Tuesday 20 October 2015

ලංකාවේ අපේ ගුරුවරු



  ලංකාවේ මිනිස්සු හරි වෙනස්, ඉතින් ගුරුවරුත් එහෙමයි. ළමයින්ට ගුටි දීලා හදන්නේ ලංකාවේ ගුරුවරු විතරද මන්දා..... 
ළමයින්ට ගහන එක වැරදියි කියලා වෙනම කතාවකුත් යනවා මේ දවස්වල. කව්දෝ කියපු එකක් මතක් උනා "එදා ගුටි කෑවේ නැත්නම් අද අපි ඉන්නේ හිරේ........" මේ කතාවෙත් ඇත්තක් නැතුවා නෙවෙයි. 

පහතින් තියෙන්නේ ලංකාවේ පන්තිකාමර වල ඇහුන තවමත් ඇහෙන දේවල්. තමන්ගේ ගුරුවරයින් ගැන මතකයක් අවදි උනානම් කොමෙන්ට් එකක් දාලා යන්න. අපිට උගන්නපු අපේ ගුරුවරුන්ට ජය වේවා.......


1. මේක පන්තියක්ද නැත්නම් මාළු කඩයක්ද.

2. 
ෂර්ට් ගලවල තියල ෆුට්බෝල් ගහපු උන් ආවම ඒව ගන්න මගේ ඔෆිස් එකට එන්න කියාපං - ප්‍රින්සිපල්

3. මේක තමයි මම උගන්නපු ජරාම පන්තිය. මුං ළමයි නෙවේ යක්කු. .

4. ළමයි හෙට පරීක්ෂකවරු එනවා. Notes සේරම සම්පූර්ණ ළමයි හෙට ඉස්සරහින් ඇවිත් ඉදගන්න.

5. අරං එනවා වේවැල එහා පන්තියෙන්.

6. Excuse me සර් ළමයෙක් හම්බෙන්න පුළුවන්ද? බෑ... මං දන්න විදියට පිරිමින්ට ළමයි හම්බෙන්නේ නෑ.
7. අද පංතිය අතුගාන්න ඉන්න උන් කවුද?මොකාද ගුරු මේසේ යටට කුනු ටික දාපු එකා?

8. 
ඔය ළමයා මෙහෙ එනවා...තමුසෙගෙ අම්මගෙ ගිය වාරෙ අත්සන මීට වඩා වෙනස්නේ මනුස්සයෝ. 

9. 
ලවු ලෙටර් එකක් අහු උන සිංහල මිස්; ලමයා මේකේ සෑහෙන්න ව්‍යාකරණ වැරදි තියෙනවා.... ඔය ටික හදලම ලියුම දෙන්න. 

10. අච්චරකට මෙච්චර නම්, මෙච්චරකට කොච්චරද?

11. තමුසේ මොකද බොත්තම ඇරගෙන ඉන්නේ... ළමයට කිරි දෙන්නද? දාගන්නවා බොත්තම

12. බදිනකොට අවුරුදු 10ක්වත් බාල එකියක් බැදහල්ලා බං. ගෑනු නාකි වෙනවා ඉක්මනට.

13. තොපිට උගන්නනවට අපිට ගහන්න ඕනෙ.

14. දිග කලිසම අදින නිසා ගහන්නේ නෑ.

15. තමුසෙලට උගන්නන ඕනේ නෑ.... කලින් ඔක්කොම ඉගෙනගෙනනේ ඇවිත් ඉන්නේ....

16. 
අපි මේ පාඩම 9 වසරේදි ඉගෙනගත්තා...ආපහු දහය වසරට කරන එක තේරුමක් නෑ...අභ්‍යාස කරං එන්න හෙට.
17. තමා දැන් ඕනෑවට වැඩියි පු@# පයින් දෙකක් ගහලා එලියට දානවා.... තේරුනෙයි?

18. පන්තියේ නැති උන්ගේ බෑග් ටික ස්ටාෆ් රූම් එකෙන් තියන්න. නායකයා.… කෝ ඒකත් නැද්ද? 

19. උන්ට කව්ද හිල දෙන්නේ... හිල නෙවෙයි ළමයෝ හිර, මාතර හාමිනේ එහෙමයි කිව්වේ.......

20. උස්සගනින් ඔය කලිසම, ඉලන්දාරිකම බේරෙනවා පු# දිගේ.... 



97 comments :

  1. මගේ අත්දැකීම්

    *අල්ලපං අත්දෙකම,අද උඹව මකනවා මම-ප්‍රින්සිපල්
    *මට උගන්වන එක එපාවෙලා තියෙන්නේ ලමයි,කියන දේ අහන්නකෝ-සිංහල ගුරුවරිය
    *මම එකනොට මේ හිස්තැන් ටික පුරවලා තියන්න ලමයි-ඉංග්‍රිසි ගුරුවරිය(හැමදම දුන්නේ හිස්තැන් පුරවන්න,ඉංග්‍රිසි ෆේල්)
    *කලිසමේ උපරිම සාක්කු තුනක් තිබුනම ඇති,උඹලගේ හොර ලියුම් හංගගන්නද මේ පොඩි සාක්කුවකුත් තියාගෙන ඉන්නේ-ප්‍රින්සිපල්
    *මේ උසස්පෙල ළමයි සතියට අඩුම දවස් තුනක්වත් ඉස්කොලේ එන්න ඕන.නැත්නම් ඇඩ්මිෂන් දෙන්නැ,මේ ළමයි දැන් ඉස්කොලේ එන්නේ හාවා හද දකිනවා වගේ-ප්‍රින්සිපල්
    *තොපිට බත් නෙවෙයි කවන්න ඕන තණකොළ-ගණිත ගුරුවරයා
    *උඹව මේ ඉස්කෝලේ තියාගත්තොත් මාත් නැහැදෙනවා-ප්‍රින්සිපල්

    (තව තියනවා දැනට මේ ඇති බං)

    ReplyDelete
    Replies
    1. තවත් තියනවද?

