Monday, 14 September 2015

කෝපි යන්ත්‍රය



"ස්ටීවන් කෝපි කෝප්පයක් වත් බොමුද?" දින ගණනාවක් තිස්සේ පිළියෙළ කරන ආරක්ෂක වාර්තාවක් නිසා හෙම්බත් වූ ඇලන් තම සගයාගෙන් ඇසීය.

"ඕකේ.... ෆ්ලැට් වයිට් ෆෝ මී ප්ලීස්........"

"අද හවස් වෙනකොට මේ රිපෝර්ට් එක කොහොම හරි ඕනේ කියලා මේජර් කිව්වා, තව ගොඩක් තියනවා කොහොම ඉවර කරන්නද මන්දා......" මෙසේ කියමින් ඇලන් නැගී සිටියේ තමාටත් තම මිතුරාටත් කෝපි කෝප්ප දෙකක් රැගෙන ඒමටය.

ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය වන පෙන්ටගනයේ රැකියාවට අනුයුක්තව ඇලන් මේ ගත කරන්නේ සිය දෙවන සතියයි. "මේක මහ බෝරිං වැඩක්" පෙන්ටගනයේ සේවයට ආ දවසේ සිට ඔහුට සිතෙන්නේ එහෙමය. වසරකට පමණ පෙර ඇෆ්ඝන් මෙහෙයුමක් අතරදී තම කලවයට වැදුණු උණ්ඩයක් නිසා ක්‍රියාන්විත රාජකාරි වලින් ඉවත් වීමට ඔහුට සිදුවිය. ප්‍රතිකාර වලින් සුවය ලැබූ ඔහු දැන් පෙන්ටගනයේ ආරක්ෂක කටයුතු බාර මේජර් වරයෙක් යටතේ සේවය කරයි.

කෝපි යන්ත්‍රයේ අදාල බොත්තම් කිහිපය තද කිරීමෙන් තම මිතුරාට අවශ්‍ය කෝපි වර්ගය මුලින් ලබාගත් ඇලන් දුටුවේ කුඩා LCD තිරය මත නිවෙමින් දැල්වෙමින් දිස්වන "Error-Please Fill" සංඤාවයි.

"ශීට්!" ඇලන් එසේ කීවේ තමන්ට මඳක් එහා සිටි තවත් නිලධාරියෙකුට ද ඇසෙන පරිදි තරමක් ශබ්දයෙනි.

"අහ්, මිල්ක් හරි කොෆී හරි ඉවරවෙලා වගේ....ඔය උඩ කබඩ් එකේ තියනවා කොෆී" නුපුරුදු මුහුණ දැකීමෙන් ඔහු නවකයෙක් බව දැනගත් එම නිලධාරියා උදව්වට පැමිණෙමින් කියා සිටියේය.

"පෙන්ටගන් වගේ තැනකට මේ වගේ පොඩි කෝපි මැෂින් හරියන්නේ නෑ......දැන් බලන්න. මේක දවසට දෙපාරක් වත් රීෆිල් කරන්න ඕනේ..... මේක කොච්චර ඇඩ්වාන්ස් එකක් උනත් දාන්න පුළුවන් කෝපි පැකට් හතරයි, කිරි ලීටර් හතරයි.පැකට් නොකඩා දාන්න පුළුවන් මේවගේ ඒවා තියෙන්නේ බොහොම සීමිත තැන් කීපෙක විතරයි, සෙකියුරිටි රීසන්ස් වෙන්න ඇති. පැකට් එක ඇතුලට ගියාම මැෂින් එකෙන්ම ඒක ඇරිලා තමයි කෝපි එලියට එන්නේ..... අනේ මන්දා පිස්සු වැඩ" ඔහු එසේ කීවේ කෝපි යන්ත්‍රය විවුර්ථ කරමිනි.

"අනික ඔයා දන්නවද? මේ මැෂින් එකේ තියනවා පොඩි ප්‍රශ්නයක්, අන්තිම කෝපි පැකට් එක විතරක් තියෙද්දී මේක වැඩ කරන්නේ නැහැ. අලුත් පැකට් එකක් දැම්ම ගමන් වැඩ කරනවා...... කොම්පැනි එකෙන් ඇහුවම කියන්නේ ප්‍රොඩක්ෂන් ඉෂූ එකක් ලු. නෙක්ස්ට් ඉයර් ඔක්කොම මැෂින් රීප්ලේස් කරනවලු..... මුළු පෙන්ටගනය පුරාම මේවා හාර පන්සීයක්වත් ඇති, දන්න තරමට ඔක්කොම ඔයවගේ...." ඔහු කියාගෙන ගියේ සිනාසෙමිනි.

ඔහු විසින් නැවත ඇතුල්කරන ලද කෝපි පැකට් කිහිපයෙන් පසු යන්ත්‍රය නැවත යථා තත්වයට පත්විය. ඔහුට ඉස්තුති කල ඇලන් තම කාමරය වෙත පිය නැගීය. ඔහු කාමරයට යනවිට ස්ටීවන් සිටියේ තරමක කලබලයෙනි.

"ඒයි, උඹ දැක්කද මේක. මේ දැන් ආවේ....... හයි රිස්ක් ඇලර්ට් එකක්. ටෙරරිස්ට් ඇටෑක් රිස්ක් එකක් තියනවලු පෙන්ටගන් එකට. හැබැයි කවදද කොහොමද කියලා තවම දන්නේ නැහැලු" ස්ටීවන් එසේ පැවසූවේ තම පරිඝනක තිරය ඇලන් දෙසට හරවමිනි.

2001 වසරේ සැප්තැම්බර් පළවෙනිදා පෙන්ටගනයට එල්ලවූ ප්‍රහාරයෙන් පසු එවැනි ප්‍රහාරයක් පිලිබඳ කතාවක් වත් ඇහෙන පළමු වතාව මෙයයි. ප්‍රහාරයෙන් පසුව බුද්ධි අංශ සීරුවෙන් තබන ලද අතර ආරක්ෂක පියවරද දෙතුන් ගුණයකින් වැඩි කෙරිණි. එවන් පසුබිමක මෙවැනි අනතුරු ඇඟවීමක් නොසලකා හැරිය නොහැක. බුද්ධි අංශ අනුව ප්‍රහාරයක තොරතුරු හෙළි උවත් එය කවදා කෙසේ සිදුවේද යන්න තවම හෙළිවී නැත. හවස් වන තුරු අනතුරු ඇඟවීමෙහි තත්වය පහල නොදැමුණු අතර පෙන්ටගනය ඇතුළුව සියලු ආරක්ෂක හා ආර්ථික මර්මස්ථාන වල ආරක්ෂක විධි විධාන තියුණු කෙරිණි.

"මොන මඟුලක් උනත් මම අද මේක කීයට හරි ඉවරකරලා තමයි ගෙදර යන්නේ......" තම මිතුරා සිය වැඩ මුරය අහවර කොට නිවස බල යාමට සැරසෙනු දුටු ඇලන් කීවේය.

"ඕකේ දෙන් සී යූ ටුමොරෝ......."

"සී යූ ස්ටීවන්, සී යූ ටුමොරෝ....... "

පෙන්ටගනයෙහි බොහෝ අංශ දවසේ පැය විසිහතර පුරා ක්‍රියාත්මක වෙයි. ඇමරිකා එක්සත් ජනපධ භුමිය තුලින් පමණක් නොව ලොව නන් දෙසින් ගලා එන බුද්ධි තොරතුරු විශ්ලේෂණය කිරීමත් අවශ්‍ය කඩිනම් පියවර ගැනීමත් මෙහිදී සිදුවේ. ආපන ශාලාවෙන් ගත් සැන්විචයකින් සප්පායම් වූ ඇලන්ට රාත්‍රී දහය පසුවන විට තද තෙහෙට්ටුවකුත් නිදිමත ගතියකුත් දැනිණි. තව පැයක් තුල තම වාර්තාව නිමකළ හැකි බැව් ඔහුට පෙනිණි.

"කෝපි එකක් බීලම මේක ඉවරකරනවා" යයි සිතමින් යන්ත්‍රය දෙසට ගිය ඔහුට දක්නට ලැබුනේ එය නැවතත් අක්‍රිය වී ඇති බවකි. කවරෙක් හෝ තැබූ උසැති කඩදාසි කෝප්පය තවමත් එහි ඇති අයුරු ඔහුට පෙනිණි. යන්ත්‍රය විවෘත කල ඔහුට දක්නට ලැබුනේ කෝපි නොමැති වීමෙන් යන්ත්‍රය අක්‍රීය වී ඇති බවකි. ඉහලින් ඇති ලී කැබිනෙට්ටුව විවෘත කල ඔහු කෝපි කුඩු පැකට් තුනක් පිටතට ගත්තේ උදය වරුවේ ඔහුට ලැබුන උපදෙස් සිහිපත් කරමිනි.
"මේකේ පැකට් හතරක් දාන්න පුළුවන් උනාට අන්තිම එක විතරක් තියෙද්දී වැඩ කරන්නේ නැහැ" ඔහුට එම වදන් යලි සිහිපත් විය.

බලමු මේක වැඩකරන්නේ කොහොමද කියලා යනුවෙන් තමන්ටම කියාගත් ඔහු අදාල ස්ථාන වල කෝපි පැකට් තුන අසුරා පැති දොරටුව නොවසාම යන්ත්‍රය ක්‍රියා කරවීය. ඔහු පුදුමයට පත් කරමින් ඉදිරියෙන්ම තිබුණු පැකට්ටුව විවෘත නොවී එය පැකට් පෙලේ අන්තයට ගමන් කරන බව දක්නට ලැබිණි. ඔහුට මෙය මහත් කුහුලකි, නැවතත් අනිත් පැකට්ටු ඉවත් කර අදාල පැකට්ටුව මුලින් සිටිනසේ තබා යන්ත්‍රය ක්‍රියා කලද පෙරසේම එය පෙලේ අන්තයට යනබව ඔහුට දක්නට ලැබිණි. ලාංජන, අකුරු සලකුණු හා වර්ණ අනුව පිටතින් කිසිදු වෙනසක් නොපෙනුණු එම පැකැට්ටුව බරින් අනික් පැකට්ටු වලට වඩා වැඩි බව හා එහි වූ කෝපි තදවී ගල් වී ඇති බව වඩා හොඳින් පරීක්ෂාකළ ඔහුට දක්නට ලැබිණි.

"හො හෝ..... මේකයි මේ එක පැකට් එකේ ලෙඩේ....." යයි තමන්ටම කියාගත් ඇලන් ගල් වුනු කෝපි පැකට්ටුව අසලවූ කුණු කූඩයට දමා කෝපි කොප්පයකුත් රැගෙන තම කාමරයට ඇතුළුවිය. දියුණු තාක්ෂණයෙන් යුතුව නිර්මාණය කර ඇති කෝපි යන්ත්‍රයට, ගල්වූ හා සුළු වශයෙන් බරින් වැඩි පැකට්ටුව අදාල ස්ථානයට පැමිණි විට එය දෝෂයක් ලෙස හඳුනා ගැනීමට හැකිවූ බව දැන් ඔහුට විශ්වාසය. කෝපි කෝප්පය තොලගාමින් තම වාර්තාව නිමකරණවිට මධ්‍යම රාත්‍රිය පසුවී තිබිණි. එය තම උසස් නිලධාරියාට විද්‍යුත් තැපෑලෙන් යැවූ ඔහු ඊළඟ දිනයේ උදය වරුවේ තමන් නිවාඩුවක් ගන්නා බවට පසු සටහනක් තැබීමටද අමතක නොකළේය.

පසුදින හරියටම එකොළහේ කණිසමට පෙන්ටගනය පුරා එකවර පිපිරීම් වැලක් සිදුවූ අතර පොළොවෙන් ඉහල මහල් පහ සහ පොළොවෙන් පහල මහල් දෙකම එයට ගොදුරුවිය. තැන් සිය ගණනක එකවර සිදුවූ මෙම පිපිරීම් හා ඉන්පසුව ඇතිවූ ගින්න නිසා සිදුවූ හානිය අති විශාලය.

පෙන්ටගනය පුරා විවිධ තැන් වල විසිදහසක් පමණ වන එහි සේවකයන්ට භාවිතයට ස්ථානගත කර තිබූ කෝපි යන්ත්‍ර පන්සීයයකට අධික ගණනක් මෙසේ පුපුරා ගොස් තිබිණි. ඒවා සියල්ලම තුල කිලෝග්‍රෑමයක් පමණ වන බෝම්බය කෝපි පැකට්ටුවක් තුල අටවා තිබුණු බව කියැවුනු අතර, දුරස්ථ පාලකයක් මගින් ඒවා සියල්ල එකවර පුපුරවා හැර තිබිණි. යන්ත්‍ර සවිකළ පළමු දිනයේ සිටම කිසිවෙකුගේ අවධානයට ලක් නොවී අදාල කෝපි පැකැට්ටු පෙන්ටගනය පුරා ඇති සියලු කෝපි යන්ත්‍ර තුල ස්ථානගතව තිබූ බැව් පසුව පැහැදිලි විය.

ඇලන්ගේ කාමරය අසල වූ පුපුරා නොගිය එකම කෝපි යන්ත්‍රයෙන් හා ඔහුගේ ශාක්ෂි වලින් ප්‍රහාරකයන් හඳුනා ගත්තද ඔවුන් අත් අඩංගුවට ගත නොහැකි වුයේ ඒ වනවිටත් ඔවුන් එක්සත් ජනපධ භූමියෙන් පළාගොස් සිටි බැවිනි.


