Saturday 26 September 2015

වෙඩි හඬ - 2



වෙඩි හඬ - 1 කොටස මෙතැනින්

දිවාකර සිදුකල එම ප්‍රකාශයත් සමග කාමරයේ සිටි සියලුදෙනා පුදුමයට පත් වූ බැව් දක්නට ලැබිණි. ප්‍රසිද්ධ රහස් පරීක්ශකයෙක් වන ඔහු කරන මෙම ප්‍රකාශය පිලි නොගන්නා කෙනෙක් මෙතැන නැත, නමුත් ඔවුන් පුදුම වන්නේ තමන් දුටු කරුණු අනුව මෙය බරවන්නේ මිනී මැරුමක පැත්තට නොව දිවි නසාගැනීමක පැත්තට වන නිසාය. ඉන්පසු නිවසේ දුරකථනය වෙත ගිය ඔහු එහි රිසීවරය ඔසවා ඇමතුමක් ගන්නා බවත් කිසියම් දෙයක් සටහන් කරගන්නා බවත් දක්නට ලැබිණි. ඉන්පසු පොලිස් නිලධාරියා ඇමතූ ඔහු,

"ජයසුරිය, මම ටෙලිපෝන් එක රි-ඩයල් කලා....අන්තිමට කෝල් කරලා තියෙන්නේ ටැක්සි කොම්පැනියකට. ටැක්සියක් ගෙන්නලා තියනවා අද උදේ හයට විතර. මෙන්න මේ නම්බර් එක තියන ටැක්සිය හොයා ගන්න ඩ්‍රයිවර් ගේ නමත් තියනවා, ඊට පස්සේ අමාරු වෙන එකක් නැහැ උදෙන්ම මෙහෙන් පිටවෙලා ගිය නෝනා ගැන විස්තර ටිකක් හොයා ගන්න, හැබැයි අපි ඉක්මන් කරන්න ඕනෑ......බොඩි එක මරණ පරීක්ෂනේට යවන්න, ගෙදර සීල් කරන්න, අපි ඉක්මනට මේ නෝන ව හොයාගන්න ඕනෑ...."

මේ අතර වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ නිවස පසුපස විල්ලුවෙහි මාළු අල්ලමින් සිටි පුද්ගලයා ගෙන්වූ බව දිවාකරයන්ට දන්වනු ලැබිණි. ඒවනවිටත් පරීක්ෂණ කටයුතු අවසන් වී තිබූ බැවින් ආම්පන්න හකුලා ගැනීමේ කටයුතු මඳකට නතරකල ඔහු අදාල පුද්ගලයා හමුවීමට නිවසෙන් පිටතට පැමිණියේය. කළු, හීන්දෑරි තරමක වයස්ගත ගැමියෙකු වූ ඔහු, කඩමලු සරමක් පමණක් ඇඳ උඩුකය නිරුවත්ව සිටියේය. බුලත් කහට බැඳුනු දත් පෙන්වමින් තනිවම සිනාසෙමින් සිටි ඔහු වෙත ගිය දිවාකර කතාව ආරම්භ කරනු දක්නට ලැබිණි.