      Delete
    2. *මේක ඉස්කෝලයක් කෝලම් මඩුවක් නෙවෙයි-ප්‍රින්සිපල්
      *කවුද කාර්යාලයේ තියන හාෆ්සීට් හොරකම් කරේ.ඇත්ත කියාපිය හමගහන්න කලින්-ප්‍රින්සිපල්
      *මම දන්නවා තමුසෙලා එකතු වුනාම මටත් ගහන්න පුලුවන්,මට ගැහුවත් කමක්නැ,තමුසෙලා විනාශවෙනවා දකින්න මම කැමති නැ.(ලොකු කේස් එකක් ගිය දවසකයි ප්‍රින්සිපල් මේක කිව්වේ.එදා ප්‍රින්සිපල් කතාකරපු විදියට අපිට ඇඩුනා මචං)
      *ක්‍රිඩා උත්සව දවස්වල පිට්ටනියේ සෙල්ලම් කරනවට අමතරව කැලැ පැනලා අමුතු සෙල්ලම් දාන එවුන් ටිකකුත් මේකේ ඉන්නවා-ප්‍රින්සිපල්
      *ලමයි මේ පාඩම ඒ තරම් ඕන වෙන එකක් නෙවෙයි-විද්‍යා පොතේ ලිංගික අවයව ගැන පාඩම් විද්‍යාව ගුරුවරිය මගහරින්නේ ඔහොම
      *තමුසේ විභාගෙට කොල විස්සක විතර ගනන් හදලා.එ වුනාට ලකුනු පහයි.මිනිහෝ එක කොලේකට ලකුනු භාගේ ගානේ ගත්තත් ලකුනු දහයක් ගන්න තිබුනා---ගනන් සර්

      තව තියනවා බං ඔය වගේ ඒවා දැන් ඒවා මතකත් නැ,

      Delete
    3. //ලමයි මේ පාඩම ඒ තරම් ඕන වෙන එකක් නෙවෙයි-විද්‍යා පොතේ ලිංගික අවයව ගැන පාඩම් විද්‍යාව ගුරුවරිය මගහරින්නේ ඔහොම//

      ඕවා ඉතින් ඔයාලට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැනේ කියලත් කියනවා....

      Delete
    4. හාෆ් ශීට් හොරකම් කලේ මල් වන්දිරයා...

      Delete
    5. ඌ ඒ කාලේ ඉඳලම ලියනව ඇති, නැත්නම් හාෆ් ශීට් හොරකම්කලේ වෙන මොනවටද

      Delete
  2. හැබෑටම අපිත් ඉස්කෝලේ ගියානේ... උසස්පෙළ කාලේ නම් මට වඩා ඉස්කෝලේ ගියේ අපේ අම්මද කියලත් හිතෙනවා මනෝ..

    ReplyDelete
    Replies
    1. උසස්පෙළ කාලෙනම් මගේ වැඩි ප්‍රශ්නයක් තිබ්බේ නෑ... ටිකක් පොඩිකාලේ තමයි.

      Delete
    2. මම පොඩි කලේ --අපේ ගමේ සමහර අය එයාලගේ දරුවන්ට උපදෙස් දෙන්නේ මම ගැන කියලා..අර පුතා වගේ හැදියල්ලකෝ,ඒ පුතා කොච්චර හොදද,කියන දේත් අහනවා

      මම උසස්පෙළ කාලේ--අනේ පුතේ අර පුතා වගේනම් හැදෙන්න එපා..

      Delete
    3. @ මනෝ - මගේ එකේ අනික් පැත්ත :)

      Delete
  3. මට පෙන්නේ මේ ඔක්කෝම බණ්ඩා අයියාම අහ ගනිපු දේවල් වගේ !! :p

    ReplyDelete
  4. මුන් හිංදා මමැ මැරෙන දවස ලං වෙනවා

    ReplyDelete
    Replies
    1. අපේ සර් කෙනෙක් හිටිය මෑන් අහනවා දැක්කම නැද්ද කොල්ලෝ ගෝල්ඩ් ලිෆ් පැකට් එකක් ගන්නවත් සල්ලි අතේ කියලා...

      Delete
    2. ඇයි යකෝ A/L ඉවර වෙලා ගුරුවරුන්ට කතා කරන්න් ගියාම , අපේ සර් කෙනෙක් අහනවා "අම්මට හුඩු තමුසෙත් පාස්ද?" කියලා

      Delete
    3. ඇත්තටම පාස්ද?

      Delete
    4. මගේ OL ප්‍රතිපල දැකල අපේ ස්පෝර්ට්ස් බාර මැඩම් අපේ අම්මගෙන් අහල තිබුන එහෙම. රිසල්ට්ස් එනකොට මම ටුනමන්ට් ඇවිත් කොළඹ.

      Delete
    5. @ ඉවාන් ඔන්න කොල්ලෝ

      @ උපේක්ෂ ඔන්න කෙල්ලෝ

      Delete
    6. මගේ A\L ප්‍රතිපල අහල කියපුව ඇහුව නම්.. හික් හික්.හික්... ඊටත් පස්සේ මම යුනිවසිටි ගේම්ස් වලට ගිහිල්ල මාව දැකපු අනිත් උන් කියපුව ඇහුව නම්... හැක හැක.... මම ඒ ගැන ලියන්න හිතාගෙන ඉන්නේ. ටිකක් දුරට ලියල තියෙන්නේ.

      Delete
    7. හික් හික්.හික් හැක හැක ගගා ඉන්නේ නැතිව ඒවත් ලියලා දැම්මනම් ඉවරනේ........

      Delete
  5. අපේ පන්තිය හැමදාම වාරෙ අන්තිමට අහගන්නේ

    * ලබන අව්රුද්දෙ නම් මම මේ පන්තියට උගන්නන්න බාරගන්නේ නෑ....

    මේ මමයි මගේ අතිජාත මිත්‍රයෝ දෙන්නයි OL පන්තියේ අහපු කතන්දර

    * තමුසෙලා තුන්දෙනා එක තැනක හිටියොත් අද මට පාඩම කරන්න වෙන්නේ නෑ. නැගිටලා පන්තියේ තැත් තුනක ඉඳගන්නවා.
    * තොපි OL වලදි මේ විෂයට C එකක් ගත්තොන් මම ඔලුවෙන් හිටගන්නවා.

    මේක තමයි මම අහපු හොඳම කථාව

    * තමුසෙ මේ පන්තියේ ළමයෙක්ද?????

