Friday 4 September 2015

හඳ ලකුණු කිරීම




හැමෝම ඉස්කෝලේ කාලේ ගැන ලියන හින්දා බණ්ඩටත් හිතුනා ඒ ගැන ලියන්න. ඉතින් බණ්ඩාගේ පොඩිකාලෙන්ම පටන් ගත්තා..........

එතකොට අපි හතරේ පන්තියේ හිටියේ. අපිට විද්‍යාව උගන්නන්න හිටියේ සිරිසේන කියලා සර් කෙනෙක්. නෑ............................ පොළොන්නරුවේ එක්කෙනා නෙවෙයි.

ඉතින් පොඩි උනාට අපිට මේ සර් ගේ මොකක්දෝ වෙනසක් පෙනුනා........... පොඩි පිස්සු ගතියක් වගේ..... සර්ට උගත් පිස්සුව හැදිලා දැන් හොඳවෙලා කියලා කව්ද නරුමයෙක් කිව්වා. විද්‍යාව විෂයට අපිට පොත් තුනක් අරගන්න නියම කරලා තිබ්බා.

එක පොතක් සාමාන්‍ය වැඩ වලට, අනික හඳ ලකුණු කිරීමට. දැන් කට්ටියට හිතෙනවා ඇති සර් අප්සෙට් තමයි කියලා............ ඔබ නිවැරදියි පින්වතුනි ඔබ නිවැරදියි. ඒ පොතේ අපි හැමදාම රෑට හඳ බලලා හඳ පෙනෙන විදිහ ශත විසිපහේ කාසියකින් රවුමක් ඇඳලා පාට කරගෙන එන්න ඕනේ. හිතපල්ලකෝ අවුරුද්දක් තිස්සේ දිනපතා මේක කලා කිව්වම. සර්රුත් දිනපතා පොත බලලා වැඩේ කරපු නැති උන්ට තැලුවා. බණ්ඩාගේ චුටි මොලේට තවම හිතාගන්න බැහැ මෙතන තිබ්බ විද්‍යාව කියලා..............ඇයි යකෝ අවුරුද්දක්ම කරන්න. දන්නා තරමින් එකෙක් වත් අජටාකාශ ගාමියෝ උනේ නම් නැහැ.

අහ් තුන් වෙනි පොත.............. තව ටිකෙන් අමතක වෙනවා........... ඒකේ නම හොඳ වැඩ පොත. හැමදාම කරපු හොඳ වැඩ ඒකේ ලියන්න ඕනේ නැත්නම් ගුටි. ඒකෙත් විද්‍යාවට තිබුන සම්බන්ධෙ හිතාගන්න බැහැ. ගුටි කෑවොත් වෛද්ය විද්‍යාවේ පිහිට පතන්න වෙන නිසා අපිත් ඔය පොතේ මොන මොනා හරි ලිව්වා............
ඉතින් සමහර වෙලාවට බණ්ඩා ඕකේ ලිව්වේ...... අද මම බල්ලා නෑව්වා, බල්ලාට කන්න දුන්නා, බත් කාලා පිඟාන හේදුවා, තේ බීලා කෝප්පේ හේදුවා.......... වගේ දේවල්. ලියන්නම දෙයක් නැති සමහර දවස් වලට සර් ලඟට පොත අරන් ගිහින් "කලින් කරපු හොඳ වැඩම තමයි සර් ඊයෙත් කලේ" කියලා බණ්ඩා කියනවා. ඒක අහලා මල පැන්නත් බණ්ඩාගේ මූන බැලුවම පෙනෙන්නේ "ඇයි කරපු හොඳ වැඩ ආයෙත් කරන්න බැරිද" වගේ එකක් හින්දා බණ්ඩා ගුටි නොකා බේරෙනවා.............. ඇයි යකෝ අවුරුද්දක් පුරා ලියන්න ඔච්චර හොඳ වැඩ කොහෙද තියෙන්නේ.............