මාළු බෑමට ඔහු පැමිණි වෙලාව හෝ වෙඩි ශබ්ද ඇසුණු වේලාවන් පිලිබඳ තොරතුරු නිවැරදිව ඔහුගෙන් දැන ගැනීම අපහසු බව දිවාකරට පෙනිණි. කෙසේ උවත් වෙඩි ශබ්ධ දෙක අතර අවම තරමින් අඩ පැයක වත් වෙනසක් ඇතිබව කතාබහෙන් වැටහිණි.
'දෙවැනි සද්දේ කන ලඟින්ම වගේ ඇහුනේ මහත්තයෝ....' මෙය ඔහුට හිතන්නට බොහෝ දේ ඉතිරි කළේය. වෙඩි ශබ්ධ දෙකක් යනු ඉතා වැදගත් ශාක්ෂියකි. නමුත් කාමරයේ තිබුණු ගිනි අවියෙන් පිටව තිබුනේ එක් උණ්ඩයකි. 'මේ මිනිහා කියන්නේ ඇත්තක්ද? ඇත්තක් නම් අනෙක් වෙඩිල්ල තැබුවේ කව්ද?', 'ඒ ඇයි ?', 'දෙවැනි ශබ්ධය ගැන ඔහු විශේෂයක් දක්වන්නේ ඇයි?' තමන් ඉදිරියේ නූල් බෝලයක් මෙන් පැටැලුණු සිද්ධි දාමයක් ඇති බැව් දිවාකරට පෙනේ. කෙසේ හෝ නිවැරදි කොන සොයාගතහොත් මෙය ලෙහා ගැනීම එතරම් අපහසු නොවනු ඇත.

******

දුරකථන ඇමතුමක් දී අදාල කුලී රථ රියදුරා සොයා පොලිසියට ගෙන්වන ලෙස ගම්පහ පොලිසියෙන් ඉල්ලා සිටි පොලිස්පරීක්ෂක ජයසූරිය, දිවාකර නැගුණු රථයටම ගොඩවූ අතර ඔහුට උදක්ම අවශ්‍යවුයේ මේ අරුම පුදුම රහස් පරීක්ෂකයා සිය නිගමනයන්ට කෙසේ එළැඹුනා දැයි දැනගැනීමය. රථයට නැගුනු ඔහු ආසන පටි පලඳිමින් සිය කටහඬ අවධි කළේය.

"ඒක නෙවෙයි දිවාකර මහත්තයා... කොහොමද අර කිව්වේ මේක මිනීමැරුමක්, තව කෙනෙක් මේ ගෙදර ඊයේ රෑ හිටියා කියලා..... ඒක කිව්වා කියමු. එත්......., කොහොමද කිව්වේ ගෑණු කෙනෙක්ම හිටිය කියලා......... හරි පුදුමයි, හරි පුදුමයි.......... "

"ඒ විතරක් නෙවෙයි ජයසුරිය, මේ කියන ගෑණු කෙනා අපේ රටේ කෙනෙක් නෙවෙයි කිව්වොත් පුදුමය තව වැඩි වේවිද? " දිවාකර එසේ ඇසුවේ හඬනගා සිනා සෙමිනි. පොලිස් නිලදරුවා එය අසා පුදුමයෙන් පුදුමයට පත් වූ බව දක්නට ලැබිණි.

"මෙහෙමයි, අපි පලවෙනි කාරණේ ගනිමු. දැක්කද උන්ඩේ ඇතුළුවෙලා තිබුන තැන? හරියටම දකුණු කනට අඟල් දෙකක් විතර උඩින්. උන්ඩේ පිටවෙලා තියෙන්නේ වම් කනට පහලින්. අපි උපකල්පනය කරමු මිනිහ නුහුරු අතින් ඒ කියන්නේ දකුණු අතින් වෙඩි තියා ගත්තමයි කියලා. එහෙම උනානම් උන්ඩේ පිටවෙන්න ඕනේ  ගොඩක් වෙලාවට සමාන්තරව අනෙක් පැත්තෙන්. තමන්ටම වෙඩි තියාගන්න කෙනෙක් මේ තරම් අමාරු ඉරියව්වකින් උණ්ඩයක් ඇතුල් කර ගනී කියල හිතන්න බැහැ. උඩ ඉඳන් පහලට උන්ඩේ යන විදිහට? කොහෙත්ම වෙන්න බෑ..........."

"මෙතන උන්ඩේ ඇතුල්වෙන තැනයි පිටවෙන තැනයි අතර තියන ඈන්ගල් එක අනුවයි, පුටුවේ උස අනුවයි මට කියන්න පුළුවන් මිනී මරුවා අඩුම තරමේ අඩි හයක් වත් උස කෙනෙක් !! ඔව් මගෙ උපකල්පන ඔක්කොම හරි නම් බොහොම උස කෙනෙක් වෙන්න ඕනෑ......... "

"අනිත් කාරණේ.......... ගෙදර හිටපු කෙනා ගෑණු කෙනෙක් කියන එක, ඒක කොහොමද කිව්වේ........"