    ReplyDelete
    Replies
    1. තමුසේ මේ පන්තියේද කියලා අපේ පන්තියේ එකෙක්ගෙන්ම ඇහුවා මතකයි එක සැරයක්. නිතර කට් එක දාන එකෙක්ගෙන්.

      Delete
  6. තමුසේ හෙට එනකොට අම්මා හරි තාත්තා හරි එක්කරගෙන එන්නෙ නැතුව එන්න එපා..

    ReplyDelete
  7. තව පුරුදු වචනයක්

    විදානේ - ප්‍රසන්ට් ටීචර්

    ReplyDelete
    Replies
    1. ඔය ළමයා දැන් කී දෙනෙක්ට ප්‍රසන්ට් කීවද කියලා ඇහුවේ නැද්ද?

      Delete
  8. හොඳයි. අද පාඩම මෙතනින් ඉවරයි. පීරියඩ් එක ඉවරවෙන්න තව විනාඩි 5 ක් තියනවා. හැබැයි ඔය ළමයි කෑගහුවොත් මම ඊළඟ පාඩම පටන්ගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඇයි කෑගැහුවොත් අනිත් පීරියඩ් එකත් කරනවා කියන එක.
      ඔබතුමාට ඊයක් දැම්මා පොඩ්ඩක් බලන්ඩෝ....

      Delete
    2. මේ උන්නැහේ ඒ කාලේ කියාපුවා අහල බලන්ඩ ඒන ගෝලයන්ගෙන්

      Delete
    3. @ අටම් - කට වහපියව් අරිනවා උණ්ඩයක් පු# දිගේ වගේ ඒවා ඇති.

      Delete
  9. චී බාන්න මේ ළමායි - ගණන් මැඩම්
    කෝ මගේ පොත? - හිටපු සයන්ස් ටීච
    ආ.... විශ්වාසද? - ෆිසික්ස් සර්
    මේ තරම් මැරට්ට පන්තියක් මම කවදාවත් දැකල නැහැ - අපේ 8 වසරේ සියලුම විෂයභාර ගුරුවරියන්.
    ඕක හොඳට ඝන පිහිටුවල තියෙන ගීතයක්, හරියට කියන්න - ඒ කාලේ හිටපු විදුහල්පතිනිය
    මේ ළමයින්ට ටොෆි එක කටට දාපු ගමන් සියලු දේවල් අමතක වෙලා කොලේ බිමට අතෑරෙනවා? - ඒ කාලේ හිටපු විදුහල්පතිනිය

    ප්‍රසිද්ධියේ නරක වචන කියන්න බැහැනේ. බාලිකා පාසලක් නේ. ඒ නිසා අපිට කතා කලේ හරි 'ෂෝයි' විදියට

    ReplyDelete
    Replies
    1. හනේ මන් හිතන් හිටියේ මෙව්වා වෙන්නේ පිරිමි ඉස්කෝලවල විතරයි කියලා හිටන්

      Delete
    2. නෑ නෑ මම කිව්වේ අපිට ඉතින් ඔය 'තෝ, මූ , මේකි , ඕකි, උඹ' කියන්න නැහැ. ඒ නිසා හරි ෂෝයි විදියට බනින්නේ.

      ඒකට අපිට හිටියා ප්‍රිෆෙක්ට් අක්ක කෙනෙක්, අම්මටසිරි එයා එනකොට ජලවාෂ්ප වගේ අතුරුදහන් වෙන්නේ. බනිනවා ආයේ නැහැ පුපුරන්න. එයාට කේස් එකක් ගියා ළමයින්ට දරුණු දඬුවම් දෙනවා කියල.

      Delete
    3. ප්රිෆෙක්ට් අක්කා කලින් ප්‍රින්සිපල් කෙනෙක්ද? නැත්නම් පස්සේ ප්‍රින්සිපල් උනාද :)

      Delete
    4. නැත නැත. එයාගේ සැර වැඩ නිසා ගුරුවරු එයාට කේස් දැම්ම. පවු කියලත් හිතෙනවා. සාමාන්‍යයෙන් හොඳ අක්කා කෙනෙක්. ළමයි පාලනය කරන්න ගියහම මාරගට් නෝනා වගේ ( මාග්‍රට් තැචර්)

      Delete
    5. ../// 'තෝ, මූ , මේකි , ඕකි, උඹ' කියන්න නැහැ//..

      අපි පංතියේ කෙල්ලොන්ගෙත් ඔයවගේ හොද හැදියාවක් තිබුනා...කොහොම කිව්වොත් උන්ට තදවුනාම අපිටත් කුනුහරුපෙන් බනිනවා....ඒත් පුදුම බැදියාවක්,එකමුතුකමක් තිබුනේ.ස්කූල් එකෙන් අයින් වෙලා සෑහෙන කාලයක් ගියත් ඒ බැදියාව අදටත් තියනවා....

      Delete
    6. මන් හිතුවේ කෙල්ලන්ගේ යාලු ෆිට් වැඩිය කල් තියෙන්නේ නෑ කියලා

      Delete
    7. මිශ්‍ර පාසල්වල ගොඩක් එහෙම යාලු ෆිට් තියෙනවා මම අහල තියෙනවා. කොහෙද මම ගියේ ඉතින් බාලිකා පාසලක් නේ. සුදුපාට කලිසමක් දැක්කත් කුලප්පු වෙන සයිස් ළමයි පවා හිටියා. සමහර වෙලාවට ජොලි, ඒ කියන්නේ ඒ වගේ ගර්ලිෂ් පරිසරයක, මම වගේ එකෙක් කියන්නේ... හි හි.. ආයේ නෑ දාන්න පුළුවන් වැඩකෑලි ඔක්කොම දාන්න පුළුවන්. මම ඒ ගැන ලියලත් ඇති බ්ලොග් එකේ. කොල්ලෝ අතර ඒ නිසා මාව ඒ දවස්වල රේට් වෙලා තිබ්බේ 'යක්ස කෙල්ලෙක්' කියන කැටගරියේ, වලි බර සබ් කැටගරියේ. කොල්ලෝ මට පේන්න බෑ! ( ඒ දවස්වල අය්යෝ.. ඒ දවස්වල... දැන් වෙලා තියෙන්නේ කොල්ලොන්ට මාව පේන්න බැරි සමය හික්...)