ජායාරුප අන්තර්ජාලයෙනි

Monday, 7 September 2015

වාසනාවට පොලීසියට අහුවීම




ඒ 2012 හෝ 13 අවුරුද්ද. බණ්ඩාගේ බැචේක්ගේ තාත්තා කෙනෙක් නැති උනා හදිස්සියේම. යාළුවා ඔෆිස් එකේ කෙනෙක් නොවුනට ඔෆිස් එකේ තව යාලුවෙක් හිටියා අර යාළුවා එක්ක කලින් වැඩ කරපු, ඉතින් සතිය මැද්දේ දවසක් උනත් නොගිහින්ම බැරිනිසා අපි දෙන්නා ඊළඟ දවසේ රෑම පොළොන්නරුවේ යමු කියලා තීරනේ කොලා........ අහ් කියන්න බැරිඋනා මළගෙදර තිබ්බේ පොළොන්නරුවේ ඈ........
ඉතින් හවස ගිහින් රෑම ආපහු එන්න තමයි ප්ලෑන් කලේ. ඒ දවස් වල අම්බානකුත් තව ටිකක් වැඩ තිබ්බ නිසා කොහොමත් නිවාඩුවක් ගන්න බැරි තත්වයක් තිබ්බේ.

ඉතින් අපි දෙන්නා යනවා කියලා දැනගත්තම අපේ තව බැචාලා තුන් දෙනෙකුත් සෙට් වෙනවා කිව්වා අපිත් එක්කම ගිහින් එදා රෑම එන්න. මගේ ඔෆිස් ගජයා රෝසා...... අනිත් උන් සවී, සොරියා සහ ටොමියා. ඉතින් ඔන්න අපි කොළඹින් පිටත් උනා රෝසගේ කිරි කිරි කාර් එකේ........... ඒකේ පැට්‍රොල් හොඳට කරනවා කියපු නිසාත් පැට්‍රොල් වියදම බෙදාගන්න කැමති උන නිසාත් රෝසා කැමති උනා උගේ කාර් එකේ යන්න. නැත්නම් ඕකා මලත් එන්නේ නැහැ කාර් එක අරන්.

ඉතින් අපි දෙවි පිහිටෙන් කුරුණෑගල පහුකරලා දඹුල්ල පාරේ ඉබ්බගමුවට ඇවිත් එතැන තිබ්බ කඩේකින් මළගෙදරට ගෙනියන්න බඩු ටිකකුත් ගත්තා...... නිකන් අත වන වන යන්න පුලුවන්ද මලගෙයකට උනත්. ඉතින් බඩු අරන් අපි දඹුල්ලට ආවා.... එනකොට චුරු චුරු වැස්ස. ඉතින් කට්ටිය කිව්වා දඹුල්ලෙන් ATM එකක් තියන තැනකින් නවත්තලා සල්ලි ගමු කියලා වහින්නත් එන නිසා. එතකොට රෑ අටට විතර ඇති.
ඉතින් රෝසත් යාපනේ හන්දියෙන් පොලොන්නරුව පැත්තට හරවලා මුලින්ම හම්බුන බැංකුව ගාව පොඩ්ඩක් විතර හොම්බ (කාර් එකේ ඈ.....) ඇතුලට දාලා නැවැත්තුවා. නවත්තලා කට්ටියම ගියා ATM එකට සල්ලි ගන්න. බණ්ඩාගේ අතේ ඇතිවෙන්න සල්ලි තිබ්බ නිසා ඕනෑ උනේ නැහැ සල්ලි ගන්න. නමුත් කාර් එක නවත්තපු තැන බාර් පොඩ්ඩක්  තිබ්බ හින්දා එතනම ඉන්න වඩේ පොරක් බණ්ඩා දැක්කා. ඉතින් වඩේ ටිකක් ගන්න එතනට ගියා.

දන්නවනේ බාර් ගාව වඩේ අය්යලට තියන බිස්නස්. ඉතින් පොර හෙන බිසී. බන්ඩත් අමාරුවෙන් වඩේ මලු දෙකක් ම ගත්තා.... අරන් කාර් එක ලඟට යනකොට බණ්ඩාට පෙනෙනවා පොලිස් කාරයෙක් වටකරගෙන අපේ සෙට් එක තෙමීගෙන හෙන වාදයක. බන්ඩත් හෙමින් එතනට කිට්ටු කලා...... රෝසගේ ලයිසොන් එකත් දැනටම පොලිස් භාරයේ....... දැන් මෙහෙමයි කතාව ඇහෙන්නේ..............

පොලිස්: දැන් මම සැරයක් කිව්වනේ.... මෙතන නවත්තන්න බෑ..... පේනවනේ දිගටම අයින දිගට තියන කහ ඉර? මෙතන නැවත්තුවම පාරේ වෙන වාහන යන්නේ කොහොමද? කතා කරන්න එපා....... දඩ නැහැ හෙට උසාවි එන්න.

රෝසා සහ අනිත් පිරිස: අපි බැංකුවට යන්න නැවැත්තුවේ....... මේ වැස්සේ වෙන මොන මඟුලේ නවත්තන්නද? අනික නවත්තන්න තැනක් තියනවද? බ්ලොක් වෙන හින්දා තමයි ටිකක් ඇතුලට කරලා නැවැත්තුවේ.... බ්ලා...බ්ලා...බ්ලා

පොලිස්: (තවත් මළ පැන) දැන් මම කිව්වනේ කතා කරන්න එපා හෙට උසාවි

රෝසා: එහෙම කොහොමද? ඔයා දැන් කියන්න අපි වෙන කොහෙද නවත්තන්නේ බැංකුවට යන්න ඕනෙ නම්.... සහ .... බ්ලා...බ්ලා...බ්ලා

පොලිස්: උසාවි එන්න හෙට

ඔන්න ඔය අතරේ බණ්ඩා ගේ චූටි මොලේට කල්පනා වෙනවා මේ පොලිස් කාරයා ගේම ඉල්ලලා ගොඩ දාන්න පුළුවන් එකෙක් නෙවේය කියලා..........එක්ස්පීරියන්ස් ඈ.............

ඉතින් බණ්ඩා වඩේ මලුදෙකත් අතින් අරන් මැද්දට ගිහින් කට්ටිය නිස්සද්ද කරලා..... පොලිස් රාළහාමිට බොහොම නිවුණු හඬින් මෙහෙම කිව්වා.........

"අය්යේ.........අපි එන්නේ කොළඹ ඉඳලා...... යන්නේ පොළොන්නරුවේ.......අපේ හොඳම යාලුවෙක්ගේ තාත්තා කෙනෙක් නැතිවෙලා...... අපි මේ මළ ගෙදර යන ගමන්, මේ බලන්න අපි සුදු ඇඳුම් ඇඳගෙන ඉන්නේ ඒකයි. රෑම ආපහු එන්නත් ඕනෑ හෙට වැඩට යන්න. මළ ගෙදර මොනවාහරි ගෙනියන්න ඕනේ නිසා සල්ලි ගන්නයි මෙතැන නතර කලේ (ඌ දන්නවයි අපි කලින් බඩු ගත්තා කියලා......)............වරදක් උනානම් සමාවෙන්න"

ඒක අහපු පොලිස් අය්යා ටිකක් කල්පනා කර කර ඉඳලා මෙහෙම කියනවා..........

"කොළඹ ඉඳලා එන නිසා.....ත්, පොළොන්නරුවේ මළගෙදරක යන නිසා.........ත්, විශේෂයෙන් මේ මහත්තයා හොඳින් කතා කල නිසාත්, අදට සමාව දෙනවා" කියල ලැයිසෝන් ඉන්සුරන්ස් මගේ අතට දුන්නා........
ගේම ඉල්ලපු කොල්ලෝ අස්සේ මෙහෙම කතාකරනකොට බොක්ක උනත් දෙන්න බැරිද කියලා රාළහාමි හිතුවද දන්නේ නෑ.........

ඉතින් අපි පොරට ස්තුති කරලා අයෙත් ගමන පිටත් උනා.

දැන් ඉතින් බණ්ඩාට හෙන තැන...... අම්මද බොල කෝමද මූ පොලිස්කාරයා ගොඩ දැම්ම හැටි කියලා අරුන් මාව ගහට නග්ගනවා...... කෝමද උසාවි දැම්මනම් එහෙම දඹුල්ලේ.................

පොලිසියෙන් ඇල්ලුවොත් එහෙම උඹ තමයි ගොඩ දාන්න ඕනේ කියලා මුන් මට ඉස්සරහා සීට් එකත් දුන්නා. ඉතින් දෙය්යන්ගේ පිහිටෙන් අලින්ටවත් පොලිසියෙන්ට වත් අහු නොවී අපි හබරණත් පහුකරලා මළගෙදරට ආවා රෑ දොළහට විතර. ඇවිත් කාලා බීලා අයෙත් දෙකට විතර එන්න පිටත් උනා.

දැන් අපි  පොළොන්නරුවේ ඉඳලා හබරණ කැලේ පටන් ගන්නා හරියටම එනකල් ආවා. එක දිගට වැලි ලොරි එනවා..... ඉස්සර කොරන්න හදනකොටම සුදු ඉර හෝ ඉරි දෙක. රෝසටත් ඉතින් පරණ පාඩම මතක නිසා ලොරි කාරයන්ගේ අම්මලා මතක් කර කර උන්ගේ පස්සෙන්ම එනවා.... එකෙක් පහු කරනකොට අයෙත් එකෙක්. ඉතින් ඔහොම එකෙක් ගේ පස්සේ අපි හෙමින් හෙමින් හෙන දුරක් ආවා.......... ඔහොම ඇවිත් එක තැනකින් රෝසගේ ඉවසීමේ සීමාව පැන්නා පින්වතුනි......... පැනලා මූ සුදු ඉරි දෙකකුත් කපාගෙන ඉස්සර කොරනකොටම පැන්නේ නැද්ද රාළහාමිලා දෙන්නෙක් ම විසිල් ගස ගසා....අර ලයිට් පොල්ලත් වන වනා.......... කාර් එක නතර උනේ සෑහෙන දුරක් ගිහින්. දැන් ආයෙත් රෝසා දුම්මල වරම අරන් පොලිස් කාරයන්ට බැන බැන උන් ඉන්න දිහාවට යන්න පටන් ගත්තා කාරෙකෙන් බැහැලා......... නින්දක් දාන්න කියලා පාවහන් එහෙම උනා තියලා බණ්ඩා සුජානම් උනා විතරයි, පිටිපස්සේ උන් ටික කියනවා.....

"අනේ පලයන් බන්ඩෝ උඹ තමයි මේ සැරෙත් ගොඩ දාන්න ඉන්නේ" කියලා...... අනේ දෙය්යනේ..... දැන් මම මොනවා කරන්න ද? හෙමින් සපත්තු දෙකත් දාලා අනිත් උන් තුන්දෙනත් එක්ක පොලිස් රාළහාමිලා දෙන්නා ගාවට යද්දී රෝසා අයෙත් ගේම ඉල්ලනවා......

"කරන්න දෙයක් නෑ මහත්තයෝ...... මේ දවස්වල හරියට ඇක්සිඩන්ට් කියලා ලොක්කෝ අපේ ඔලු කනවා ඉතින් කරන්න දෙයක් නෑ....... ඉරි දෙක කැපුවම අයෙත් සමාවක් නෑ........." ඒ එක රාළහාමි කෙනෙක්. ඔන්න බණ්ඩාගේ වාරේ ආවා......

"අය්යේ.........අපි කොළඹ ඉඳලා පොළොන්නරුවේ.......අපේ හොඳම යාලුවෙක්ගේ තාත්තා කෙනෙක්ගේ මළගෙදර ගිහින් මේ ආපහු කොළඹ යන ගමන්" කියලා සම්පුර්ණ හෑල්ලම ඉවර කරන්නත් කලින් එක පොලිස් රාළහාමි කෙනෙක් බණ්ඩාගේ උරහිස් දෙකෙන් අල්ලලා බණ්ඩාගේ මූන එතන තිබ්බ ලයිට් කනුව පැත්තට හැරෙව්වා............... හරවලා............

"හත් ඉලව්වේ බණ්ඩයියා......................" කිව්වා............. කොහෙද බන් අයියේ මේ යන්නේ...... පොළොන්නරු එනවනම් කෝල් එකක් වත් දෙන්න තිබ්බනේ......බ්ලා...බ්ලා...බ්ලා....දැන් බන්ඩත් ෆුල් හොල්මන්. බන්ඩත් අරූගේ මූන ලයිට් කනුව පැත්තට හරවලා බැලුවා.....

හත් ඉලව්වේ මේ ඉන්නේ මගේ ඉෂ්ඨ දේවතාවා වගේ අපේ ගමේ මලයෙක් නේ.........

දැන් හැමෝටම ලැජ්ජාවේ සන්තෝසේ බෑ..... ඉතින් අපි උන්ගෙන්ම වෙන පොලිසිය හැංගිලා ඉන්න තැනුත් අහගෙන. හදිසියෙවත් අහු උනොත් කෝල් එකක් දෙන්න උන්ගේ නම්බරුත් ඉල්ලාගෙන කොළඹ බලා එන්න පිටත් උනා..............

දෙය්යන්නේ පිහිටෙන් අයෙත් පොලිසියටනම් අහු උනේ නෑ........ හැබැයි රෝසට නින්ද ගිහින් කට්ටියම අපායේ දොර ගාවටම ගිහින් ආපහු ආවෙත් අනිත් සීට් එකේ හිටිය බණ්ඩාගේ පිහිටෙන් කියලා කට්ටිය තවමත් මතක් කොරනවා...........


Saturday, 5 September 2015

නැති වූ ඇඟිල්ල






"හොඳයි එතකොට යෝගේන්ද්‍ර මුදලාලි කියන්නේ එක ලඟම වෙඩි සද්ද දෙකක් ඇහුනා..... එතකොට වෙලාව පාන්දර දෙකට විතර ඇති කියලා එහෙම නේද? "

"එහෙමයි ඉන්ස්පෙක්ටර්, ඊයේ මම නිදා ගන්නකොට රාත්‍රී යෙකොළහ විතර තමා උනා......එක පාරම මොක හරි පුපුරණ ශද්දේ තමයි ඇහුනා...... ඩිංග වෙලාවකින් තවත් එකක් ඇහුනා දෙවැනි ශද්දේ එනකොට මම දැනගත්තා වෙඩිල්ල තමයි කියාලා...... ඉතින් මම අපේ නෝනත් ඇහැරවගෙන ජනේලේ ගාවින් බලාගෙන හිටියා"

අගනුවර ප්‍රසිද්ධ ධනවත් ව්‍යාපාරිකයෙක් වූ යෝගේන්ද්‍ර දුරේසාමි, තමා මුහුණදුන් අත්දැකීම ඉන්ස්පෙක්ටර් දිසානායක ඉදිරියේ කැඩුණු සිංහලෙන් මේ කියන්නේ දෙවැනි හෝ තුන්වෙනි වතාවටය.