"මම නිදන ඇඳ, ඒ වගේම ඇතිරිලි පරික්ෂා කලා........ ඒකේ තිබ්බා ටිකක් මිල අධික කාන්තා විලවුන් සුවඳක්, සමහර සෙන්ට් වර්ග ගෑවුනාම දවස් ගනං සුවඳ තියනවා තමයි, හැබැයි ඇඳ ඇතිරිලි දාලා තියෙන්නේ බොහෝවිට ඊයේ......... ඉතින් උපකල්පනය කරන්න පුළුවන් සෙන්ට් ගෑවුනේ ඊයේ කියලා. ඇඳ ඇතිරිලි බැලුවම ඒවා  බොහෝම අලුත්. සේදුම් කුඩු සුවඳ ඉතා හොඳින් තියනවා............ඇතිරිලි පාවිච්චි නොකලොත් ඇරෙන්න සේදුම් කුඩු සුවඳ තියෙන්නේ වැඩිම උනොත් දවස් දෙකක් විතර. ඒකෙ බ්‍රෑන්ඩ් එක කියන්න ඕනේ නැහැනේ..." දිවාකර එසේ කීවේ සිනහසෙමිනි.

"අනිත් එක අපේ රටේ නෑ නොවැ දිග රත්තරන් පාට කෙස් තියෙන නෝනලා..........මට ලැබුණා දිග රන් පාට කෙස් ගස් කීපයක්ම ඇඳේ තිබිලා....... හොඳින් බැලුවම පෙනෙනවා මේවා ස්වභාවික රන් පාට කෙස් කියලා.....  අහ් තව දෙයක් කියන්න බැරි උනා.........ලා තැඹිලි පාටට හුරු රතු තොල් සායම් පාවිච්චි කරලා...... රුපලාවන්‍ය කටයුතු කරගෙන තමයි ඒ නෝනා ගිහින් තියෙන්නේ........."

නිලධාරියා තව තවත් පුදුම වෙනු දුටු දිවාකර,
"හරි හරි ඒවා කිව්වේ මෙහෙමයි. බාත්රූම් එකේ කන්නාඩිය ළඟ හොඳින් බැලුවොත් පෙනෙයි රුපලාවන්‍ය උපකරණවලින් වැටුන සියුම් කුඩු.....ඒ වගේම වැඩිපුර ගෑවුණු තොල් සායම් පිහදමපු ටිෂු කඩදාසියක් තිබ්බා බාත්රූම් එකේ කුණු කූඩේ............බොහොම කිට්ටු හිතවත් කමක් තියෙන කෙනෙක් වගේ........."

******

පොලිස් පරීක්ෂක වරයාගේ ජංගම දුරකථනය නාද වූ අතර, පණිවිඩයෙන් කියවුනේ අදාළ කුලී රථ රියැදුරා පොලිසියට ගෙන්වාගෙන ඇති බවය.

"සර් ටැක්සි ඩ්‍රයිවර් පොලිසියට ගෙනල්ලා........ අපිට ඕනේ නම් යනගමන්ම මිනිහට කතා කරලා යන්න පුළුවන්"

"ඔව් ඒක හොඳයි අපි මෙහෙමම යමු"

ඔවුන් පොලිසියට යනවිට රියදුරා තරමක නොසන්සුන් බවකින් සිටින බව දක්නට ලැබිණි. වයස අවුරුදු තිස්පහක හෝ හතළිහක පමණ පෙනුමැති, උස හැඩිදැඩි සිරුරක් ඇති ඔහු ඇවිදින ආකාරයෙනුත්, හිටගෙන ඉන්නා විලාසයෙනුත් ආරක්ෂක අංශ පුහුණුවක් ලැබූවෙක් වියයුතු බව දිවාකරට සිතිණි. අවශ්‍ය වන්නේ විස්තර කීපයක් දැනගැනීම පමණක් බව සැලකර සිටීමෙන් පසු ඔහු සන්සුන් විය.