      Delete
    8. උපේක්ෂා වැරදි ඉස්කෝලෙකට ගිහිල්ලා තියෙන්නේ වගේ

      Delete
  10. මෙන්න එහෙනම් මගෙ ලිස්ට් එකෙන් ටිකක්.

    1. පිට්ටනියෙන් දනගහනවා.
    2. මං කියනකං හිටගෙන ඉන්නවා.
    3. හැරෙනව අනිත් පැත්ත. වුටැස්. වුටැස්
    4. තමුසෙලාව නම් කවදාවත් හදන්න බෑ. සමාජ අද්‍යයනය ටීච.
    5. එනව යන්න ප්‍රින්සිපල් ලඟට. ඉංග්‍රීසි ටීච.
    6. මෙහාට එනව. ඩාහ් ඩාහ්. ඉංග්‍රීසි ටීච.
    7. ඔය ලමයි ඔක්කොම මෙහාට එනව. ප්‍රින්සිපල්.
    8. මෙහෙ එනව. මොකද ඔය ශර්ට් එකේ ඔයතරම් බැගී. යටකරනව හරියට. මොකද ඔය එක නියපොත්තක් වවාගෙන? ගනං සර්.
    9. මෙහාට වරෙව් ඔක්කොම අල්ලපියව් අත්. හොස්ටල් පාලක.
    10. කව්ද මේ වැඩේ කරපු එකා? ඇත්ත කියනව.

    ReplyDelete
    Replies
    1. කසුන්ගෙත් ලිස්ට් එකෙන් ටිකක්ද මේ...

      Delete
  11. උසස් පෙළ අවධියේ අපේ පංතිය භාරව හිටියේ පී. නෝනිස් නැමැති උද්භිද විද්‍යා ගුරුවරයා. ඔහු ඒවකට ප්‍රසිද්ධ සත්ත්ව විද්‍යා ටියුශන් ගුරුවරයෙකු වූ එච්. ආර් නෝනිස් ගේ බාල සහෝදරයා. ඔහුගේ පී නෝනිස් නම අනික් පැත්ත හරවා කීම ඔහුගේ අන්වර්ථ නාමය වුනා. ඔහු අපේ පන්තියේ ළමයින් ගැන කිව්වේ. හන්දියක් හන්දියක් ගානේ මෙඩිකල් කොලෙජ් දැම්මත් අපේ එකෙක්වත් එහි නොයන බවය. එය එක්තරා විදිහක සත්‍යක් විය. එම කාළයේ ඇරඹුන ලංකාවේ පලමු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නිසා අද වෛද්‍යවරු නම් කිහිම දෙනෙක් ඇත.

    ReplyDelete
    Replies
    1. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හින්දා සර්ලගෙ වචනත් බොරු උනා එහෙනම්.

      Delete
  12. //9. ලවු ලෙටර් එකක් අහු උන සිංහල මිස්; ලමයා මේකේ සෑහෙන්න ව්‍යාකරණ වැරදි තියෙනවා.... ඔය ටික හදලම ලියුම දෙන්න. //
    මෙන්න ටීචර්ල

    ReplyDelete
    Replies
    1. මමනම් ආසම, ඉස්සර ගම්පෙරලිය කෑල්ලක් තිබ්බනේ සිංහල සහිත්‍යයට ඕකේ තියනවා "උන්ට කව්ද හිර දෙන්නේ" කියලා මාතර හාමිනේ කියන එකක්. හැමදාම අවස්ථා සම්බන්ධේ කියලා ඕක කලොත් එකෙක් කියනවමයි "උන්ට කව්ද හිල දෙන්නේ" කියලා. එතකොට මිස් කියනවා "හිල නෙවෙයි ළමයෝ හිර " කියලා...

      Delete
  13. මට මතක් වෙන්නෙම අපේ commerce ටීච .
    * ළමයි ගෑණු ළමයි පිරිමි ළමයි මාරුවෙන් මාරුවට ඉදගන්ඩ ground එක පැත්තෙ කොනේ ගෑණු ළමේක් ඉදගන්ඩ.
    * හපෝ මේ ළමයි ගාව සිගරට් ගද.
    ටීචව අන්දන එකේ ඉවරයක් නෑ පොඩි දවසක් මම එන්ඩ පරක්කු වෙලා
    "කෝ කම්මල පුතා "
    " ආ ...ටීච එයා රත්නාවලිය ගේට්ටුවේ මුර , පොඩ්ඩක් පරක්කු වෙලා එයි "
    " අනේ ඒ ළමය මුර වැඩේ කරන්නෙ එච්චර දුප්පත් ද ? , ඒ උනාට හිතන්න බෑනෙ "
    " අපි එයාට උදවු කරනව , සල්ලි එකතු කරල ගිය සතියෙ සපත්තු දෙකකුත් දුන්න "
    යකෝ මම දන්නවෑ මේ මගුලක් , මට හරිම අනුකම්පාවෙන් සැලකුව . හැබැයි ටික දවසයි අපේ අම්ම පංති රැස්වීමට ආව දවසෙ පටි රෝල්.

    Account ටීචර් ,
    * ආ ...මොකෝ මේ ජෝඩු, ජෝඩු පාක් එක වගේ. යනව ඉන්න තැන්වලට.

    ReplyDelete
    Replies
    1. ground එක පැත්තෙ කොනේ ගෑණු ළමේක් ඉන්දන්නේ බොලා ලා එතනත් සිගරට් බොන හින්දද?

      Delete
    2. නෑ බං එතන බිල්ඩින් දෙකක් මැද්දෙන් හුලං කපොල්ලක් තියනව එතනින් කෙල්ලො යද්දි 'සුස්' ගාල ගවුම් උඩ යනව ඕව බලන හින්ද. උදේ වරුවෙ ඒ පැත්තෙන් අවුව ඇවිත් කෙල්ලො කලන්තෙ දාන හින්ද තමයි කොල්ලොන්ට ඒ පැත්තෙ ඉන්න ඉඩ දීල තිබ්බෙ.

      Delete
    3. ඔය හුළං කපොල්ල කොතනද බං.