මහ නරක කාලයක්, තව 1973 අවුරුද්ද ගෙවෙන්නට ඇත්තේ දින කීයද? මේ අවුරුද්දටම අපරාධ කීයක් නම් උනාද? ඒ පොලිස් පරීක්ෂක දිසානායක තමන්ගෙන්ම විමසාගත් ප්‍රශ්න කීපයකි.

කොළඹ කටුගෙය සොරු බිඳ ඇති අතර එහි මුරකරු මරා බොහෝ වටිනා දේ රැගෙන ගොසිනි. නැතිවූ දේ පිලිබඳ නිළ වාර්තාව තවමත් පොලිස් පරීක්ෂකයා අතට නොලැබුන නමුත්, අපරාධ ස්ථානය පරීක්ෂා කල ඔහුට සොරකම බරපතල එකක් බැව් බැලූ බැල්මට පෙනිණි.

මෙම අපරාධයේ පැටලිලි සහිත තැන් කිහිපයක්ම  ඇති බව ඉන්ස්පෙක්ටර් දිසානායකට පෙනේ. ප්‍රධාන ශාක්ෂිකරු වන යෝගේන්ද්‍ර මුදලාලිගේ ශාක්ෂියට අනුව, හරියටම අලුයම දෙකේ කණිසමට මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුවී ඇත. කටුගෙය ඉදිරිපිට දෙමහල් නිවෙසක වෙසෙන යෝගේන්ද්‍ර මුදලාලිගේ නිදන කාමරයට කටුගෙයට ඇතුළුවන ප්‍රධාන ගේට්ටුවත් එහි සිට ගොඩනැගිල්ල දක්වා දිවෙන වැලි ඇතිරූ පටු මාර්ගයත් හොඳින් දර්ශනය වෙයි. වෙඩි හඬින් අවදි වූ ඔහුට දක්නට ලැබුනේ බරැති යමක් ඔසවාගත් අයෙක් ගේට්ටුවෙන් පිටව යන ආකාරයත් ඉන් මිනිතුවකට පමණ පසු කටුගෙය ඉදිරියෙන් නැවැත්වූ කළුපැහැති මොරිස් මයිනර් රථයෙන් බැසගත් දෙදෙනෙක් ඉක්මන් ගමනින් කටුගේ දෙසට ගොස් ආපසු දිවැවිත් රථයේ නැගී පලා ගිය අයුරුත් ය. ඒ අනුව ඔහු ලබා දුන් විස්තර අනුව අදාල මෝටර් රථය හා පුද්ගලයින් දෙදෙනා පොලිස් අත්අඩංගුවට පත්විය.

"සර්.......,ඕකුන් දෙන්නා කොච්චර නෑ කිව්වත් උන් තමයි මුර කාරයා මරලා හොරකම කරලා තියෙන්නේ..... " ඒ සාජන් හේරත් ගේ හඬයි.

බැලු බැල්මට නම් සාජන් හේරත් හරිය. පොලිස් භාරයට ගත් කාරයේ අසුනක් යට තිබී හමුවූ විදේශයක නිපදවූ කුඩා පිස්තෝලය වෙඩි තැබීමට යොදාගත් එකමය. රස පරීක්ෂක වාර්තාව හා ඇඟිලි සලකුණු වාර්තාව තවමත් නොලැබුන අතර අද දවල් හෝ හෙට උදේ වනවිට සම්පුර්ණ වාර්තාව ඔහු අතට පත් වනු ඇත. වසරේ අවසන් කාලය හා නත්තල් නිවාඩුව නිසා බොහෝ කාර්යාල වල සේවය සිදුවන්නේ තරමක් මන්දගාමීවය. සමහර කරුණු අනුව මෙය ප්‍රධාන සැකකරුවන් කෙරෙහි එක එල්ලේ සම්බන්ධ කල හැකි උවත් යම් යම් පරස්පරතා නිසා දිසානායකගේ සිත එය පිළිගන්නේ නැත.

"හේරත්, පොඩ්ඩක් හිතලා බලනවා..........මුන් දෙන්නා කියන විදිහට හොරකමට මුරකාරයත් හවුල්, ප්ලෑන් කලේ තුන් දෙනාම එකතුවෙලා.........ප්ලෑන් එක උනේ බොරුවට මුරකාරයව ගැටගහලා දාලා හොරකම කරන්න. උන් කියන විදිහට පිස්තෝලෙත් මුරකාරයට දීලා තියෙන්නේ කලින් දා රෑ..........කතා කරගත්ත වෙලාවට මුන් දෙන්නා ආවම දකිනවා මුරකාරයා මැරිලා කියලා...... අමතක කරන්න එපා යෝගේන්ද්‍ර මුදලාලිගේ ශාක්ෂිය. වෙඩි සද්දේ අහුනට පස්සේ ගොඩක් දේවල් වෙනවා...... කව්ද මේ හතර වෙනියා......අර මල්ලක් උස්සගෙන එලියට ගිය?"

"ඒවගේම දැක්කනේ මුරකාරයාගේ ඇඟිල්ල කපලා තිබ්බ හැටි? තමුසේ හිතනවද මෙතරම් ලොකු වස්තුවක් හොරකම් කරලා..... තව මැරිච්ච මිනිහෙක්ගේ ඇඟිල්ලකුත් කපලා මුද්දක් ගන්න හිතන හොරු ඉන්නවා කියලා....... මුළු හතර වටේ පීරුවත් අපිට ඒ ඇඟිල්ල හොයා ගන්න බැරි උනා නේ"

"මෙතන තව මොනවා හරි දෙයක් තියනවා අයිසේ අපිට හොයාගන්න බැරි උන. මට පෙනෙන විදිහට තව කීප දෙනෙක් සම්බන්ධයි මේ වැඩේට."

ඉන්ස්පෙක්ටර් වරයා හිතන ආකාරය හරි අමුතුය. බොහෝ පරීක්ෂනවල කෙතරම් උත්සාහ කලත් තමාට නොපෙනෙන පැත්තක් ඔහු දකින බව සාජන් හේරත් ට සිතිනි. යම් හෙයකින් තම තම උසස් නිලධාරියා පොලිස් පරීක්ෂකයෙක් නොවී අපරාධකාරයෙක් හෝ හොරෙක් වූවානම් ඔහු අල්ලනු බොරු බව සිහිවීමෙන් ඔහුට සිනහා පහල විය.

"මොකෝ අයිසේ හිනාවෙන්නේ?"

"නෑ සර් මම නිකමට හිතුවා සර් වගේ හිතන කෙනෙක් හොරෙක් උනානම් අල්ලලා හමාරයි නේද කියලා........"

"ඇයි තමුසේ අහලා නැද්ද හොරෙක් අල්ලන්නනම් හොරෙක් වගේ හිතන්න ඕනේ..... මිනී මරුවෙක් අල්ලන්නනම් මිනී මරුවෙක් වගේ හිතන්න ඕනේ කියලා කියමනක් තියනවා......"

"ඇත්තටම, සර් ගෙන් බේරිලා ගිය කව්රුත්ම නැද්ද?"

"ඉන්නවා..... හැබැයි දැනට එක්කෙනයි අය්සේ මගෙන් බේරුනේ..... මම දවසක තමුසෙට ඒ කතාව කියන්නම්කෝ........."

හදවත පසා කරගෙන යන ලෙස එල්ල වූ වෙඩි පහර දෙකක් මළ සිරුරෙහි දක්නට ලැබුන බව පොලිස් පරීක්ෂක වරයාට මතකය. නමුත් ඔහු පුදුමයට පත් කරමින් ඉවතට ගලා ගොස් තිබුනේ රුධිරය ස්වල්ප ප්‍රමාණයකි. එසේ වීමට හැකියාව ඇත්තේ අවස්ථා දෙකකදී පමණි. එක්කෝ තුවාලය දරුණු නොවිය යුතුය නැත්නම් තුවාලය සිදුවීමට බොහෝ වෙලාවකට පෙර මරණය සිදුවී තිබිය යුතුය. වෙඩිපහර දෙකක් වැදීමෙන් සිදුවූ දරුණු තුවාලය දුටු ඔහුට පළමු හේතුව පහසුවෙන්ම බැහැර කල හැකිය.

මුරකරුගේ දකුණු අතේ මුදුව පළඳින ඇඟිල්ල මුවහත් යමකින් මුලින්ම කපාගෙන තිබිණි. අවට පීරා සෙව්වත් මුදුවේ හෝ ඇඟිල්ලේ කිසිදු හෝඩුවාවක් තවමත් නැත.

මුදුව ගැනීමට ඇඟිල්ල කැපුවාද? වෙනත් හේතුවකට එය කලාද? දිසානායකගේ හිතට වද දෙන ප්‍රශ්නයකි. කලින් හොඳින් සුදානම් වූ සොරකමකට ආ අයෙක් එය සාර්ථකව කරගෙන මුරකරුගේ ඇඟිල්ල කපා මුද්දත් රැගෙන යාමට සිතුවා යැයි ඉන්ස්පෙක්ටර් වරයා නොසිතයි.

"හේරත්, අපි යන්න ඕනේ කටුගේ පැත්තේ........ තව විස්තර ටිකක් හොයාගන්න ඕනේ මට"

අපරාධය එදින උදෑසන සිදුවූ නිසා කිසිදු පුවත්පතක තවම එම පුවත පලවී නැත. නමුත් ආරංචිය ලැබුණු වාර්තාකරුවන් කිහිප දෙනෙක් කටුගෙය තුල ඇවිදිමින් ජායාරූප ගන්නා බව එහිගිය පොලිස් නිලධාරීන් දෙදෙනාට දක්නට ලැබිණි.
අඩි හතරකට වඩා උස් නොවූ එහෙත් පුළුල් තාප්පයකින් වටවූ කටුගෙය අක්කර දෙක තුනක භුමි භාගයක් වටා පැතිර ඇත. වසර සියයකට පමණ පෙර මෙය නිර්මාණය කරන විට මෙවන් කරදර කම්කටොලු, අනවසර කඩාවැදීම් මෙම අභිමානවත් ගොඩනැගිල්ලට සිදුවනු ඇතැයි එහි නිර්මාණකරුවන් සිතන්නට නැතුවා වැනිය. කාලය වෙනස් වී ඇත, ලෝකය වෙනස් වී ඇත. මිල මුදලින් වටිනා දේ ට අමතරව අපගේ උරුමයන්ද රැකීමට ඇති සැලකිල්ල වැඩිකළ යුතුව ඇති බව පරීක්ෂක වරයාට සිතිණි.

ප්‍රධාන ගොඩනැගිල්ල ආසන්නයේ ඇති මල් පඳුරක් අසල නවතා තිබූ අත් කරත්තයක් ඉන්ස්පෙක්ටර් වරයාගේ අවධානයට ලක් විය.

"හේරත් බලනවා අරක, ඒක කොහෙන්ද මේක ඇතුලට ආවේ......පාරේ එළවලු විකුනන්න ගන්න කරත්තයක් නේද?"

"ඔව් සර්, ඒ වගේ.... අපි අහලා බලමු"

මේ අතර ඔවුන් පැමිණි බව දැනගත් කටුගෙයි ප්‍රධානියා පැමිණි අතර ඔහුගේ අත තිබූ කඩදාසිය දැකීමෙන් එය නැති වූ භාණ්ඩ පිලිබඳ විස්තරය වියහැකි බව ඉන්ස්පෙක්ටර් වරයාට සිතිනි.

"ඉන්ස්පෙක්ටර්, නැති වෙලා තියෙන්නේ බඩු කිහිපයක් උනාට ඔක්කොම බොහොම වටිනා දේවල්. රන් කඩු දෙකක්, මැණික් ඔබ්බපු ඔටුන්නක්, රත්තරන් කාසි එකසිය දොළහක් තව බොහොම වටිනා මැණික් ගල් දහහතරක් නැතිවෙලා තියනවා. ඔක්කොම විස්තර මේ කොලේ තියනවා"

"ස්තුතියි මහත්මයා..... මට තව ටිකක් මේ මුර කාරයා ගැන විස්තර කියන්න පුලුවන්ද?"  ඉන්ස්පෙක්ටර් වරයා එසේ ඇසුවේ තමන් වෙත දිගුකල කඩදාසිය  දිගහැර එය කියවමිණි.

"සේරම් කියන්නේ කියන්න තරම් වරදක් නැති මනුස්සයෙක්, මගේ යාලුවෙක් ගේ රෙකමදාරුවකට තමයි මම මිනිහව ගත්තේ. කටුගෙට ටික ටික වටිනා දේවල් එකතු වෙද්දී මට හිතුනා රෑටවත් මුරකාරයෙක් හිටියොත් හොඳයි කියලා ඉතින් අපි ආණ්ඩුවෙන් අවසර අරන් කෙනෙක්ව ගත්තා...... මිනිහට පඩි ගෙව්වෙත් කටුගෙයි ආදායම් වලින්. දැන් අවුරුදු අටක් තිස්සේ මිනිහා මෙතැන ඉන්නවා. කසාදයක් කරගෙන තිබුනත් ටික කාලෙකින් මිනිහගේ පවුල මැරිලා තියනවා....., හලාවත පැත්තේ අම්මයි තව සහෝදරයෙකුයි ඉන්නවා කියලා මට කියලා තිබුණා."

"හොඳයි එතකොට මිනිහා වැඩ පටන් ගන්නේ කීයටද?"

"රෑ නවයට වැඩ පටන් අරන් උදේ හයට ඉවර වෙනවා. ඒ උනත් මිනිහා ගෙදර යන්නේ දවල් වෙලා. උදේ වරුවම මේක ඇතුලේ හරි එළියේ හරි මොන මොනවහරි තියන වැඩපල කරනවා. ඔය වටේම තියන මල් ගස් වලට වැඩිපුරම සාත්තු සප්පායම් කරන්නේ මිනිහා තමයි. ඇතුලේ වැඩ වලටත් මිනිහා උදව් වෙනවා.........."