"අද උදේ මෙන්න මේ ඇඩ්රස් එකෙන් කෙනෙක්ව ගන්න ගියාද" රියදුරාට ලිපිනය ලියු කොලයක් පෙන්වමින් දිවාකර ප්‍රශ්න කිරීම ඇරඹුවේය.

"ඔව් සර්, උදේ හය හමාරට විතර"

"කාවද එතනින් ගත්තේ"

"සුදු උස නෝනා කෙනෙක්, කතා බහෙන් තේරුණ විදිහටනම් ඇන්ඩ්රු මහත්තයාගේ නෝනා........."

"වයස කීයක විතර කෙනෙක්ද?"

"අවුරුදු තිස්පහක් විතර ඇති"

"කලින් ඉඳලා ඒ මහත්තයා දන්නවද?"

"ඒ මහත්තයා ගොඩක් වෙලාවට ගමන් බිමන් යන්නේ මගෙත් එක්ක, අපේ ඩ්‍රයිවර් ලා කාටවත් එහෙමකට ඉන්ග්‍රීසි කතා කරන්න බැරි හින්දා, මුල ඉඳලම ඒ මහත්තයා එක්ක ගමන් බිමන් යන්න වාහනයක් ඕනෑ උනාම කොම්පැනියෙන් යැව්වේ මාව. ඉතින් දැන් අවුරුද්දක් විතර තිස්සේ ඉඳලා මම තමයි යන්නේ"

"මීට කලින් අන්තිමට ගියේ කවද ද?"

"මීට දවස් තුනකට විතර කලින්"

"දවස් තුනකට කලින් !!, එතකොට නිතර යන එන තැන් තියනවද? "

"ඔව් සර්, හැම සෙනසුරාදාම වගේ කොළඹ ක්ලබ් එකට යනවා....., මම ගිහින් දානවා උදෙන්ම. තව ඉඳහිට බැංකුවට, තව........ වෙන සාමාන්‍ය ගමන් යැවෙනවා......."

"ක්ලබ් එකට ගියාම අපහු එක්ක එන්නත් යනවද?"

"ආපහු එන්නේ කොහොමද කියලා නම් මම දන්නේ නෑ, මම කරන්නේ ගිහින් දානවා විතරයි"

"එතකොට අද උදේ මොකද උනේ කියලා පොඩ්ඩක් කියමුද?"

"ඊයේ රෑ වැඩ කරපු හින්දා අද උදේ හතට මට ඕෆ් වෙන්න තිබ්බේ.... එත් හදිස්සියෙම අපේ ඔෆිස් එකෙන් කතාකරලා මට ඇන්ඩ්රු මහත්තයලගේ ගෙදරට යන්න කිව්වා.........කොහොමත් එහෙට යන්නේ මම හින්දා වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. ඉතින් මම  හය හමාර වෙද්දී එතනට ගියා...............වෙනදා වගේ ගමන යන්න ආවේ මහත්තයා නෙවෙයි............ඉක්මනට වාහනේට නැගපු ඒ නෝනා එයාර්පොර්ට් එකට ගිහින් දාන්න කිව්වා......... "

"මොනවා...............එයාර්පොර්ට් එකට!!!!! මේ ගෑනි රටෙනුත් පැන්නද?"