      Delete
    4. අඩේ සෝයි ඉස්කෝලයක්නේ ඒක

      Delete
    5. එතන ෆොටෝ එකක් හොයන් ඇවිත් එල්ලන්න ට්‍රයි එකක් දෙද්දි කොටපු කමෙන්ට් එක නෑ.
      පැවිලියන් එකට උඩින් boys hostel එකයි A/ L පන්ති අතර මැද්දෙන් තමයි හුලං කපොල්ලක් තියෙන්නෙ. මම හිතන්නෙ හැලපෙ අයියල ඉන්න කාලෙ ඔය A/L පන්ති ටික තියන බිල්ඩිම තියෙන්න නැතිව ඇති. Bio lab එක පැත්තෙන් එන හුලං යන්නෙ ඔතන පුනීල හැඩයක් තියන තැනකින්

      Delete
    6. එහෙනම් සීගිරිය නගිනවා වගේ ඇති.

      Delete
    7. කම්මලේ,
      ඒ කාලෙ තිබ්බෙ නෑ නේන්නං.දැන් නං තවත් වෙනස්වෙලා බං.ආයෙම නාට්‍යයක් හරි බලන්න ගිය දවසක ඔතන බලන්න යන්න ඕනෑ.

      Delete
    8. ගූගල් මැප් එකෙන් මමත් දැන් බැලුව අලුත් ගොඩනැගිලි 4 ක් විතර තියනව 2000 විතර පස්සෙ.
      නාට්‍ය වලට මේන් හෝල් එක දෙන්නෙ නෑ 1988විතර ඉදන්. ඉස්කෝලෙ දවසක ඇතුලට යන්න . දැන් මල් වත්තක් වගේ ලස්සනයි බිම කොල කෑල්ලක්වත් නෑ හරි පිරිසිදුයි.

      Delete
    9. නාට්‍යවලට මේන් හෝල් එක නොදෙන නීතිය දැන් වෙනස්වෙලා ඇති.මම ගිය අවුරුද්දෙ ලංකාවට ගියවෙලේ අපේ ඉස්කෝලෙ පෙන්නපු රූකඩ රාජ්ජේ බැලුවා.එදා මම බිරිඳයි කොල්ලොයි එක්ක ඉස්කෝලෙ පුරාම ගිහිං මගේ පරණ මතක සටහන් රැඳුන තැන් පෙන්නලා විස්තර කළා.

      Delete
  14. ම‍ගේ ලිස්ට් එක - මේව ගොඩක් වෙලාවට උසස් පෙල පන්තිවල තමයි වුනේ
    1. කව්ද යකෝ සිගරට් බීල ආපු එකා.
    2. කෝ ලියන පොත? තොගෙ ආ‍ච්චිට ලියන්න තියල ආවද?
    3. ‍තමුසෙගේ කොන්ඩේ වැඩියි කපාගෙන එනවා, ඊලග දවසේ - කව්ද යකෝ කට් එකක් කපන්න අවසර දුන්නේ - ඊලග දවසේ - කෝ යකෝ ඔළුවේ කොන්ඩේ, කොට වැඩියි.. වැවෙනකම් හැමදාම අන්තිම පේලියේ හිටපං
    4‍. කව්ද ඉ්නටවල් එකෙන් පස්සේ ෆිල්ම් බලන්න හෝල් එකට ගියේ.
    5. කෝ පන්තියේ නම් රෙජිස්ටර් එක (නම් දවසට දෙපාරක් ලකුණු කරන නිසා අපේ උන් ඒක ගෙදර අරන් යනවා)
    6. තමුසේ පන්තියේ උදේ හිටියේ නැහැනේ, කීයටද ආවේ
    7. හිතුන හිතුන වෙලාවට එන්නයි යන්නයි මේක අම්බලමක් කියල හිතුවද?
    8. මොනවද ඔය හංග හංග බලන්නේ? මටත් පෙන්නපන් බං (*ල)
    9. ෆී පීරියඩ් එකේ - සර් මේ ගාන හදන්නේ කොහොමද? සර් - තමුසෙට පිස්සුද අයිසේ... මේ ෆී පීරියඩ් එකේ ඉගෙනගන්නේ. මට වද නොදී මොනව හරි කරනවා

    ReplyDelete
    Replies
    1. සමහර ගුරුවරු නම් ඇත්තටම ආදරේට මේ දේවල් කිව්වා කියලා තේරුනත් ටික දෙනෙක් හිටියා මොකක්දෝ වයිරයකින් සමහර දේ කියපු.

      Delete
  15. වයිස් ප්‍රින්සිපල් : උඹ මේ ගහල තියෙන්නෙ හොදට වැඩකරන කැම්පස් යන්න පුලුවං අහිංසක ළමේකුට......
    මම : ඇයි සර් කැම්පස් යන්න ඉන්න උන්ට ගහපුහාම අපායෙ යනවද?

    මේ සිද්දිය ඉස්කෝලෙ විතරක් නෙවෙයි කලාප කාර්යාලෙ හිටං ප්‍රසිද්ධ උනා.....

    ReplyDelete
    Replies
    1. අඩේ උඹද ඒ.... අර පත්තරෙත් ගියේ.......

      Delete
    2. නෑ ඒ මම නෙවේ....... ඔය වගේ සිද්ධි ටගිං හැමතැනම වෙනවනේ............

      Delete
    3. ආ මම : කියලා තිබ්බ හින්දා හිතුවේ ආරිගේ වැඩක් කියලා. මේකත් බලපුවම අර රාවණාගේ දුන්න කඩපු සීන් එක වගේ එකක්.

      Delete
    4. නෑ නෑ උනේ මට තමා...... ඒත් ඒක පත්තරේ ගියෙ නෑ............ ඔය වගේ එව්වා ඉතිං හැමතැනම වෙනවනෙ. පත්තරේ යන්න ඇත්තෙ වෙන නසරානියෙකුගේ වැඩක්. ඉදල හිටල පොඩි වැරදීම් උනාට මං හෙන අහිංසක ඩෑල් එක............

      Delete
    5. පත්තරේ කියලා ජෝක්ස් එකට කිව්වේ කොල්ලෝ.....