"ඔබතුමා දැක්කද අර මල් පඳුර ළඟ තියන අත් කරත්තේ...... ඒක කාගේද?"

ඉන්ස්පෙක්ටර් වරයා විසින් එසේ අසන ලදුව කටුගෙයි ප්‍රධානියා විසින් එහිගොස් අත් කරත්තය පරික්ෂා කරන ලදී. එහෙත් ඒ පිලිබඳ ඔහු කිසිත් නොදන්නා බැව් දක්නට ලැබිණි.

"එතකොට සේරම් ගේ ඇඟිල්ල කපලා තියන එක ගැන මොනවහරි ඔබතුමාට කියන්න පුලුවන්ද?"

"අහ් ඔව්. ඔව්. මිනිහගේ අතේ මුද්දක් තිබ්බා.... මට මතකයි අපේ ඔෆිස් එකේ කට්ටිය මිනිහට විහිලු කරනවා..... පව්ලකුත් නැති එකේ ඔය මුද්ද ගලවලා දානවකෝ සේරම් කියලා......"

"මිනිහා ඒ වෙලාවට කිව්වේ.....මගේ ගෑනි මතක් වෙන්න මෙච්චරයි තියෙන්නේ......මේකනම් මම කවදාවත් ගලවන්නේ නෑ කියලා. මුද්ද ගලවන්න තියා වෙන ඇඟිල්ලකට මාරු කරන්නත් මිනිහා කවදාවත් කැමති උනේ නැහැ. අපේ ඔෆිස් එකේ කට්ටිය ගෙන් අහලා බලන්නකෝ තව විස්තර කියාවි. මේ කාලකන්නි, මුද්දක් ගන්න ඇඟිල්ලත් කපලා නේද ඉන්ස්පෙක්ටර්?"

"ඔව් ඒ වගේ..... අපි එහෙනම් යනවා ආයෙත් ඕනේ උනොත් කතා කරන්නම්" කියූ ඉන්ස්පෙක්ටර් වරයා ආපසු එන්නට හැරිණි.

පොලිස් පරීක්ෂකවරයාගේ ඉල්ලීම අනුව ජීප් රථය ජාවත්තේ පිහිටි මුරකරුගේ නවාතැන වෙත ගමන් කරනු ලැබිණි.

"සර් මේ වත්තේ තමයි මිනිහා ඉඳලා තියෙන්නේ...."

කොලුගැටයෙකුගේ මඟ පෙන්වීම අනුව ඔවුන් නතරවුයේ ස්ථුල තලතුනා ස්ත්‍රියකගේ නිවසක් ඉදිරිපිටය.

"අර සේරම් කියන මුරකාරයා හිටියේ මෙහේද?අන්තිමට මෙහෙට ආවේ ගියේ කව්ද?"

"ඔව් මහත්තයෝ ඔය එළියේ තියන කාමරේ තමයි හිටියේ.....දැන් අවුරුදු දෙකක් විතර තිස්සේ...... ඊයේ රෑ වැඩටයන්න ලේස්ති වෙලා මට කතා කරලා කිව්වා, කාමරේට වෙන කෙනෙක් හොයාගන්ට, අයෙත් එයැයි එන්නේ නැහැ කියලා....... ගණුදෙනු ඔක්කොම බේරලා පාරට ගිහින් කරත්තයක් හොයාගෙන ඇවිත් බඩුත් දාගෙන යන්න ගියා.........."
"ඊයේ හවස් වෙලා එයැයි ගේ නෑ වෙන කෙනෙක් ආවා කියලා අපේ පොඩි එකා කිව්වා.....ඌ කාමරේ දොර ඇරලා දුන්නා කිව්වා මුර උන්නැහැ එනකල්. වත්තේ හැමෝම එක්ක හොඳට හිටියා..... ගෙදරට නම් විසේස කව්රුත් ආවේ ගියේ නැහැ."

ඉන්ස්පෙක්ටර් වරයාගේ ඉල්ලීම අනුව කාමරය විවුර්ථ කරන ලද අතර අඩි දහය, හය ප්‍රමාණයේ කුඩා ලෑලි කාමරයක් වූ එහි කොනක අකිලූ බූරු ඇඳක් දක්නට ලැබිණි. සරසවිය පුවත් පතේ හා දකුණු ඉන්දීය දෙමළ පුවත්පත් කිහිපයක පලවූ නළුනිළියන් රාශියකගේ පින්තුර වලින් ලෑලි බිත්ති සරසා තිබිණි. පොලිස් පරීක්ෂකයා විසින් කාමරය පරික්ෂා කරන ලද අතර වැදගත් යමක් එහි නැතිබව ඔහුට හැඟිනි. තමන් නැවත දැනුම් දෙනතුරු කාමරය විවුර්ථ නොකරන ලෙස අණ කල ඔහු ආපසු එන්නට පිටත් විය.

පසු දින දහවල වනවිට මරණ පරීක්ෂණ, රස පරීක්ෂණ හා ඇඟිලි සලකුණු වාර්තා තුනම පොලිස් පරීක්ෂක වරයා අතට පත්විය.

"හෙලොව්....... ඩොක්ටර් විජේදාස, ඉන්ස්පෙක්ටර් දිසානායක හියර්............"

"අහ්,ඉන්ස්පෙක්ටර්..... මම හිතුවා ඔබතුමා රිපෝර්ට් එක දැක්කම අනිවාර්යයෙන් මට කතා කරාවි කියලා........"

"ඔව් ඩොක්ටර්, එතකොට ඩොක්ටර් කියන්නේ මේ මිනිහා මැරිලා තියෙන්නේ වෙඩි පාරෙන් නෙවෙයි කියලද?"

"කොහෙත්ම නැහැ, ඉන්ස්පෙක්ටර් කිව්වා නේද වෙඩි තියලා තියෙන්නේ ඊයේ පාන්දර කියලා.......... හැබැයි මිනිහා මැරිලා නම් තියෙන්නේ ඊට පැය හතර පහකට කලින්."

"හෝ හෝ......... ඒකයි එතන එච්චර ලේ තිබුනේ නැත්තේ..... මම හිතුවා හරි. එතකොට මරණෙට හේතුව?"

"ඒක සියයට සීයක් හරියටම කියන්න බැහැ. නමුත් මම සැක කරන්නේ හාර්ට් ඇටැක් එකක් කියලා............ වෙඩි පාරවල් නිසා හාර්ට් එක විනාසවෙලා.......හොයන්න අමාරුයි"

රස පරීක්ෂක හා ඇඟිලි සලකුණු වාර්තාත් පිරික්සූ ඉන්ස්පෙක්ටර් වරයාගේ මුහුණෙහි සිනා රැල්ලක් ඇඳිනි.

"හේරත්, දැක්කද ඇඟිලි සලකුණු වාර්තාව? එකේ විදිහට මැරිච්ච මිනිහගේ ඇඟිලි සලකුණු එක්ක කටුගෙයි ඇතුලේ තියෙන එක ඇඟිලි සලකුණක්වත් ගැලපෙන්නේ නැහැ. ඒ වගේම පිස්තෝලෙත් මිනිහගේ සලකුණු නැහැ"
"මතකද කටුගේ ලොක්කා කිව්වා මේ මිනිහා කටුගේ ඇතුලේ වැඩපල කරනවා කියලා? ඉතින් ඇයි එක සලකුණක්වත් නැත්තේ? තව මතකද අර අල්ලපු මදාවියෝ දෙන්නා කිව්වා පිස්තෝලේ මේ මිනිහට දුන්නේ කලින් දවසක කියලත්, ඉතින් කෝ ඒකෙත් සලකුණු?"

"සර්, ඇඟිලි සලකුණු මැකුවා වෙන්න බැරිද?"

"නැහැ අයිසේ, මම දැන් දන්නවා වෙලා තියන දේ හැම දේම ලස්සනට පිළිවෙලට ගැලපෙනවා........... මූ නම් නියම බඩුවක්. මේ මැරිලා ඉන්නේ සේරම් නෙවෙයි!!!!!!!."

"මොනවා සර්............. සේරම් නෙවෙයි?"

"මිනිහා වගේ උනාට වෙන කෙනෙක්. වහාම හොයලා බලනවා මිනිහගේ සහෝදරයා ගැන. මට හිතෙන්නේ මේ මැරිලා ඉන්නේ සේරම්ගේ සහෝදරයා........."

"මේක වරදින්න විදිහක් නැහැ සිද්ධිය මෙහෙමයි වෙලා තියෙන්නේ......"

"අර මිනිස්සු දෙන්නත් එක්ක එකතුවෙලා සේරම් ප්ලෑන් කරනවා කටුගේ හොරකම කරන්න. හදිස්සියක් උනොත් කියලා කලින් දවසේ පිස්තෝලෙකුත් ඉල්ලගන්නවා.....හරියටම එදා හවස සේරම්ගේ සහෝදරයා එහෙම නැත්නම් මේ මැරුණ මිනිහ එනවා සේරම් හම්බවෙන්න. අර ගෙදර අයිති ගෑනි කිව්වේ කෙනෙක් ආවා කියලා......."

"සේරම් එක්ක ඉද්දි මේ ආව මිනිහා මැරෙනවා මොකක් හරි හේතුවකට.... මට හිතෙන්නේ මෙතන මිනී මැරුමක් සිද්දවෙලා නැහැ. අපි තව හොයලා බලමු. හදිසියේ ආව මිනිහා මරුන නිසා ඔක්කොම වැඩ අවුල් වෙනබව සේරම්ට තේරෙනවා.........හැබැයි මැරුණ මිනිහා තමන්ට සමාන නිසා.... සේරම් ගහනවා අලුත් ප්ලෑන් එකක්."

"මිනිහා කරත්තේ දාගෙන මිනිය අරන් යනවා කටුගෙට, ගිහින් තමන්ගේ ඇඳුම් අන්දලා අගුල් කඩලා හොරකම කරනවා............. හරියටම පාන්දර දෙකට විතර පපුවට වෙඩි දෙකක් තියනවා..... දෙකට අනිත් දෙන්නා එන බව දන්නවා. උන් දෙන්නා මේකට අහුකරන්න හිතලා තමයි එහෙම කරන්නේ. මතකද වෙඩි සද්දෙට පස්සේ මල්ලක් උස්සගෙන මිනිහෙක් එලියට ගියා කියලා යෝගේන්ද්‍ර මුදලාලි කිව්වා...... හැබැයි එලියට ගිහින් හැංගිලා ඉඳල අරුන් දෙන්නා ආවට පස්සේ කාර් එකේ පිස්තොලේ හංගලා පැනලා යනවා."

"එතකොට සර් ඇඟිල්ලට මොකද උනේ?"

"අන්න හරි සේරම්ගේ අතේ මුද්දක් තිබ්බා කිව්වා නේද? මිනිහගේ පිටට පෙනෙන ලකුණු ඔක්කොම සමානයි මැරිච්ච මිනිහත් එක්ක, ඔය මුද්ද තියන ඇඟිල්ල හැර. අනිවාර්යයෙන්ම ඔය මුද්ද දැන් ගලවන්න බැරි විදිහට හිරවෙලා ඇති. ගලවන්න පුළුවන් උනානම් මිනිහ මුද්ද මැරිච්ච මිනිහගේ ඇඟිල්ලට දාලා යනවා.......... ගලවන්න බැරිනිසා මලමිනියේ ඇඟිල්ල කපලා දානවා එතකොට දකින කෙනෙක්ට හිතෙන්නේ මේ සේරම්ම තමයි. මුද්ද ගන්න ඇඟිල්ල කපලා කියලා. අපිත් මුලින්ම හිතුවේ එහෙමනේ "

"මැරිලා ඉන්නේ වෙන කෙනෙක් හින්දයි ඒ මිනිහගේ ඇඟිලි සලකුණු කටුගෙයි නැත්තේ..... ඒ වගේම පිස්තෝලෙත් නැත්තේ. හැබැයි සේරම් අල්ලා ගත්තොත් අපිට බලාගන්න පුළුවන් මිනිහගේ ඇඟිලි සලකුණු කටුගෙයි තියන ඒවාටයි පිස්තෝලේ තියන ඒවාටයි ගැලපෙන හැටි."

දින කිහිපයකට පසු සේරම් හෙවත් කටුගෙයි හිටපු මුරකරු අත් අඩංගුවට පත් වූ අතර. ඔහු කල පාපොච්චාරණය අනුව පොලිස් පරීක්ෂකවරයාගේ අනුමාන කිරීම් සියයට සියයක් නිවැරදි බැව් පෙනිණි. තමන් බැලීමට පැමිණි තම නිවුන් සොහොයුරා තම කාමරය තුලදී කිසියම් හේතුවකට මියගොස් සිටි අතර එය හෘධ්‍යාබාධයක් යයි සිතූ නිසා එය හඳුනාගත නොහැකි වන ලෙස හදවතට වෙඩි දෙකක් තැබූ බව ඔහු පාපොච්චාරණය කලේය.


පින්තුරේ google බාප්පා ගෙන්

Friday, 4 September 2015

හඳ ලකුණු කිරීම




හැමෝම ඉස්කෝලේ කාලේ ගැන ලියන හින්දා බණ්ඩටත් හිතුනා ඒ ගැන ලියන්න. ඉතින් බණ්ඩාගේ පොඩිකාලෙන්ම පටන් ගත්තා..........

එතකොට අපි හතරේ පන්තියේ හිටියේ. අපිට විද්‍යාව උගන්නන්න හිටියේ සිරිසේන කියලා සර් කෙනෙක්. නෑ............................ පොළොන්නරුවේ එක්කෙනා නෙවෙයි.

ඉතින් පොඩි උනාට අපිට මේ සර් ගේ මොකක්දෝ වෙනසක් පෙනුනා........... පොඩි පිස්සු ගතියක් වගේ..... සර්ට උගත් පිස්සුව හැදිලා දැන් හොඳවෙලා කියලා කව්ද නරුමයෙක් කිව්වා. විද්‍යාව විෂයට අපිට පොත් තුනක් අරගන්න නියම කරලා තිබ්බා.