මතු සම්බන්ධයි

39 comments :

  1. නියමයි.... ඔය තියෙන්නෙ සුපිරියටම.... අර උණ්ඩෙ ගමන් මාර්ගෙ ගැන කියපු එකනම් සිරාවටම එල. තව ඒකටම දාන්න පුළුවන් ටිගර් එක තද කරද්දි ඇඟිල්ලෙ ඇති වෙච්ච තැරපුම නැති එක, උණ්ඩය වැදුනු තැන වෙදි බෙහෙත් තියෙන එක ගැනත්. ඒ දේවල් වලිනුත් දිවිනසා ගත්තද කියලා තීරණය කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. හිතට හරි මදි හොඳට ලියවුනා මදි කියලා.... අර විස්තර ටික එවනවද hibandara@gmail.com එකට. මම කලින් කොමෙන්ට් එකෙත් දැම්මා......

      Delete
    2. අද අනිවා එවන්නම්. මේ දවස් ටිකේ නිදහසක් තිබුනෙම නෑ. හොඳ මදි නෑ අද හොඳටම තියෙනවා.

      Delete
    3. හදිස්සියක් කලබලයක් නෑ.... නිදහසේ එවන්න

      Delete
  2. ඩීමන් හෝල්ම්ස් ටයිප්
    අධිවේග ත්‍රාසජනක ඉට්ටෝරි
    අයි ලයික් දිස් ටයිප්
    මුල ඉදංම කියවං ආවෙ පළවෙනි කොටසයි මේකයි දෙකම එක පාර
    ගති මචෝ පරිකල්පන උපකලප නිරීක්ෂන මට නං හිතට ඇල්ලුව
    ඉතුරු ටිකත් කියවන්න ආසාවෙන් බලං ඉන්නව
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ වේවා... තව කොටසක් හෝ දෙකක් තියේවි... අපි බලමු. දිගටම මේ පැත්තේ එන්න

      Delete
  3. ඩී අයි ජී රිමාන්ඩ් වෙන්න කලින් මේ කේස් එක ඉවර කළාද?

    ReplyDelete
    Replies
    1. ඔව් මිස්ටර් හැලප්ස්,
      ඩී අයි ජී හිරේ ඉඳලා ගේම ඉවර කලේ ........

      Delete
    2. ඒ වගේ සිද්ධියකුත් දැම්ම නං මේක තවත් සංකීර්ණ වෙයි. සංකීර්ණ වෙන්න වෙන්න මිස්ටරි කතා රසවත්...

      Delete
  4. බොහොම හොඳයි. කතාව සාර්ථකව ගලායනවා.

    තුවක්කුව පෙන්නලා පිස්තෝලෙන් වෙඩි තැබීම දන්නවද? මේ වගේ කතාවලට එවැනි දේ හරිම ප්‍රයෝජනවත්.

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් අපි දන්නෙවත් නෑ නේ..... කියලා දෙන්න පුලුවන්ද

      Delete
    2. මෙහෙමයි. යම්කිසි වෙඩි තැබීමේ සිද්ධියකදී ඇසින් දුටු සාක්ෂි ඉදිරිපත් වුණාම කියනවා, වෙඩි තිබ්බේ මොනවගේ ආයුධයකින්ද කියන එක. අපි හිතමු කාර් එකකින් ඇවිත්, කාර් එකේ ඇතුළේ ඉඳලා තුවක්කුවක් එලියට දාලා වෙඩි තියනවා, කවුරුහරි දකිනවා. නමුත් මරණ පරීක්‍ෂණයෙදී හෙළිවන්නේ, පිස්තෝල උණ්ඩයක් වැදී මියගිය බවයි. කොහොමද මෙහෙම වෙන්නේ. තුවක්කුකරු සමග පිස්තෝලකරුවකුත් එනවා. සමහරවිට රියැදුරා තමයි පිස්තෝලකරු. නැත්නම් තුවක්කුකරුයි පිස්තෝලකරුයි එන්නේ පස්ස සීට් එකේ. කාර් එකේ වීදුරුවෙන් එලියට තුවක්කුව දැම්මත්, වෙඩි තියන්නේ පිස්තෝලෙන්.