      Delete
    6. ඒක මිසක්.............. :)

      Delete
  16. නියමයි බණ්ඩෝ
    ඉස්කෝලෙ කාලෙ මතක් වෙනවා
    මේ වගේ කීදාහක් නම් කියන්න ඇද්ද අපිව හදාගන්න
    ජයවේ!

    ReplyDelete
    Replies
    1. ඔව් සමහරු නම් ඇත්තටම අපිව හදාගන්න. හැබැයි සමහරු මොකක්දෝ තරහකින්.

      Delete
  17. වේලාව: පෙ.ව. 10.15
    සිද්දිය : උදේ ප්ලේන්ටිය සමග දුම දැමීම සඳහා සැට් එකක් තාප්පයෙන් පනී. (වෙනදට කලිං පැන්න උන් "මචං පරිසරේ ක්ලියර් පැනපං" කිවුවත් අද කිසි සද්දය්ක් නැත.) අන්තිම එකාත් පනී.

    ගනං සෑර් : ආ... උඹත් මෙහෙට වරෙන්... තව ඉන්නවද එහා පැත්තෙ.
    අන්තිමට පැන්න එකා: නෑ සෑර් මම තමයි අන්තිමය.
    ගනං සෑර්: හරි හෙට ඔක්කොම අම්මලව එක්කං වර. අම්මල නැතුව හතර මායිමේ එන්ඩ එපා. මම ලොකු සෑර්ට කියන්නං ගේට්‍ටුව වහල දාන්න කියල. ඒ රෙද්දෙං වැඩක් නෑනෙ . තොපි එන්නෙයි යන්නෙයි තාප්පෙන්නෙ....
    අන්තිමට පැන්න එකා: සෑර් අම්මට සනීපනෑ.. පුංචි ආවට කමක් නැද්ද ?
    සෑර්: හුම්....

    පසු දින:-

    පුංචි: ඇයි සෑර් එන්න කිවුවෙ... ? දාඅක්කැඩ දාලාවෙ...
    සෑර්: මෙයාල ගැන මීට වඩා ඇහැ ගහං .... බ්ලා..බ්ලා.... ඊයෙ තාප්පෙං..... බ්ලා.... බ්ලා. බ්ලා...
    පුංචි: උකා... මූ තාප්පෙනුප්පැන්නද....සෑර් මූඅදන්න බෑ.. ඇතිවෙන්නගාන්නසෑර් කිසි ප්‍රස්නයක් නෑ.. අපි මැරිලමැරිල මූට උගන්නන්නාදනව. මූ අවලමේ යනව..අඬු කැඩෙන්නම ගාන්න. ගාන්නැතුව මේ වේසාව අදන්න බෑ......
    සෑර්: හෑ..??? &*%$# (ඇස් නලලෙනුත් පොඩ්ඩක් උඩ) කෝ මෙයාගෙ අම්ම?
    පුංචි: ආ.. අම්මටාද නිමාඩුගන්න බෑ කිවුව.. ඒ නිසා මං ආව..
    සෑර්: හෑ...??? %&^$# අම්මට සනීප නෑ කිවුව නෙද..?
    බ්ලා....බ්ලා....බ්ලා.....බ්ලා......

    අන්තිමට පැන්න එකා: මාලක්කෙ ‍තෝ ගම කෑවනෙ. ‍තෝ මොනාටද ඕන්නැති ඒව කියන්න ගියෙ. මම කිවුවෙ සෑර් කියන දේ අහං ඉන්න විතරනෙ. ‍‍අතිං පුකෙං දාන්න ගිහිං තෝ මාව කෑව.
    මාලක්ක: ‍. පල යකෝ යන්න.ඇයි ‍තෝ කිවුවෙ සෑර්රෙක්ක බොට බනින්න කියල. මේ.. ඒවයිං කමක් නෑ මට රුපියල් සීය දියං විගහට.... පරක්කෙනව. දැනටමත් අරමිනිහ ලෑල්ලෙං එකතුවෙච්ච සල්ලි අරං ගල් වත්තට රිංගල ඇති..තෝ හවසාඅහම කතාකලෑකි. ආ... අද මල් නංනෑ පඩ මිටි ටිකක්කිතරයි තියෙන්නෙ. දෙකක් තියන්නං කලිං වරෙං නැත්තං මහතුව ඒ දෙකටත් කෙලී.

    ReplyDelete
    Replies
    1. ඔන්න ආදර්ශමත් ශිෂ්‍යයෝ.

      Delete
    2. @ හැලප්ස් - ආදර්ශමත් ඇනෝගේ ඉස්ටයිල් එක අනුව මටනම් කව්ද කියලා කියන්න පුළුවන්........

      Delete
    3. හා හෙනං කියහං බලන්න ආදර්සමත් ඇනෝ කවුද කියල...? හරියට කීවොත් ඩ්‍රැකියගෙ දහදෙනා යන කොටදෙනියාවේ පොලෝසියෙ නිරීක්සොන චාරිකාවට සෙට් කොරල දෙනව ......අම්මප...

      Delete
    4. මේ වගේ ඩිටෙක්ටිව් වැඩද අපි කොරලා තියෙන්නේ. කිසි ගේමක් නැතිව කියන්න පුළුවන්, හරි නෑ නොවැ ප්‍රබුද්ධ පොරක් එහෙම අනාවරණය කොරන එක.

      Delete
  18. අනේ බං රසායන විද්‍යාව වරද්දල මටත් එකෙක් කින්ඩියක් දැම්මනෙ මම උපදින්න තිබ්බෙ ඇමෙරිකාවෙ කියල.

    ReplyDelete
    Replies
    1. අනිවා.... ඇමරිකාවේ ඉපදුනානම් වරද්දපු ඒවාට පේටන්ට් අරන් මේ වෙනකොට. නැද්ද?

      Delete
  19. මං හිතන්නෙ මම අද ද කොහෙද මුලින්ම බණ්ඩගෙ බ්ලොග් එකට ආවේ.. නියම ලිපිය අවුරුදු තුන හතරක අතීතෙට ගියා මාත්..

    අපිට සංයුක්ත ගණිතය උගන්නපු සර් නිතර පාවිච්චි කරපු වචන අපිත් තාම පාවිච්චි කරනව කට්ටිය එකතු වුණාම..