එක පොතක් සාමාන්‍ය වැඩ වලට, අනික හඳ ලකුණු කිරීමට. දැන් කට්ටියට හිතෙනවා ඇති සර් අප්සෙට් තමයි කියලා............ ඔබ නිවැරදියි පින්වතුනි ඔබ නිවැරදියි. ඒ පොතේ අපි හැමදාම රෑට හඳ බලලා හඳ පෙනෙන විදිහ ශත විසිපහේ කාසියකින් රවුමක් ඇඳලා පාට කරගෙන එන්න ඕනේ. හිතපල්ලකෝ අවුරුද්දක් තිස්සේ දිනපතා මේක කලා කිව්වම. සර්රුත් දිනපතා පොත බලලා වැඩේ කරපු නැති උන්ට තැලුවා. බණ්ඩාගේ චුටි මොලේට තවම හිතාගන්න බැහැ මෙතන තිබ්බ විද්‍යාව කියලා..............ඇයි යකෝ අවුරුද්දක්ම කරන්න. දන්නා තරමින් එකෙක් වත් අජටාකාශ ගාමියෝ උනේ නම් නැහැ.

අහ් තුන් වෙනි පොත.............. තව ටිකෙන් අමතක වෙනවා........... ඒකේ නම හොඳ වැඩ පොත. හැමදාම කරපු හොඳ වැඩ ඒකේ ලියන්න ඕනේ නැත්නම් ගුටි. ඒකෙත් විද්‍යාවට තිබුන සම්බන්ධෙ හිතාගන්න බැහැ. ගුටි කෑවොත් වෛද්ය විද්‍යාවේ පිහිට පතන්න වෙන නිසා අපිත් ඔය පොතේ මොන මොනා හරි ලිව්වා............
ඉතින් සමහර වෙලාවට බණ්ඩා ඕකේ ලිව්වේ...... අද මම බල්ලා නෑව්වා, බල්ලාට කන්න දුන්නා, බත් කාලා පිඟාන හේදුවා, තේ බීලා කෝප්පේ හේදුවා.......... වගේ දේවල්. ලියන්නම දෙයක් නැති සමහර දවස් වලට සර් ලඟට පොත අරන් ගිහින් "කලින් කරපු හොඳ වැඩම තමයි සර් ඊයෙත් කලේ" කියලා බණ්ඩා කියනවා. ඒක අහලා මල පැන්නත් බණ්ඩාගේ මූන බැලුවම පෙනෙන්නේ "ඇයි කරපු හොඳ වැඩ ආයෙත් කරන්න බැරිද" වගේ එකක් හින්දා බණ්ඩා ගුටි නොකා බේරෙනවා.............. ඇයි යකෝ අවුරුද්දක් පුරා ලියන්න ඔච්චර හොඳ වැඩ කොහෙද තියෙන්නේ.............

බණ්ඩාගේ ඉස්කෝලේ ගේට්ටුව ගාව ඉඳල ඔෆිස් එකට මීටර් දෙසීයක් විතර තිබ්බා......... ඔව් මහා විශාල ඉස්කෝලයක් තමයි. සමහරු ඉස්කෝලේ ආවේ බයිසිකල් වල හැබැයි ගේට්ටුවෙන් ඇතුළුවෙනකොට බයිසිකලෙන් බැහැලා එතන ඉඳලා තල්ලුකරන් යන්න ඕනේ. ඇතුලේ පැදගෙන යාම තහනම්. හැබැයි ගුරුවරුන්ට ඔය නීතිය නැහැ. එයාලා ඔෆිස් එක ගාවටම බයිසිකලේ පැදගෙන යනවා. අපේ සිරිසේන සර් ටත් තිබ්බා බයිසිකලයක්. බයිසිකලේ පිටිපස්සේ හයි කරපු යකඩ දැල් පෙට්ටියක තමයි සර් ගේ බෑග් එක දාගෙන ආවේ. ඉතින් ගොඩක් දවසට ගේට්ටුව ගාව ඉඳලා ඔෆිස් එක ලඟට යනකොට නරුම කොල්ලෝ කරන්නේ වටේ තියන පොල් ඇට්ටි, ටින් බෙලෙක්ක, කඩදාසි, පත්තර කෑලි ඔක්කොම පුරවන එක සර් ගේ පෙට්ටියට. අන්තිමට බැරිමතැන පෙට්ටිය ඉස්සරහින් හයි කරගත්තා.............

හැබැයි සර්ට අප්සෙට් ගතියක් තිබ්බට අපිට හොඳට ඉගැන්නුවා........ගුටි දිදී උනත්.


ජායාරුපය google බාප්පාගෙනි

Wednesday, 2 September 2015

මිනී මරනවෝ.....






මේක ටිකක් කක්කි කතාවක්. උගත් ප්‍රභුද්ධ ප්‍රේක්ෂක ජනතාව මට කමා කරන සේක්වා..........................

බණ්ඩා මේක කලින් ලිව්වා අන්තිම පේලියේ..... (thelastrow) ඒ මගුලට මොනවා උනාද මන්දා site එක ඩවුන්. ඉතින් අපි ලියපුවා එහෙම නැති බංගස්තාන වෙන්න දෙන්න බැරි හින්දා අලුත් පරම්පරාව වෙනුවෙන් මේවා ආරක්ෂා කොරන්න ඕනේ හින්දා අයෙත් ලියන්න හිතුවා. 

මෙන්න මේකයි කතාව..................

ඔන්න එකෝමත් එක රටක ලංකාවේ බොහොම ලැජ්ජා බයට හැදුන ගමේ කෙල්ලෙක් හිටියලු. අපි ඒකිට සිරිමලී කියමු. මුළු පවුලටම හිටියේ සිරිමලීයි අම්මයි අප්පයි විතරයි. ඉතින් කාටත් නොදැනීම කාලේ ගතවෙලා සිරිමලී කෙල්ලත් දීග දෙන කළ වයසත් ආවලු.

ඉස්සර දැන් වගේ නෙවෙයි කෙල්ල ගෙටවෙලා අවුරුද්දෙන් දෙකෙන් කව්රුහරි හොඳ ගොබිලෙක් හොයල බන්දලා දෙනවලු. ඉතින් ගමරාලත් හොඳ ඉලන්දාරියෙක් හොයලා මඟුල සූජානම් කලාලු. ගමරාලටත් වෙන කව්රුත් නැති හින්දා බින්න බස්සගන්නම පුළුවන් එකෙක් ලු හොයා ගත්තේ.

අර කලින් කිව්වනේ කෙල්ල කිසිම සමාජ ආස්සරයක් නැතිව ලජ්ජා බයට හැදුනා කියලා....... ඉතින් කෙල්ලට හරී බයයි ලු කසාද බඳින්නයි වෙන මිනිහෙක් එක්ක ඉන්නයි...... ඉතින් ගම හාමිනේගේ වැඩේම මගුලට දවස් කීපයක් තියලා කෙල්ලට අරවා මේවා කියලා දෙන එකලු........ ඔව්.... ඔව්  අරක කොරන හැටිත් කියලා දුන්නා තමයි...........ඉතින් ගම හමිනෙත් උදාහරනෙට එක එක දේවල් අරන් ඒක කියලා දෙනවලු. ඕන් ඉන්ටනෙට්, පේස් බුක් නැතිකමේ අඩුව නේද?

ඉතින් අම්මගේ උදාහරනෙට ගත්ත දේවල් දැකල (ඕන එකක් හිතා ගනිල්ලා) කෙල්ලට තවත් බයයි ලූ. 

"අනේ මගේ අම්මා රිදෙයි නේ........... මට"  කෙල්ල කියනවලු.

ඕක මේ ලෝකේ උඹ විතරක් කොරන්න යන දෙයක් නෙවෙයි ය. ඕකට බය වෙන්න දෙයක් නැති ය කියලා ගම හාමිනේ කෙල්ල සනසනවා.

කොහොමින් කොහොම හරි මඟුල් දවසත් ආවා.......... මඟුලේ කටයුතු හොඳින් කෙරුණා. නෑදෑයෝ එකා දෙන්නා පිටවෙලා ගියා...... අර ගොබිලා එක්ක කාමරේට ගියාම මොනවා වේවිද කියලා හිතපු සිරිමලී බයේ ගැහෙනවා. මේක දැකපු ගමරාලයි ගම හාමිනෙයි කෙල්ලව පැත්තකට අරන් සනසනවා.

ඔය අතරේ ගම හාමිනේට අපූරු නුවණක් පහල උනා. ඉතින් ගමහාමිනේ කෙල්ලට මෙහෙම කිව්වා.

"කෙල්ලේ උඹ බයවෙන්න එපා........ මමයි අප්පුච්චයි අල්ලපු කාමරේ ඉන්නවා..... මොනවා හරි අමාරුවක් කරදරයක් උනොත් උඹ මිනීමරනවෝ කියලා කෑ ගහපන් එතකොට අපි දුවලා එන්නම්" කියලා.....

කරදරයක් උනොත් අම්මලා ඉන්නවනේ කියලා කෙල්ලත් බයෙන් උනත් හා කීවා.......

ඔන්න ඉතින් රෑ බෝ වෙලා අලුත් ජෝඩුව පැණි හඳ කොරන්න කියලා කාමරේට වැදුනලු. ගමරාලයි ගමහාමිනෙයි අනිත් කාමරේ ට රිංගා ගත්තලු.

අලුත් බෑනත් ඉතින් වැඩ අල්ලන්න ලෑස්ති උනාලු. වැඩේ පටන් ගත්ත ගමන් කෙල්ල කෑ ගැහුවලු "මෙන්න මිනීමරනවෝ............" කියලා.

ගමහාමිනේ කෙල්ල බේරගන්න යන්න හැදුවත් ගමරාල තව පොඩ්ඩක් බලමු කියල නවත්ත ගත්තලු.

අම්මලා එන්නෙත් නෑ.............. අලුත් බෑනා වැඩේ නවත්තන්නෙත් නෑ............ වැඩේ නැගලා යනවලු.... කෙල්ල කෑ ගහනවලු මෙහෙම.

මිනීමරනවෝ..........මිනීමරනවෝ..........මිනීමරනවෝ......මරනවෝ......මරනවෝ......මරනවෝ......මරපිය, මරපිය, මරපිය, මරපිය, මරපිය යකෝ.....................කියලා..........  

(පින්තූරේ google බාප්පා ගෙන්)  

Sunday, 30 August 2015

ලන්ඩන් අන්ඩග්‍රවුන්ඩ් (The Tube)




ලන්ඩන් අන්ඩග්‍රවුන්ඩ් (London Underground) එහෙම නැත්නම් ටියුබ් (Tube) කියලා කියන්නේ ලන්ඩන් නගරය පුරා පොලොව යටින් දිවෙන දුම්රිය සේවයයි මේ ඒ පිලිබඳ විස්තර ටිකක්. මෙහි ඉතිහාසය ඇරඹෙන්නේ 1830 තරම් ඈත කලකදී. පොළව යටින් දිවෙන දුම්රිය සේවයක් පිලිබඳ යෝජනාව පලවන්නේ එම වසරේදී. නමුත් එම යෝජනාව අනුමත වී නව දුම්රිය මග ඇරඹෙන්නේ 1863 වසරේ. එය ලොව ප්‍රථම භූගත දුම්රිය මග ලෙස මෙය සැලකෙනවා.
දුම්රිය නැවතුම් 270 ක් සහ කි. මි. 402 පමණ දිගු දුම්රිය මගක් මෙයට අයත් වෙනවා. 19,000 කට අධික සේවක පිරිසක් සේවය කරන අතර විදුලි තරප්පු (escalators) 400 කට අධික ප්‍රමාණයක් පවතිනවා. ලොව වටා දෙවරක් ගමන් කලොත් ඔබ ගෙවා දමන කිලෝමීටර ප්‍රමාණය හා සම ප්‍රමාණයක් එම විදුලි තරප්පු දිනකදී ගමන් කරන බවයි සැලකෙන්නේ.

විවිධ දිශාවට දිවෙන දුම්රිය මාර්ග 16 කින් සමස්ත දුම්රිය පද්ධතිය සමන්විත වන අතර ඒවා වෙන්කර හඳුනා ගැනීමට එකිනෙකට වෙනස් වර්ණ 16 ක් යොදාගෙන තිබෙනවා (පහත සිතියම බලන්න)

Tube Map

සමහර දුම්රිය ස්ථාන වල දුම්රිය වේදිකා විශාල ගණනක් තිබෙනවා. වැඩිම වේදිකා ගණනක් තිබෙන්නේ ප්‍රසිද්ධ බේකර් ස්ට්‍රීට් (Baker street) දුම්රිය නැවතුමේ එය ගණනින් 10ක්.
ඔබ ගමන් ගන්නා දිසාව අනුව නැගෙනහිර අන්තය(Eeastbound) හා බටහිර අන්තය (Westbound) හෝ උතුරු අන්තය(Northbound) හා දකුණු අන්තය(Southbound)  ලෙස එක් එක් වේදිකා නැවතත් දෙකකට බෙදෙනවා.


Tube සිතියම ප්‍රවේශමෙන් අධ්‍යයනය කිරීමෙන් ඔබ ගමන් කලයුතු අන්තය තෝරාගැනීම එතරම් අපහසුවක් නොවන බව පැහැදිලිවන්නේ එම පද්ධතිය පිලිබඳ කිසිම පෙර දැනුමක් නැති සංචාරකයන් අති විශාල පිරිසක් දිනපතා කිසිදු අපහසුවකින් තොරව දුම්රිය භාවිතා කරන හෙයිනි. කුඩා ප්‍රමාණයේ Tube සිතියම් සෑම දුම්රිය ස්ථානයකම තබා ඇති අතර ස්මාර්ට් දුරකථන සඳහා භාගත කරගත හැකි සිතියමක් ද ඇත.