      Delete
    3. විචාරකතුමාට මතකද ෂර්ලොක් හෝම්ස් ‘පාළු නිවසේ වික්‍රමය‘? ඒකෙත් තියෙනවා වායු රයිපලයකින් පිස්තෝල උණ්ඩ යොදාගෙන ඈත ඉඳන් වෙඩි තියන ගේමක් ගැන (කර්නල් සෙබස්තියන් මොරාන්).

      Delete
    4. අහ් නංගි පෙන්නලා අක්කාගෙන් ආ නෑ.............. අක්කා පෙන්නලා නංගිගෙන් ගේම දෙනවා නේ.........

      Delete
    5. විචා කියපු විදිහෙ කතාවක් තියෙනවා ඩබ්ල්යු. ඒ. සිල්වගෙ "අමෘත හස්‍තය" පොතේ "වෙඩිල්ල" කෙටි කතාවෙ. ඒකෙ, බයිසිකල් කාරයෙක් එනවා. එයා හැමෝම බලං ඉද්දි පිස්තෝලයක් එල්ල කරලා කොකා ගස්සනවා. වෙඩි හඬක් ඇහෙනවා. පිස්තෝලෙ එල්ල කරනු ලැබූ තැනැත්තා මැරෙනවා. අර බයිසිකල් කාරයා ආපහු යන්න හදද්දි මිනිස්සු හරස් කරලා ඌව අල්ල ගන්නවා.

      පස්සෙ පොලිසිය දැනගන්නවා එයා ගාව තිබ්බ පිස්තෝලෙ, වෙඩි තියන්න බැරි අබලන් එකක් කියලා...

      Delete
    6. ඔව් W A සිල්වාගේ කතා මරු

      Delete
  5. Replies
    1. ටික්කත් ඇවිත්, අයෙත් එන්න

      Delete
  6. Replies
    1. අපේ ටීචරුත් ඇවිත්, තෑන්ක්යූ වේවා.....

      Delete
  7. 2ත් නියමයි.ඔන්න අපි උඹෙ තුන බලන්නත් එනවා.( චීයා උඹ කැත විදියටනේ හිතුවෙ.මම මෙ තුන් වැනි කොටස ගැන කීවෙ)

    ReplyDelete
    Replies
    1. ළඟදීම තුන පෙන්නනවා

      Delete
  8. චන්දන මෙන්ඩිස්ට පොඩි ඉරිසියාවක් දැනෙනවාත් ඇති.

    ReplyDelete
    Replies
    1. අර මොකෝ... ඌට කව්රුත් කොමෙන්ට් දෙන්නේ නැති නිසාද?

      Delete
  9. එළකිරි ඕයි.. මේක නියමෙට යනවා, මේක අදහසක් විතරයි ..ඔය මහත්තයා වගේ දේශීය වචන එච්චරම යොදාගන්න එපා, උදාහරණයක් හැටියට දිවාකර මහත්තයා වෙනුවට මිස්ටර් දිවාකර කියලා යෙදුවනම් හොඳයි මට හිතෙන්නේ . ඒ වගේ දේවල් ගැන මම කිව්වේ .මොකද රහස පරීක්ෂක කතා වලා බටහිර ඌරුවක් තියෙන එක හොඳයි කියන එකයි මගේ පෞද්හලික හැගීම

    ReplyDelete
    Replies
    1. හැමෝම කිව්වේ international කොරලා ගන්න කියලා තමයි. අපි බලමු ඉස්සරහරහට මොකෝ වෙන්නේ කියලා