    - මේ මොකක්ද මිනිහො? මම තමුසෙට ලාමිගෙ ප්‍රමේයයෙන් ගාණ හදන්න කිව්වම තමුසෙ ලාමිගෙ තාත්තගෙ ප්‍රමේයයෙන් ගණන් හදනව.
    - ඔය මොකද ඔය මොකද? අපතයෙක් වෙන්න හදන්න එපා හරි?
    - මේ ඉන්නෙ තව ලෙඩෙක් මේ පේනවනෙ.

    එකපාරක් පන්තියෙ සර්ල මැඩම්ල නැති වෙලාවෙ කට්ටියක් ඕමි ගහල සර්ට අහුවෙලා අරන් ගියා ස්ටාෆ් රූම් එකට. ස්ටාෆ් රූම් එකේ හිටපු මැඩම් කෙනෙක් බලන් ඉඳල කිව්වලු "සර් ඕමි ගහන්න හතරදෙනෙක් ඕනනෙ, සර් එක්කන් ඇවිත් තියෙන්නෙ තුන්දෙනයිනෙ." කියල. සර් වටපිට බලල හයියෙන් හිනාවෙල අරුන් තුන්දෙනාව ආපහු එවල. බොහොම සැර, හැබැයි සුන්දර මනුස්සයෙක්..

    ReplyDelete
    Replies
    1. ආ නෑ කලින් ඇවිත් තියෙනව.

      Delete
    2. කලින් ආවත් අලුතෙන් ආවත් ආව එක ලොකු දෙයක්.

      අපේ උන් කෙමෙස්ට්‍රි ලැබ් එකෙන් එතනෝල් හරි මෙතනොල් හරි බීලා අහුවෙලා මට මතකයි "කසිප්පු කාරයෝ " කියලා බැනලා ඉබ්බෙක් දැම්මා කබඩ් එකට මිස්.

      Delete
  20. කක්කුට්ටා (විනය පාලක) - කොල්ලෝ ඉස්කෝලේ පොඩි උන් ගේන පෝන් ඔක්කොම අල්ලන්න ඕනේ
    මමතුමා-- ඔව් සර් අද ඔක්කොම චෙක් කරමු
    (හදිසියේ ජංගම දුරකතනයක් නාද වේ)
    විනය පාලක-- කියලා කට ගත්තේ නෑ ඔන්න තොගේ ජංගමයා කෑගහනවා පලයං මෙතනින්......

    ReplyDelete
    Replies
    1. ඇයි @#$% පත්තර ඔක්කොම එකතු කරලා ඉවරවෙලා... "හා දැන් උඹලා හන්ගගත්ත ඒවා ගනිල්ලා" කියලා නායකයින්ට කිව්වා.......

      Delete
  21. මෙහෙමයි ගුටිදීමටත් වඩා වැරදි පිස්සුවෙන් වගෙ ගහන එක .එවැනි සිද්ධියක් ඇසුරින් තමයි මමත් පෝස්ට් එකක් දැම්මෙ. දුෂ්කර ගම්වල දුප්පත් ළමයින්ට තමයි මෙහෙම වෙන්නෙ. සමහර පහරදීම් පැහැදිලිවම ලංකාවෙ පවතින නීතියට අනුව නීති විරෝධියි. පිස්සුවෙන් ගහන ගුරුවරුන්ට නම් එරෙහිව විනයානුකූලව ක්‍රියා කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ ලිපිය මම කියෙව්වා. ඇත්තටම වටිනා අදහස් ගොඩක් එහි තියෙනවා.

      එක දෙයක් තමයි ප්‍රශ්නේ. කොහොමද ඔය 'පිස්සුවෙන් ගැහීම' නිර්ණායකයන්ට යටත් කරන්නේ? අමාරු වැඩක් නේද? හෝ කල නොහැකි දෙයක් නේද? මටත් පේන විදියට ගම්බද සහ පහසුකම් අඩු පාසල්වල ළමයින් මේ දරුණු පහරදීම් වලට ලක්වෙන්නේ ඔවුන්ගේ දෙමවුපියන්ට ඔවුන් ගැන හොයන්න තියෙන අවස්තාව අඩු නිසා ( ඔවුන් දෛනික ජිවන අරගලයට මැදිවෙලා)

      Delete
    2. මගෙ ලිපිය ඇගයීමට ස්තුතියි.
      මගෙ ලිපියෙ සදහන් සිද්ධියෙ වාගෙ එක් සිසුවෙකුට පහරවල් 65 ක් ගහන එක පිස්සුවෙන් ගැහීමක්.සුළු වැරදිවලට මහත් තෘප්තියෙන් ලේ එනකම් ගහන එක තමයි පිස්සු ගැහිල්ල .මේ අයට ඉක්මන් මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි. ඔවුන් සිටියෙ යුත්තෙ මානසික රෝහල් වල නේවාසිකව.
      ඒ වාගෙම පොලු මුගුරු වලින් ගහන එකත් පිස්සුවෙන් ගැහීමක්. ඒකනම් හදිසි කෝපය කියන්නත් පුලුවන්. ඒත් එහෙම අය ගුරු වෘත්තියට සුදුසු නෑ.

      යමක් කමක් කරකියාගන්න පුලුවන් පවුලක ළමයෙකුට ඔහොම හිංසා කළොත් දෙමවුපියො නිකම් ඉදියිද. ගුරුවරුත් ඒක දන්නවා.මොකවත් කරකියාගන්න බැරි එකෙක් තමයි ගුටිකන්නෙ.

      Delete
    3. මමත් දන්නා යාලුවෙක් කියපු සත්‍ය කතාවක්.
      අගනුවර ප්‍රසිද්ධ බාලක පාසලක ක්‍රීඩා භාරව අමතරව ඉංග්‍රීසි විෂය උගන්නන ගුරුතුමා. පන්තියේ නිදාගන්න එකමයි ලු කරන්නේ. හැබැයි ළමයි කෑගහනකොට ඇහැරුනොත් ඇහැරෙනකොටම අහු වෙච්ච එකාට ගහනවලු හොඳටම. එකපාරක් එහෙම ගහලා ළමයෙක්ගේ කන පැලිලා ලේ ඇවිත්. බලනකොට හමුදාවේ මේජර් කෙනෙක්ගේ පුතෙක්. ඒ දවස්වල යුද්ධය නිසා ඔවුන්ට ලොකු සැලකිල්ලක් ගෞරවයක් තිබ්බ. වැඩේ කොතරම් දරුණු උනත් අනිත් ගුරුවරු වැඩේ ගොඩින් බේරාගෙන තිබ්බා. මම මේ කියන්නේ අගනුවර ප්‍රසිද්ධම ඉස්කෝලයක් සහ පවර් එක තිබ්බේ දෙමවුපියන් ඉඳලත්!