19 වන සියවසේ මුල් භාගයේ හැරී බෙක් (Harry Beck) නැමැත්තෙකු විසින් ආරම්භක නිර්මාණය කලා යයි සැලකෙන tube සිතියම විවිධ වෙනස්කම් සිදුවී අදටත් භාවිතා වෙනවා. ඔහුගේ මහන්සිය සඳහා ඔහුට ගෙවන ලද මුදල ගිනි 10 ක් හෙවත් බ්‍රිතාන්‍ය පවුම් ශතයටත් අඩු ප්‍රමාණයක් බව කියවෙනවා.

ලන්ඩන් අන්ඩග්‍රවුන්ඩ් (London Underground) ලෙස හැඳින්වූවත් සමස්ත දුම්රිය පද්ධතියෙන් සියයට 45 ක් පමණක් පොලොව යටින් දිවෙනවා. දුම් පානය තහනම් අතර කි.මි. 40 ක පමණ දුරක් ගමන් කරනවා යනු දුම්වැටි දෙකක් පානය කල හා සම වෙන බව ලන්ඩන් වැසියන් පවසනවා. ඔවුන් එසේ කියන්නේ උමං තුල අති විශාල ලෙස ඇති සියුම් දුහුවිලි නිසයි. සාමාන්‍ය ආශ්වාසයට නොදැනුනත් දුහුවිලි අංශු විශාල ප්‍රමාණයක් උමන් මඟ තුල වාතයේ පවතින බව පර්යේෂකයන සොයාගෙන තිබෙනවා.

මතු පිටට වඩා අංශක 10 ක් උමන් මඟ තුල උෂ්ණත්වය වැඩි අතර ලන්ඩනයේ ඇති ශීත දේශගුණය නිසා එතරම් අපහසුවක් දැනෙන්නේ නැහැ. එනමුත් උණුසුම් කාල වලදී ඔබ ගමන් කළහොත් තරමක අපහසුවක් දැනේවි.



වඩාත්ම කාර්යබහුල දුම්රිය ස්ථානය ලෙස දැනට වාර්තා වී ඇත්තේ සාප්පු සවාරි සඳහා ප්‍රසිද්ධ ඔක්ස්ෆර්ඩ් වීදිය (Oxford street) අසල ඇති ඔක්ස්ෆර්ඩ් සර්කස් (Oxford circus) නවතුමයි. පසුගිය වසරේ මිලියන 98 ක ජනතාවක් එම නැවතුම භාවිතා කර ඇති බව සැලකෙනවා. උදෑසන කාර්යාල වෙලාවේදී පමණක් වොර්ටලූ (Waterloo) දුම්රිය ස්ථානයට 50,000 ක පමණ පිරිසක් ඇතුල් වෙනබව කියනවා. මෙම සේවය කෙතරම් කාර්ය බහුල හා කාර්යක්ෂමද කිවහොත් බිලියන 1.265 ක පිරිසක් 20013/14 වසරවල මුළු දුම්රිය පද්ධතිය භාවිතා කොට තිබීමෙන් පැහැදිලි වෙනවා.



දුම්රිය භාවිතා කරන්නන්ට ගෙවීම් කිරීමට ඉතා දියුණු පෙරගෙවුම් පත් (Oyster card) හා ස්පර්ශ කිරීමෙන් මුදල් කපා ගන්නා බැංකු කාර්ඩ් පත් (contactless smart cards)ක්‍රමයක් භාවිතා වෙන අතර ඔබ පිටවෙන නැවතුම අනුව ගාස්තුව තීරණය වෙනවා.

දුම්රිය සිතියම කලාප(Zone) කිහිපයකට බෙදා ඇති අතර කලාප තුල හා අතර වෙනස් ගාස්තු අය කෙරෙනවා. උදාහරණයක් ලෙස ඔබ කිසියම් දුම්රිය ස්ථානයකින් ඇතුල්වීමේ දී කාඩ්පත ස්පර්ශ කිරීමෙන් විවෘත වෙන කුඩා දොරටුවක් තිබෙනවා. අවශ්‍ය අවම මුදල ඔබේ කාර්ඩ් පතේ ඇත්නම් පමණක් දොරටුව විවෘත වෙනවා. ඉන්පසු ඔබ පිටවෙන දුම්රිය ස්ථානයේද එවැනිම ස්පර්ශ කිරීමකින් විවෘත වන දොරටුවකින් ඔබට පිටතට පැමිණිය හැක.

පිටවන ස්ථානයේදී ගාස්තු අයකිරීම සිදුවන්නේ ඔබ දැන් සිටිනා කලාපය දුම්රිය මඟට ඇතුලුවූ කලාපය හා සංසන්දනය කිරීමෙන්. එකිනෙකට සම්බන්ධ නිසා කිසිදු මුදල් ගෙවීමකින් තොරව මුළු දුම්රිය පද්ධතිය පුරා ඔබට ගමන් කල හැකි අතර ගාස්තු අය වන්නේ පිටවීමේදී පමණයි. මුළු දුම්රිය පද්ධතිය පුරා ඇවිද ඇතුල්වූ දුම්රිය ස්ථානයෙන් හෝ ඔබ ඇතුල්වූ කලාපයෙන් ම පිට උවහොත් ඔබෙන් අයවන්නේ අවම ගාස්තුවයි.


ඉතා දියුණු ආරක්ෂක සේවයක් ලන්ඩන් අන්ඩග්‍රවුන්ඩ් (London Underground) තුල ක්‍රියාත්මක වන අතර දහස් ගණනක ආරක්ෂක කැමරා ඔස්සේ පැය 24 පුරා ආවරණය කෙරෙනවා. මෙය ලොව තෙවැනි විශාලම භූගත දුම්රිය පද්ධතිය වන අතර එය බීජින් සබ්වේ(Beijing subway) හා ශැන්ග්හයි මෙට්‍රෝ (shanghai metro) සේවයන්ට පමණක් පසුපසින් සිටිනවා. ලන්ඩනයේ පැවති 2012 ඔලිම්පික් තරඟාවලිය ලන්ඩන් නගරය තුල විවිධ ක්‍රීඩාන්ගන 9 ක් තුල පැවති  අතර ප්‍රධාන තරඟ ක්‍රීඩාන්ගන අතර මාරුවන විට මිනිතු 20ක් තුල ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාන්ගන අතර හුවමාරු කිරීමේ අභියෝගය සාර්ථකව ඉටු කිරීමට ලන්ඩන් අන්ඩග්‍රවුන්ඩ් අති විශාල මෙහෙයක් ඉටු කරනු ලැබුවා.

උණුසුම් තත්වය පාලනයට අධික පිරිවැයක් දැරීමට සිදුවනු ඇති නිසා ශ්‍රී ලංකාව වැනි රටකට මෙවන් භූගත දුම්රිය පද්ධතියක් උචිත නොවනු ඇති නමුත් කාර්යක්ෂම හා මනාව පැතිරිනු භුමිය මත දිවෙන දුම්රිය පද්ධතියක් අප රටේ ආර්ථිකයට මහත් දායකත්වයක් දෙනු ඇත.



Friday, 28 August 2015

වැරදුණු දඩයම.........



බැස්ටියන් පාරේ ධර්මපාල මහත්තයා මැරිලා...............
පළාතේම හිටිය ධනපතියාගේ අකල් මරණය ගැන පුවත ප්‍රදේශය පුරාම පැතිරුණේ ලැව් ගින්නක් ලෙසිනි. හිත හොඳ මිනිසෙක් ලෙස ප්‍රසිද්ධ බැස්ටියන් ධර්මපාල මහතා පළාතේ නමගිය පොහොසතෙකි. මව්පිය උරුමයෙන් ලැබුණු අති විශාල ධනස්කන්ධයත් ඒවා විවිධ අයුරින් ආයෝජනය කිරීමෙන් දෙගුණ තෙගුණ කරගත් මහා ධනයක් ඔහුට ඇති බවත් නොරහසකි.

එය 1973 වසරේ අග බාගයේ දිනකි.

ට්‍රීන්.. ට්‍රීන්.. ට්‍රීන්.. ට්‍රීන්.. "ගූඩ් ආෆ්ටනූන් කුරුඳුවත්ත පොලිස් ස්ටේෂන්, ඉන්ස්පෙක්ටර් දිසානායක හියර්"...............

"ඉන්ස්පෙක්ටර්, මම බැස්ටියන් පාරේ නොම්මර 18 ගෙදරින් කතා කරන්නේ...... අපේ ගෙදරට ගෙවල් පහකට එහා තියන නොම්මර 23 ගෙදර ඉන්න මිස්ටර් ධර්මපාල ගෙදර මැරිලා ඉන්නවා කියල එයාගේ වැඩකාරයා ඇවිත් කිව්වා............ ඔබතුමාත් දන්නවා ඇතිනේ මිස්ටර් ධර්මපාල ගැන. කරුණාකරලා කාවහරි එවන්න පුලුවන්ද?"

සාජන් ඉක්මනට ජීප් එක ලෑස්ති කරනවා......... අපිට බැස්ටියන් රෝඩ් එකට යන්න තියනවා................

අති විශාල නිවසේ ඇතුල් කාමරයක ධර්මපාල මහතා අවසන් හුස්ම හෙලා ඇති බව එහි ගිය ඉන්ස්පෙක්ටර් දිසානායකට මෙහෙකරු විසින් දන්වන ලදී. හැඩි දැඩි නිරෝගී මිනිසෙක් වූ ධර්මපාල මහතා බිම වකුටුවී අවසන් හුස්ම හෙලා ඇති අයුරු දැකී මෙන් දිසානායකට තම සිත තුල එකවරම මහත් කනගාටුවකුත් පසුව සියුම් සතුටකුත් ඇතිවී නැතිවී ගිය බව දැනුනි. දුකනම් මසකට දෙතුන් වතාවක් තම පොලිස් වසමේ දකින මෙවන් මරණ ගැන ඇති වූ දුකකි, සතුටනම් කිසියම් අභිරහසක් මෙම මරණය පසුපස ඇතැයි ඔහුගේ සියුම් මොලයට අපරාධ ස්ථානය දුටු සැනින් හැඟුණ නිසාවෙනි.

"සාජන් කිසිම කෙනෙක්ට වත්තේ සීමාවෙන් ඇතුලට එන්න දෙන්න එපා.......... හැමෝම එලියට යවන්න"

තම උසස් නිලධාරියාගේ උද්යෝගමත් අණින්, කලකට පසු බරපතල වැඩක් ලැබී ඇති බව හෝ ලැබෙන්නට යන බව සාජන් හේරත් ට හොඳින් වැටහුණි.
දිවයින පුරා බොහෝ පොලිස් ස්ථානවල දිසානායක මහතා සමග විවිධ අපරාධ පරීක්ෂණ වල නිරත වූ සාජන් හේරත්, තමා ඔහුට හමුවූ හොඳම සහයකයා බව අසන්නට ලැබෙන හැම වාරයකම තම හිත මහත් අභිමානයෙන් පිරී යන බව දනී. පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහලින් එන ඉල්ලීම් අනුව රට පුරා විවිධ අපරාධ විසඳමින් තැනින් තැන ඔහු සමග යෑම මහත් කරදරයක් උනත් සාජන් හේරත් දැන් එයට කැමතිය. ඉඳහිට පුවත් පතක තම උසස් නිලධාරියා සමග ජායාරූපයක් පළවනු දකින තරම් දෙයක් ඔහුට තවත් නැත.

"හේරත්, මේ බලනවා මේ සේප්පුව..... මේ වගේ සේප්පු ලංකාවටම ඇත්තේ බොහොම ටිකයි...... මුරුගන් එකෙන් තමයි ගෙන්නන්නේ බොහොම ආරක්ෂිත සේප්පුවක් Chubb Locks කියලා වර්ගයක්, මොන පුතෙකුටවත් අරින්න බැහැ නොම්මර ටික දන්නේ නැතිව. හැබැයි මෙතන නොම්මර දන්නා මිනිහා මැරිලා ගිහින් මේක ඇතුලේ මොනවා තිබ්බද, මොනවා තියනවද කියල දෙය්යෝ තමයි දන්නේ......"

දැන් වෙලාව දවල් 1.35 යි , මිනිය කලුවෙලා කිසිම රස්නයක් නැති නිසා පැය 12ක් වත් කලින් තමයි මැරිලා තියෙන්නේ..... ඒ කියන්නේ ඊයේ රෑ........ බලමු මරණ පරික්ෂනෙන් අපිට දැනගන්න පුළුවන් කීයටද මේක උනේ කියලා.........

තම සාක්කුවෙන් නෝට් පොතක් ඇදගත් දිසානායක මළ සිරුර සීරුවෙන් පරික්ෂා කරන්නට විය. රාත්‍රී නිදන ඇඳුමෙන් සිටි ධර්මපාල මහතා මිය යාමට මොහොතකට පෙර කන්නාඩි මේසය හෝ සේප්පුව අසල කිසියම් දෙයක් කරමින් සිට ඇති බවත් අනතුරුව මිනිත්තු කිහිපයක් ඇතුලත ඔහු මියගොස් ඇති බවත්, ඒවා ඉදිරිපිට ඔහු වැටී සිටින අයුරිනුත් පසෙක විසිවී ඇති උපැස් යුවලෙනුත් ඔහුට පැහැදිළි විය. බිම වැටී තිබූ උපැස් යුවලත් මේසය මත තිබූ තවත් සමහර උපකරන කිහිපයකුත් ආරක්ෂිතව බෑගයක දමාගන්නා ලෙස සාජන් හේරත්ට ඔහුගෙන් අණ ලැබිණි.
කාමරය තුල සේප්පුව හා කන්නාඩි මේසය ඇති ආකාරයත් අවට ඇති අනෙක් ගෘහභාණ්ඩ පවතින ආකාරයත් දල සටහන් තබාගත් දිසානායක, නිදන ඇඳ දැකීමන් ධර්මපාල මහතා පෙර දින එහි නිදා නොගත් බවත් ඒ අනුව මරණය සිදුවූයේ අනිවාර්යයෙන්ම පෙර දින බවත් සිත තබාගත්තේය.

