුත් තිබුනා. මේක දකපු පියතුමාට ප්‍රෂ්න කීපයක් ඔලුවට ආවා...... මේ ලමය වැඩකාරකමකට අරන්ද? නැත්නම් වෙන මොකක් හරි ප්‍රෂ්නයක්ද? මේ ලොකු බරකුත් උස්සගෙන යන්නෙ කියල. ඉතින් ඔහු ඇහුවා දුවේ ඔයා කොහෙද යන්නේ කියලා. අපේ අම්මා මේ ලග වැඩ කරනවා මම එයාට තේ අරගෙන ගියා කියල ඒ ලමය උත්තර දුන්නා....
ඒ උනත් දරුවො ඔයා කොහොමද මේතරම් බරක් උස්සගෙන යන්නෙ මේ ලමය හරි බරඉනෙ ඔයාට.... පියතුමා ආයෙත් ඇහුව...
ඒ ප්‍රෂ්නෙට මේ අවුරුදු 8 ක පොඩි කෙල්ල දුන්න උත්තරේ ඇතුලේ මහ ගොඩක් ලොකු කතාවක් තියෙනවා ටිකක් හිතලා බලන්න... මේ කෙල්ල දුන්න උත්තරෙ තමඉ.... "මොන බරක්ද මේ මගෙ මල්ලිනේ"

Monday, 2 March 2009

Confidence, Trust and Hope