බණ්ඩාගේ ඉස්කෝලේ ගේට්ටුව ගාව ඉඳල ඔෆිස් එකට මීටර් දෙසීයක් විතර තිබ්බා......... ඔව් මහා විශාල ඉස්කෝලයක් තමයි. සමහරු ඉස්කෝලේ ආවේ බයිසිකල් වල හැබැයි ගේට්ටුවෙන් ඇතුළුවෙනකොට බයිසිකලෙන් බැහැලා එතන ඉඳලා තල්ලුකරන් යන්න ඕනේ. ඇතුලේ පැදගෙන යාම තහනම්. හැබැයි ගුරුවරුන්ට ඔය නීතිය නැහැ. එයාලා ඔෆිස් එක ගාවටම බයිසිකලේ පැදගෙන යනවා. අපේ සිරිසේන සර් ටත් තිබ්බා බයිසිකලයක්. බයිසිකලේ පිටිපස්සේ හයි කරපු යකඩ දැල් පෙට්ටියක තමයි සර් ගේ බෑග් එක දාගෙන ආවේ. ඉතින් ගොඩක් දවසට ගේට්ටුව ගාව ඉඳලා ඔෆිස් එක ලඟට යනකොට නරුම කොල්ලෝ කරන්නේ වටේ තියන පොල් ඇට්ටි, ටින් බෙලෙක්ක, කඩදාසි, පත්තර කෑලි ඔක්කොම පුරවන එක සර් ගේ පෙට්ටියට. අන්තිමට බැරිමතැන පෙට්ටිය ඉස්සරහින් හයි කරගත්තා.............

හැබැයි සර්ට අප්සෙට් ගතියක් තිබ්බට අපිට හොඳට ඉගැන්නුවා........ගුටි දිදී උනත්.


ජායාරුපය google බාප්පාගෙනි

12 comments :

  1. අපි පොඩි කාලෙත් අපිට හිටියා ඔය වගේ සර් කෙනෙක්. විජේවීර වගෙයි මූණ. අපි කිව්වෙ “දතා සර්“ කියලා. ඔය වගේම කූඩයක් ඉස්සරහින් හයි කරපු බයිසිකලේ එන්නෙ. එයා අපිට ඉගැන්නුවෙ තුනේ පන්තියට. ඒ සර් කියා දීපු දේවල් තාම මතකයි. ඒ කාලෙ නම් අපේ ඔළු වලට බර වැඩියි. හැබැයි එයා ඒවා තේරුම් යන විදියට කියා දුන්නා.

    ReplyDelete
    Replies
    1. පොඩිකාලේ ගොඩක් වෙලාවට හිටියේ සර් ලටවඩා මිස්ලා. මිස්ලට කොල්ලෝ කොන්ට්‍රෝල් වැඩියි.

      Delete
  2. පොඩිකාලේ කරපු පට්ටම බෝරිං වැඩක් තමයි ඔය හොද වැඩ ලියන එක හෙවත් "පිං පොත්" ලිවීම.ඇත්තටම මටත් ඔය එකම හිද වැඩේ හැමදාම ලිව්වම බර අවුල් වගේ හැගීමක් ආවා!

    ReplyDelete
    Replies
    1. අපිටත් ඔය පින් පොතේ scene එක තිබ්බ ඉස්කෝලේ යන කාලේ , ගොඩක් වෙලාවට පට්ට බොරු තමයි මම නම් ලිවේ :p

      Delete
    2. ලිව්වේ නැත්නම් අපේ එකා ගහනවා... ඉතින් අපිත් බොරු ලියනවා

      Delete
  3. ඔච්චර කරන්න තරම් හොඳ වැඩ මේ ලෝකේ තියනවද කියලා හිතුන වෙලාවලුත් තිබ්බා

    ReplyDelete
  4. යකඩෝ අවුරුද්දක් හඳ අදින්න.. හෙහ් අමාවක දවසට නම් පන්තියේ එකෙක් වත් ගුට් කන්නේ නැතුව ඇති නේ..

    ReplyDelete
    Replies
    1. අමාවකටත් නිකන් රවුමක් ඇඳන් යනවා.......... නැත්නම් අමාවකේ තරු බලන්න වෙන්නේ........

      Delete
  5. පව් බං.. අපි ඒ ලෙවල් කරනකොට බයෝ පංති වලට ආවා ඔය වගේ ඩයල් එකක්.පොර නොදන්න දෙයක් නෑ.. හැබැයි ටිකක් ලූස් ගතියක් තියෙනවා.. ඒලෙවල් උගන්නපු පොරව එක පාරටම හය වසරට විද්‍යාව උගන්නන්න දාන්න තරම් අමුතු චරිතයක්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔහොම අය ඉඳහිට ඉස්කෝල වල ඉන්නවා

      Delete
  6. hari shooi ane meh wade..... ada thama blog kiyawanna igena gaththe.... banda ayyanam awesome aahhh!

    ReplyDelete