"හේරත්.... මේ ගෙදර තව ඉන්නේ වැඩකාරයෙක් විතරයි කීවා නේද? එන්න කියනවා ඒ මිනිහට අපි පොඩ්ඩක් කතා කරලා බලන්න."

"ඔව් සර්, සුමනදාස කියලා වයසක මනුස්සයෙක්........., දැන් අවුරුදු විස්සක් තිහක් විතර ඉඳලා ධර්මපාල මහත්තයා ගාව වැඩලු. වත්තේම කොනක තියන ගෙදර තමයිලු  මිනිහයි පවුලයි ජීවත් වෙන්නේ....." ඉන්න මම කතා කරන්නම්..........

තමා පරික්ෂා කටයුතු වල යෙදී සිටින විට ඉතා වටිනා බාහිර කරුණු ඒ අතරතුර හොයා දැනගන්නා හේරත් ගේ මේ ගතියට දිසානායක ඉතා කැමතිය. එය තම පරීක්ෂණ වැඩ වලට මහත් රුකුලක් බව ඔහු හොඳින් දනී.

තම කර ඇති තුවා කොනකින් කඳුළු පිසිමින් තමා ඉදිරියේ හිටගත් තරමක් තලතුනා එහෙත් හැඩිදැඩි මිනිසා දෙස තියුණු බැල්මක් හෙලු දිසානායක ප්‍රශ්න කිරීම ආරම්භ කළේය.

"සුමනදාස කිව්වා නේද නම?" හොඳයි කීයට විතරද ධර්මපාල මහත්තය මැරිලා ඉන්නවා කියලා දැනගත්තේ......

"මම උදේ හය වෙද්දී බංගලාවට එනවා මහත්තයෝ.... ඇවිල්ලා ඔක්කොම දොර ජනෙල් ඇරලා මුළු ගෙදරම අතුපතු ගාලා සුද්ද පවිත්‍ර කරනවා අපේ මහත්තයට දූවිලි පොදක් තියනවා දැක්කොත් කේන්ති යනවා ඉතින් පුරුද්දක් හැටියට හැමදාම ගෙදරම සුද්ද කරනවා"........

අපේ පවුල එනවා හරියටම උදේ හත වෙද්දී ඇවිල්ලා ඉවුම්පිහුම් වැඩ කරනවා...... උදේ නාමය වැඩිම උනොත් දහය වෙද්දී මහත්තයා නැගිටිනවා.... මහත්තයා නැගිට්ටට පස්සේ තමයි ඒ කාමරේ සුද්ද කරන්නේ. ඒ වෙනකොට මම මහත්තයාගේ කාමරේ ඇර මුළු ගෙදරයි වටපිටාවයි සුද්ද බුද්ද කරලා ඉවරයි. අද දහය වෙනකලුත් මහත්තයාගේ සද්දයක් නැති හින්ද මම ගිහින් බැලුවා..........

තට්ටු කරලා සද්දයක් නැති හින්දා දොර අරගෙන ගිහින් බැලුවමයි අපේ මහත්තයා වැටිලා ඉන්නවා දැක්කේ...........

"ඊට පස්සේ කාටද කතා කලේ? කව්ද මේ කාමරේට ආවේ? සුමනදාසට මතක දේවල් ඔක්කොම කියන්න ඕනෑ.............."

මම දුවලා ගිහින් මහත්තයව නැගිට්ටවන්න බැලුවා.......... අනේ එතකොටත් ඇඟ හීතල වෙලා දරදඬු වෙලා තියනවා දැක්කම මට හිතුනා අපේ මහත්තයා ඉවරයි කියලා............. අනේ දෙය්යනේ අපේ මහත්තයා............

වසර තිස් පහකට පෙර සිට ධර්මපාල මහතා ළඟ වැඩ කරන සුමනදාසට සේවකයෙකුට වඩා සොහොයුරෙක්, මිතුරෙක් මෙන් තමාටත් තම පවුලටත් සැලකූ බව සිහිවීමෙන් නැවතත් අඩෙන්නට විය. තමන්ට විවාහයක් කර දී ගෙවල් දොරවල් හදා දී සැලකූ හැටි ඔහුට සිහිවිය.

"මම මුලින්ම අපේ ගෙදරට දුවලා ගිහින් පවුලට මේ ගැන කියලා..... ගෙවල් පහකට එහා ඉන්නවා පෙරේරා මහත්තයා............ අපේ මහත්තයාගේ යාලුවෙක් ඒ මහත්තයට කිව්වා වෙලා තියන දේ.... "

"දැන් තමුසේ කිව්වා නේද පවුල උදේ හතට මෙහෙට ආවා කියලා"................

"ඔව් මහත්තයෝ ඒ ගෑනි හත විතර වෙද්දී ඇවිත් අට අටහමාර වෙද්දී උදේට දවල්ට දෙකටම උයලා පිහලා තියල ගෙදර යනවා"

"හොඳයි..... එතකොට මහත්තයාගේ කොන්ඩේ කපන්න ආපු මනුස්සයා ආවේ ඊයේ කීයට විතරද?"

ඉන්ස්පෙක්ටර් වරයාගේ මේ ප්‍රශ්නයෙන් පුදුමයට පත් සුමනදසගේ ඇස් උඩ යනු සාජන් හේරත් ට දක්නට ලැබුණි. සුමනදසට පමණක් නොව හේරත් ටද මෙය කුතුහලය දෙන ප්‍රශ්නයකි. මළ මිනිය දැකීමෙන් ඔහු දිනකට හෝ දෙකකට පෙර කොණ්ඩය කපා ඇති බව සාජන් හේරත් ට උනත් කිව හැකිය, එහෙත් ඊයේ කෙනෙක් තම නිවසට ගෙන්වාගෙන කොණ්ඩය කප්පවා ගත්බව මොහු දන්නේ කෙසේද?

"ඊයේ හැන්දෑවේ හයට විතර තමයි හන්දියේ බාබර් ඇවිත් කොන්ඩේ කපලා ගියේ මහත්තයෝ"

මේ අතර මෘත දේහය මරණ පරීක්ෂණයට ගෙනයාමට පිරිස පැමිණිය අතර ඔවුන්ට එම කටයුතු කරගෙන යාමට ඉඩදී තවත් කිහිප දෙනෙක්ගෙන් ශාක්ෂි අසා ගැනීමට දිසානායක ඒ අතර කටයුතු කලේය. ධර්මපාලගේ මිතුරු පෙරේරා සහ සුමනදාසගේ බිරියගෙන් ලත් තොරතුරු වලින් ගත හැකි විශේෂ දෙයක් නැති බව දිසානායකට වැටහිණි.
නිවස තුලට තමන් දැනුම් දෙනතුරු කිසිවෙකුට යාමට ඒමට නොදෙන ලෙස සුමනදසට අණකළ ඉන්ස්පෙක්ටර් වරයා........... සාජන් හේරත්ට සන් කලේ ආපසු පොලිස් ස්ථානයට යාමට සුදනම් වන ලෙසයි.

බලවත් කල්පනාවක නියැලෙමින් ආපසු ගමන් කරන ඉන්ස්පෙක්ටර් දිසානායකගේ නිහඬ බව බිඳිමින් හේරත් හඬ අවධි කළේය.

"සර්...... කොහොමද සර් අර කොන්ඩේ කපන මිනිහෙක් කලින්දා ආවා කියලා කිව්වේ මහා පුදුමයක් නේ ඒක........ අර මිනිහා විතරක් නෙවෙයි මමත් උඩ ගියා ඒක අහලා "............. "ඇත්තටම කොහොමද එහෙම කිව්වේ.........."

"හේරත් දැක්කද ගෙදර ඇතුල තිබුන විදිහ? ගෙට ඇතුල් වෙද්දීම මට තේරුණා මුළු ගෙදරම හොඳට අතු පතු ගාලා තියන බව. මම පුටු මේස අල්මාරි කිහිපයක් අත ගාලා බැලුවා දූවිලි පොදක් නැහැ. හැබැයි මරණේ උන කාමරේ ඇතුලේ දැක්කද දූවිලිනම් නැහැ, හැබැයි කන්නාඩි මේසේ පුරාමයි බිමයි හැම තැනම සුදු කෙස් කොට. ලොකු ඒවා අරන් දාල........ හැබැයි පොඩි කෙස් කොට කාමරේ පුරාම. කොහොමද එහෙම වෙන්නේ........... එක්කෝ කොන්ඩේ කපලා තියෙන්නේ දවසේ සුද්ද බුද්ද කරන වේලාවෙන් පස්සේ නැත්නම් වැඩකාරයෝ ගෙදර නැති වෙලාවක. ඉතින් අර මිනිහා හැමදාම උදේට ගෙදර සුද්ද කරනවානම් ඊයේ හවස් වරුවේ කොන්ඩේ කපන්න ඇති කියලා මම අනුමාන කලා............."

"දැන් පොලිසියට යමු, තව පැය තුන හතරකින් මරණෙට හේතුව දැනගන්න පුළුවන්, අපි බලමු මොකෝ වෙලා තියෙන්නේ කියලා......"

"ඩොක්ටර් විජේදාස නේද වැඩේ කරන්නේ? අපි ටෙලිපෝන් කෝල් එක දීලා බලමු"

ස්වභාවික මරණයක පෙනුම ඇතත්, නිවසේ වටිනා දේ කිසිවක් නැතිවී නැති බැව් පෙනුනත් ඉන්ස්පෙක්ටර් වරයාට කුහුල දනවන කාරණා කිහිපයක් තිබිණි.

"හාට් ඇටැක් එකක්.........හැබැයි කිඩ්නි දෙකමත් ෆේල් වෙලා තියන නිසා මට තව පොඩි වෙලාවක් දෙන්න....... හරියටම රිපෝර්ට් එක තව පැය දෙකකින් දෙන්නම් ඉන්ස්පෙක්ටර්"

"හේරත්......... අයිසේ සාජන් හේරත්.......... කෝ මේ මනුස්සයා............ අහ් සාජන් අපි අයෙමත් යන්න ඕනේ ධර්මපාල මහත්තයලාගේ ගෙදර මට තව ටිකක් සුමනදාස එක්ක කතා කරන්න ඕනේ "

අක්කර තුන හතරක් පමණ විශාල වත්තක් මැද පිහිටා ඇති එම නිවස වටා ඇවිදිමින් දිසානායක පරික්ෂාවේ යෙදෙන්නට වුයේ ඉඩම කොනේ පිහිටි සුමනදාසගේ නිවසට ගොස් ඔහු කැඳවාගෙන එන ලෙස සාජන් හේරත් ට අණ කිරීමෙන් පසුවය. ධර්මපාල මහතාගේ කාමරයට ඈඳුණු නාන කාමරයේ ලුවරයේ වීදුරුව බිඳී ඇති බව ඔහුට දක්නට ලැබුනේ ඔහු අසලට සුමනදාස එනවාත් සමගය.

"සුමනදාස මේ වීදුරුව කවදද බිඳුනේ"

"අහ් සර් කලින් නම් බිඳිලා තිබ්බේ නෑ......මමත් ඕක දැක්කේ නම් දැන්, කලින් කැඩුනා නම් මහත්තයා හදන්න කියනවා"

හොඳයි දැන් මට කියනවා පහුගිය දවස් කීපයේ මෙහෙ ආව ගිය කට්ටියගේ විස්තර, දිසානායක මෙසේ විමසූවේ ඉස්තෝප්පුවට ගොඩවෙමිනි.

"පුංචි නෝනා එංගලන්තේ ගියාට පස්සේ මෙහෙට කව්රුත් එනවා හරි අඩුයි මහත්තයා........ අපේ මහත්තයාගේ නෑයෙක් වත් ආවේ කලාතුරකින්. හැබැයි මාසේ අන්තිම දවස් පහේ මහත්තයාගේ වතුපිටි බලාගන්න ලියන මහත්තුරු මෙහෙ එනවා උන්නැහේලට අපේ මහත්තයා එන්න කියලා තියෙන්නේ මාසේ අන්තිම දවස් පහේ ඉතින් එක එක්කෙනා එනවා.........."

"ඒ මිනිස්සු සල්ලි ආදායම් අරන් එනවද?"

"සමහරු සල්ලි අරන් එනවා... සමහරු සල්ලි බැංකුවට දාලා ආදායම් වියදම් කතා කරන්න එනවා..... ඊයේ තිස් වෙනිදනේ.... ඒ හින්දා පහුගිය දවස් ටිකේම ගොඩ දෙනෙක් ආවා ගියා.... ඊයෙත් දෙතුන් දෙනෙක් ආවා මගේ හිතේ.........."

"අර මහ සේප්පුවේ මොනවද තියෙන්නේ? සුමානදාස ඉන්න වෙලාවක මහත්තයා ඕක ඇරලා තියනවද?"

"අපේ මහත්තයට මාව හොඳට විස්වාසයි මහත්තයෝ........මම දැකලා තියනවා ඕක ඇතුල........ සල්ලි තියනවා, අපේ නෝනලාගේ රත්තරන් බඩු, ඉඩකඩම් වල ඔප්පු තිරප්පු මහගොඩක් ඔකේ තියනවා............, ඇයි මහත්තයෝ සේප්පුව හොරු කඩලා නෑ නේද?"

"අපි හිතමු එහෙම.......ඉන්ස්පෙක්ටර් වරයා එසේ කීවේ සාජන් හේරත් දෙස බලාගෙනය"
එය දුටු හේරත් ට ඇති වුයේ මහත් කුහුලකි. සේප්පුවට අත තැබූ බවක් වත් නොතිබුන බව ඔහුට හොඳට මතකය.

"තව මහත්තයා නිතර යන එන තැන් කොහෙද? ලඟදි ගියේ ආවේ කොහෙද?"