      පාරවල් 65ක් ගහනකල් උණු නොවෙන හිතක් තියෙනවද කෝපයක් නැත්තම්?

      මගේ ක්‍රීඩා ගුරුවරයා නම් ගහනවා එස්ලෝන් බටෙන් කකුල් දෙකට. නමුත් මම ගුටි කාලා නැහැ. කෙල්ලන්ට ගහන්නේ නැහැ, බය කරනවා මිසක්.

      Delete
    4. ඔය 65 සිද්ධිය නම් බොරුවට උලුප්පලා ගත්ත එකක්. ඇයි දැක්කේ නැද්ද තවත් අලුත් පෝස්ට් එකක් දාල තිබ්බා පේර කෝටුවකින් ගැහුවා කියපු. හැම පෝස්ට් එකක්ම වගේ පොඩි fake ගතියක් තියනවා........ අහිංසක ටීචර් කෙනෙක් වෙන්න ඇති. බ්ලොග් එක නග්ගලා ගන්න අතින් දාලා ලියනවා වගේ.

      Delete
    5. මම ඒ බිලොග් එකට ගියා..
      කොමන්ට් කරලත් තිබෙනවා....
      සමහර පරන මතකයන් පිලිවෙලකට ගලපනකොට නොවන දේවලුත් ඒකට ඇතුල් වෙනවනේ බං..සමහර දෙබස් හදලා ලියනවා ඇති පිලිවෙලකට ගලපගන්න ඕන නිසා...අපි එයාව වට්ටන්නැතිව තව ඉස්සරහට එන්න අත දුන්නොත් මොකද ?..
      ඒ ඉන්නේ ඉදිරියේදි බිලොග් අවකාශයේ හොද බිලොග් එකක හිමිකාරිනියක් වෙන්නත් ඉඩතියනවා...මොකද හිතෙන්නේ ඒ ගැන

      Delete
    6. අනිවාර්යයෙන්... මමත් පලවෙනි පොස්ට් එකේ ඉඳලා කියෙව්වා... ලියන විදිහ නියමයි. බොහොම කෙටියට ලස්සනට කියනවා.... fake ගතිය ඇවිල්ල තියෙන්නේ නොවෙන දේවල් දාලා තියන හින්දා තමයි. ගහ දන්නා අයට වැඩේ තේරෙනවා. අපි එයාව උඩට ගන්න ඕනේ අනිවාර්යයෙන්.

      Delete
  22. ළමයි ටික හදාගන්න ගහන්නෙ නැතුව හරියනවය?

    ReplyDelete
    Replies
    1. සැරයක් දෙකක් කතා කරලා බැරි උනොත්

      Delete
  23. බණ්ඩානම් ලැයිස්තු. ලැයිස්තුනම් බණ්ඩා,
    ලිස්ට්වර්ස් වගේනෙ බං උඹත් බැලුවම.

    ReplyDelete
    Replies
    1. තව ලිස්ට් තියනවා .......

      Delete
  24. පෝස්ට් එකත් මරු කමෙන්ට් ටිකත් මරු. ඊට එහා යමක් ප්‍රකාශකිරීමෙන් වැලකෙන්නේ උඹලා මාව විශ්වාස නොකරන බව දන්නා බැවිනි.

    ReplyDelete
    Replies
    1. ආ ඩුඩ් අය්යත් මේ පැත්තේ ඇවිත්. තවත් කොහේ හරි දැක්කා මිට වඩා මොකුත් කියන්නේ නෑ... උඹලා මාව විශ්වාස කරන්නේ නැති හින්දා කියලා ලිස්සලා ගිය. කමක් නෑ.... මේ පැත්තට ආව එකම ලොකු දෙයක් පොඩි අපිට හෙක්.

      Delete
    2. ඔන්න බලහං බණ්ඩෝ ඉතිං. මම එහෙම කිව්වේ ඔය කියන එකත්වත් මම වැඩකරන තැන කිව්වොත් හෙම ඉවරෙටම ඉවරයි. අන්න ඒකයි.

      Delete
    3. තවම මාලදිවයිනේද ? ඇත්තටම මාලදිවයිනේ ලංකාවට වඩා වෙනස් ද?

      Delete
    4. short and sweet, ගුරුවරු බැහැලම වැඩ වගේ..... 98% ක සාක්ෂරතාවක් තියනවා කියන්නේ පුදුමයක් නෙවෙයි.

      Delete
  25. පෝස්ට් එක දිගේ ඇවිත් කමන්ට් ටික කියෙව්වේ දවල් කෑම වෙලාවේ .... හිනා කාලා බඩ පිරුනා....

    බාලිකාවේ ඉගෙන ගත්තා හෙයින් මතක හිටින ගුරුවරුන් දෙන්නෙක් ඉන්නවා...

    10,11 පන්තිවල ගණන් ටීචර්- පාඩම වෙලේ මනෝ ගැහැව්වොත් චෝක් කෑල්ලෙන් හරි හුණු කොට්ටෙන් හරි ගහලා කියනවා"තමුසෙලා නිකන් හිත නැති කය ඇති මනුලෝවේ ඉන්නේ"කියලා....(ඒ ටීච පිරිමි ළමයිගේ ඉස්කෝලෙක උගන්නලා අපේ බාලිකාවට ඇවිති අවුරුද්දයි එතකොට)

    අනික් ටීච 7 තේ පන්තියේ ඉංග්‍රීසි ටීච- "මාර්වලස්" "මෝදෑන්" "අදර්" කියලා හැම වචන දහයකටම එක වතාවක් කියලා ඔළුව කචල් කරා...

    ReplyDelete
    Replies
    1. හනේ ශානුත් ඇවිත් මේ පැත්තේ....

      Delete