      Delete
  10. කොටස් දෙකක් දාපු එක හොඳයි. හැබැයි උඹේ පාඨකයො උඹ තරම් ඇඩ්වාන්ස්ඩ් වෙලා නෑ තාම. ඒ නිසා අනුමාන කමෙන්ට් ලැබිලා නෑ. ඒ වගේම අපිට අනුමාන කරන්න ඉඩ දෙන පරිසරයක් නිර්මාණය කරන්න මේ කතාවෙ හැටියට පුළුවන් කමකුත් නැති බව පේනවා. මොකද පාඨකයන් කැමතියි අරූ වෙන්නැති, මූ වෙන්නැති කියලා ඇඟිල්ල දික් කරන්න. (සේයා ඝාතනයෙදි උනෙත් ඒකනෙ.) ඒ වගේ සැකකාරයන් පිරික් ඉදිරිපත් කරලා නෑ මේ කතාවෙදි. මේ කතාවෙ තියෙන්නෙ, පාඨකයන් රහස් පරීක්ෂකයන් කරන විදිහෙ ප්ලොට් එකක් නෙවෙයි, පාඨකයන්ගෙ කුතුහලය "ඊළඟට මොකද වෙන්නෙ?" කියන ප්‍රශ්නෙ ගැන විතරක් එළවන විදිහෙ ප්ලොට් එකක්. ඒක උඹේ දුර්වල කමක් නෙවෙයි- ඒ ක්‍රමය වෙනයි, අර ක්‍රමය වෙනයි. මට පේන විදිහට උඹට මේ ක්‍රම දෙකම ලියන්න පුළුවන් හැකියාව තියෙනවා. (මං සැරයක් කතාවක් ලිව්වා, 2013 විතර. ඒකට මට සෑහෙන්න කමෙන්ට් ආවා, ඉදිරිය අනුමාන කරන විදිහෙ.)

    කියවලා තියෙනවද, "නයිපෙණේ සිරකාරි"? ඒක තමා මං දැකපු හොඳම ලාංකීය රහස් පරීක්ෂක කතාව, 60 ගණන් වල ලියපු... ඒකෙ පරිසරයෙ ඉන්නෙ සීමිත පිරිසක් - හත් අට දෙනෙක් විතර. සැකය එල්ල වෙන්නෙ කාටද, ඌ ඊළඟ චැප්ටර් එකේදි මැරෙනවා. ඔය විදිහට අන්තිම වෙනකල් ම සස්පිෂන් එක රඳව ගන්නවා.

    ReplyDelete
    Replies
    1. බලන් ගියාම ඩ්‍රැකීට මේ සම්බන්ධයෙන් පට්ට දැනීමක් තියනවනේ.......... අපි ලියමු එකක් මාරුවෙන් මාරුවට අර බස්සියි ඉවානයයි කොරනවා වගේ....... මොකෝ කියන්නේ. අලුත් ට්‍රෙන්ඩ් එකක් වේවි

      Delete
    2. බලමු...

      උඹ වගේ මම කතා උල්පතක් නෙවෙයි බණ්ඩො. අර අඟහරුවගෙ ඉල්ලීමකට කතාවක් ලියන්න හදනවා දැන් අවුරුදු දෙකක ඉඳං.

      මට හිතයි “මාරක සහ රහස් පරීක්ෂක කතා ලිවීම“ ගැන පෝස්ට් එකක් දාන්න. ඒ වගේ දේවල් නම් මට පුළුවන්.

      Delete
    3. ඒක හොඳයි අර කැමා මට උපදෙස් ටිකක් එවනවා කියලා කිව්වා තවම නෑ..........

      Delete
    4. ඩ්‍රැකි උඔට පුලුවන් ලියපන්

      Delete
    5. බලමු මෙන්ඩො... ලියලම බලමු!

      Delete
  11. ඉතාමත් අනර්ගයි.. තුන්වෙනි කොටස පාඨකයා තව ටිකක් අතරමන් කරන්න පරීක්ෂණය ඇතුලෙම..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, අපි බලමු මොකෝ කරන්න පුළුවන් කියලා ඉස්සරහට

      Delete
  12. එක හුස්මෙට කියවගෙන ගියා.. නියමයි.

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ වේවා, අයෙත් එන්ඩෝ

      Delete
  13. එල ද බ්‍රා
    උඔ දන්නවනේ මේ වචනේ ඇතුලේ කියන්න ඔනේ හැම දෙයක්ම තියනවා..

    ReplyDelete