"කොහෙවත් නෑ මහත්තයා... ඉඳලා හිටලා පෙරේරා මහත්තයා හම්බවෙන්න යනවා එච්චරයි ....... ටව්මට ගිහින් ගෙදරට බඩු අරන් එන්නෙත් මම"

"හොඳයි පොඩ්ඩක් දොර අරිමු, මට තව ටිකක් පරික්ෂා කරන්න තියනවා"

ප්‍රධාන දොර සුමනදාස විසින් විවෘත කරන ලද පසු ඉන්ස්පෙක්ටර් වරයා කෙලින්ම ගියේ වීදුරුව බිඳී ගොස් තිබූ නාන කමරයටයි. ටික වෙලාවක් එහි බිම ඇඟිලි තුඩින් අතගාමින් පරික්ෂා කල ඔහු ලූවර් ජනේලය හොඳින් පරික්ෂා කොට සුමනදාස ඇමතීය.

"සුමනදාස, සේප්පුව අරින නොම්බර වෙන දන්නේ කව්ද මහත්තයා ඇරුනම?"

"අපේ පුංචි නෝනා දන්නවා මගේ හිතේ"

"හොඳයි මරණේ ගැන පුංචි නෝනට දන්වන්න ඇති නේ නේද?"

"එහෙමයි, මම සෙබස්තියන් මහත්තයා ට, අපේ මහත්තයාගේ මලය ට ටැලිපෝන් කලා.......... ඒ මහත්තුරු කියාවි නෑදෑ මිත්තරයින්ට"

"හොඳයි, හොඳයි දොර වහන්න එහෙනම් අපි යනවා.... ඕනේ උනොත් අයෙත් එනවා......."

"සාජන් අපි කෙලින්ම යමු ඉස්පිරිතාලෙට......... ඩොක්ටර් විජේදාස ලඟට"

ඔවුන් රෝහලට යනවිටත් මරණ පරීක්ෂණය අවසන් වී නොතිබිණි, දොස්තර වරයාගේ අවසරයෙන් ඔවුන්ට පරීක්ෂණ ස්ථානයට යාමට අවසර ලැබිණි.

"Doctor, can't you still officially tell us the cause of death?"

"Yes, I can, it’s because of a heart attack"

"නමුත් දන්නවද කොහොමද එහෙම වෙලා තියෙන්නේ කියලා............... නයි විෂ ඉන්ස්පෙක්ටර්  නයි විෂ...."

"ලේ කැටියක් නිසා හදවත හිරවෙලා තියනවා, එවෙලේම වගේ වකුගඩු දෙකත් නතරවෙලා......... හරියටම මරණේ වෙලා තියෙන්නේ රාත්‍රී 9-10 අතර රෑ කෑම දිරවන්න පටන් අරන්වත් නෑ අසරණ මනුස්සයා"

"හැබැයි ඉන්ස්පෙක්ටර් මම හැම තැනම පරික්ෂා කලා සර්පයෙක් ධෂ්ඨ කරපු තැනක් හොයාගන්න නැහැ..... විෂ රුධිරයට මිශ්‍ර වීමෙන් තමයි මරණය වෙලා තියෙන්නේ..... කැවිලවත් පෙවිලවත් නෙවෙයි"

"ඩොක්ටර් මම පොඩ්ඩක් බොඩි එක බැලුවට කමක් නැද්ද "

"බලන්න බලන්න දැන් අපේ පරීක්ෂණ ඉවරයි..... ඉතුරුවා තියෙන්නේ ඔබතුමන්ලා අතේ" විජේදාස මහතා කීවේ සිනාසෙමිනි.

ලද අවසරයෙන් සිය පැන්සලය සහ නෝට් පොත එලියට ගත්  ඉන්ස්පෙක්ටර් වරයා නිරුවත් මළසිරුර පරික්ෂා කරන්නට විය. සාමාන්‍යයෙන් ඔහුගේ මෙවන් පරික්ෂාවකට පැයක් හමාරක් යන බව දන්නා සාජන් හේරත් ලද අවසරයෙන් පිටතට පැමිණ සිගරට්ටුවක් උරන්නට පටන්ගත්තේය.

"මේක මිනී මැරුමක් අය්සේ.... අපි ඉක්මනට සේප්පුව අරින්න ඕනෑ........... මගේ නිගමනය හරිනම් ඒක ඇතුලේ කිසිදෙයක් තියෙන්න විදිහක් නැහැ"
ඉන්ස්පෙක්ටර් වරයා එලියට ආවේ එසේ කියමිනි.

"අපි මුලින්ම පොලිසියට යන්න ඕනෑ........... ධර්මපාල මහත්තයාගේ කාමරේ තිබුන පොඩි පොඩි බඩු වගයක් අපි අරන් ආවා නේද හේරත්? අන්න ඒවා මට බලන්න ඕනේ"

ශාක්ෂි කාමරයෙන් ගෙන්වාගත් ධර්මපාල මහතාගේ බඩු පරික්ෂා කල ඉන්ස්පෙක්ටර් වරයා...... "විශිෂ්ටයි.....විශිෂ්ටයි මූ නම් යකෙක්" කියා කෑ ගැසුවේය

සාජන් අරන් එනවා අර බාබර්, ධර්මපාල මහත්තයාගේ කොන්ඩේ කපපු එකා...... ඌ තමයි මිනී මරුවා..................

බාබර් වරයා අත්අඩංගුවට පත් වූ අතර ඔහු ඉන්ස්පෙක්ටර් දිසානායක ඉදිරියට පමුණුවනු ලැබිණි.

"කොහෙන්ද නයි විස හොයා ගත්තේ" ඉන්ස්පෙක්ටර් වරයාගේ පළමු ප්‍රශ්නයෙන්ම දැන් ගැලවීමක් නැතිබව බාබර්ට දැනුනි.

"තමුසෙට ඇහුනේ නැද්ද?  කොහෙන්ද නයි විස හොයා ගත්තේ "

"මම දන්න අහිකුන්ඨික මනුස්සයෙක් ගෙන් මහත්තයෝ"

"සාජන් ඔය මිනිහා දානවා කූඩුවට"

දිනකට පසු ධර්මපාල මහතාගේ එකම දියණිය එංගලන්තයේ සිට පැමිණි අතර ඇය ගේ උදව්වෙන් සියලුදෙනා ඉදිරිපිට සේප්පුව විවෘත කරන ලදී. ඉන්ස්පෙක්ටර් වරයා බලාපොරොත්තු වූ පරිදි එතුල කිසිවක් නොවීය.

ඉන්ස්පෙක්ටර් කොහොමද බාබර් මේක කලා කියලා හොයා ගත්තේ හැමෝටම දැනගන්න කියන්නකෝ.......... ඒ ධර්මපාල මහතාගේ සොයුරාගේ හඬ.

"අපි දෙවෙනි පාරට ගියාම මම දැක්කා කාමරයට ඈඳුණු නාන කාමරයේ ලුවරයේ වීදුරුව බිඳීලා තියනවා. ඇතුලෙන් ගිහින් බැලුවම දැක්ක පොඩි පොඩි වීදුරු කුඩු තියනවා හැබැයි ලොකු වීදුරු කටු එකක්වත් නෑ......"

"බිඳුණු තැනින් අත දාලා අගුල පන්නලා ලුවරය අරින්න පුළුවන් කියලත් මම දැක්ක. සාමාන්‍ය සරීරයක් තියන කෙනෙකුට පහසුවෙන් එතනින් රිංගන්න පුළුවන් බවත් මම දැක්කා....."

"හැබැයි මරණ පරීක්ෂණයෙන් මරණයට හේතුව ස්වභාවික හේතුවක් කියලා කිය උනානම්, ඒක එහෙම වෙනවා තව අඩු විෂ ප්‍රමාණයක් ශරීර ගත උනානම්. එහෙමනම් අපිට මිනී මරුවා හොයන්න ලේසි වෙන්නේ නෑ........"

"දොස්තර කීවා ශරීරයේ කිසිම ධෂ්ඨ කරපු තැනක් හොයාගන්න නැහැ කියල මම මිනිය පරික්ෂා කරද්දී දැක්කා කන් දෙකට උඩින් පොඩි කැපුම් දෙකක් ඉතාම සියුම් කැපුම් දෙකක් දෙපැත්තේම එකම විදිහට. කොන්ඩේ කපද්දී දැලි පිහියට එහෙම කැපෙන්න පුළුවන්."

"එත් කොහොමද එතනින් විෂ ඇතුල් වෙන්නේ බාබර් ගෑවානම් එතනදීම මැරෙනවා වැඩිම උනොත් විනාඩි 15-20 විතර යාවි. නමුත් එහෙම දෙයක් උනේ නෑ....."

"බාබර් ආවේ හවස හයට විතර කොන්ඩේ රැවුල කපලා ඉවර වෙද්දී හත වෙන්න ඇති. නමුත් මරණය සිද්ධ උනේ රාත්‍රී 9-10 අතර. කොහොමද එහෙම වෙන්නේ"

එසේ පවසමින් ඉන්ස්පෙක්ටර් වරයා බෑගයකින් උපැස් යුවලක් ප්‍රවේශමෙන් පිටතට ගත්තේය.

"පෙනෙනවද මේකේ හැන්ඩ්ල් දෙකේ රෙදි පටි දෙකක් ඔතලා තියනවා"

එය දුටු සුමනදාස, "අපේ මහත්තයාගේ අලුත් කන්නාඩි දෙක.... ඕක දැම්මම කන්දෙක දෙපැත්තෙන් රිදෙනවා කීවම මමයි මාස කීපෙකට කලින් රෙදිපටි දෙකක් ඔතලා දුන්නේ....."

"හරියට හරි මේ රෙදිපටි දෙකම දැන් නයි විෂෙන් පොඟවලා තියෙන්නේ"

"ඒක මෙහෙමයි උනේ අවුරුදු ගානක් තිස්සේ මාස දෙකකට විතර සැරයක් මේ කාමරේට එන බාබර් දකිනවා මහා සේප්පුවක් ඕක ඇතුලේ මහා ධනයක් ඇති බව මිනිහා හිතනවා"

"තුවක්කු ලයිසන් තියන හොඳින් ආයුධ හසුරුවන්න පුළුවන් ධර්මපාල මහත්තයා සටන් කරලා මෙල්ලකරගන්න එක පහසු වැඩක් නොවන වග මිනිහා දන්නවා"

"හැමදාම යනකොට කන්නාඩිය තියෙන්නේ සේප්පුව උඩ, ලඟදි දවසක යද්දී දකිනවා රෙදිපටි දෙකක් ඔතල තියනවා අලුත් කන්නාඩි දෙකක"

"ඇයි සේප්පුව උඩම කන්නාඩිය තියෙන්නේ? සේප්පුව අරිනකොට නොම්මර කීපයක් කරකන්න ඕනේ.....මෙතැනදී නම් පහක්, හරි සියුම් හරි පරිස්සමින් කරන්න ඕනේ..... ඉතින් ධර්මපාල මහත්තයා වගේ කෙනෙක්ට කන්නාඩිය ඕනේ වෙනවා...... හැබැයි මිනිහ කවදාවත් දැකලා නැහැ ධර්මපාල මහත්තයා වෙන වෙලාවල කන්නාඩි පාවිච්චි කරනවා......පාවිච්චි කරනවා ඇති හැබැයි හරි අඩුවෙන් ඒ නිසයි කන්නාඩිය සේප්පුව උඩම ගොඩක් විට තියෙන්නේ"

"අපේ මහත්තයා කන්නාඩිය පාවිච්චි කරනවා අඩුයි පත්තර බලනකොට පාවිච්චි කරනවා"

"හරියට හරි ඒ ගැනත් බාබර් හිතුවා....... ඒ හින්දයි මිනිහා රෑ වෙලා ආවේ කොන්ඩේ කැපුවට පස්සේ අයෙත් කන්නාඩිය වෙන වැඩකට ඕනෑ නොවෙන විදිහට මිනිහා වේලාව හදා ගත්තා "

"මම මිනිහගෙන් අහලා බැලුවා............ අන්තිම ලියනමහත්තයත් ආවට පස්සේ කොන්ඩේ කපන්න ආවේ එදා රෑ අනිවාර්යයෙන් සේප්පුව අරිවී කියලා හිතුවලු"

"ඔව් මහත්තයෝ මම ම දවස් ගානක් තිස්සේ ඔය මිනිහට එන්න කියලා පණිවිඩ අරන් ගියා එත් ආවේ මිනිහට ඕනේ දවසේ....."

"මේක හරිගියොත් හරිගියා වැරදුනොත් වැරදුනා කියලා ගහපු ප්ලෑන් එකක්, මිනිහා ඇවිත් කොන්ඩේ කපන ගමන් කැපුම් දෙකක් දැම්මා කන්දෙක දෙපැත්තේ..... දැලිපිහියට කොහොමත් ගොඩක් වෙලාවට කැපෙන හින්ද ධර්මපාල මහත්තයත් ගණන් ගන්න නැතිව ඇති. කන්නාඩි මේසේ තියෙන්නෙත් සේප්පුව ලඟම හින්දා එලියට ගත්ත කන්නාඩි දෙකේ රෙදිපටිදෙක නයි විෂ තියන භාජනයේ පොඟවා ගන්න මිනිහට වැඩි අමාරුවක් වෙන්න නැතිව ඇති"

"රැට කාලා දොරජනෙල් වහලා කන්නාඩි දෙක දාලා සේප්පුව ඇරපු ධර්මපාල මහත්තයා ගණුදෙනු හරිද කියලා බලන්න ඇති තුවාල දෙක සියුම් උනත් ගැඹුරු හින්දා විස ඇතුල් වෙලා ටික වෙලාවකින් මරණය සිද්ද උනා"

"රෑ දෙකට විතර බාබර් ඇවිත් වීදුරුව බිඳලා අගුල පන්නලා ඇතුලට ආවා. කොන්ඩේ කපලා අතපය හෝදන හින්දා නාන කාමරෙන් එන්න පුළුවන් බව මිනිහ කලින් ඉඳලම දැනගෙන හිටිය"

"ඇතුලට එද්දිම හිතපු විදිහටම වැඩේ වෙලා ඇතිබව දැනගෙන, ගන්න පුළුවන් හැමදේම අරගෙන සේප්පුව වහලා මිනිහා යන්න ගියා........"

"හෙට නඩුව, මිනිහ  අයෙත් එලියට එනවා බොරු. මිනිහා ගස් තමයි"