Friday 18 September 2015

වැරදියට ඇහෙන සිංහල සින්දු - 2




මෙන්න ආවා සන්ෆ්ලවර්ස් සමග වැරදියට ඇහෙන සිංහල සින්දු අංක 2, වැරදියට ඇහෙන සිංහල සින්දු අංක 1 බලපු නැති අය බලලා එන්න.


26. රන් මසු නෑ කියා .. මා බිළිඳුයි කියා.. කීවා

27. ආ....දරියේ කුචි රාණනියේ

28. මල් ඔතනෝ...... මගෙ මල් ඔතනෝ.....

29. උප්පැන්නේ පියාගෙ නම ලියන තීරුවේ, පියාගෙ නම තිලක් උනේ 
කොහොමද අම්මේ

30. මුඩු මුහුණේ සුව දැනුනේ පිය ළඳුනේ මට විතරද

31. හම්බන්තොට මූදු වෙරළේ වැලි කැට ගාණට - මම ඇඩුවා ඔබත් එක්ක පැනලා පාරට

32. චන්ද්‍රාමේ රෑ පාරේ ආවා

33. ඔබ තාම මාගෙමයි වයස්ගත යෞවනියේ.

34. ලස්සන නම් නෑ පෙනෙන්නේ... බිත්තර සුවඳයි දැනෙන්නේ.

35. ඒ හිස් හදේහි මතුවු ලක්කාරයා උබුලු

36. සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි.. කුඹුකේ ළිඳෙන් දිය ඇදලා නාලා.. හැඩවැඩ වෙන්න ඔයා ලස්සන කළු පොළඟා එනවා ඔබව සොයා

37. ඔබ ආරාධනා වක්කලාදෝ!! 

38. තෙත කොණ්ඩය බිම ගෑවෙයි නුඹේ... හැටට හැටේ

39. නිල්ල නගන "ස්වර්ණ කිකිළි" රාවේ....... සිත පුරා.

40. ඇස් දෙක වහගෙන ගිය දෙන්නට මේ මොකද උනේ

41. පුල්ලි ගොනා පුරුදු කාරයා මම තමා කරත්ත කාරයා

42. Few වසරක පෙම් ගීතය ගොලු වෙලා ගියාදෝ

43. කඳුලැලි ඇහැට ඇවිත් ඇහැ එතනින් බිමට වැටෙයි

44. මම රෙන්නේ ඩුබායි රටේ ඉඳලා සල්ලි හොඳට හම්බ කරලා හම්බ කරපු සල්ලි මා ළඟයි

45. වසන්ත ගාවට සුරන්ගනාවන් අනන්තවත් ඒවී

46. කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා.. සුළු මැදුම්ගෙ දෙක පැටලී ගිගිරි වැළපෙනා..

47. ආදරයයි, කරුණාවයි, ඉඹි පැටියයි මා සිත පාරයි

48. ජීවන විල මැද ඇඹරෙන කැකුළකි චූ බර ඌරුවතී.

49. මලට රේනු සේ... ඔබ ළඟ ඉන්නම්
සඳට තරුව සේ... තනිය-ම කන්නම්

50. මගෙ හිතගාව දණගාපු මනමාලියේ

51. රුවන් නිදන එළබිමයි 
නුවන් අදන එළබිමයි
නිවන් පුදන එළබිමයි
ලොව හෙළි කළ එළබිමයි

52. සොර දෙටුවෙක් කස තැලුම් කකා වන්ගෙඩියට ගෙන යන ගමනේ...

53. පොල් පිති විතරක් පළමු හාදුවෙන් තෙමන්න

54. උඩ ගුලියක් ගොතා බඳින
නීල වරළ සරසන්නට
මා පිපුණේ නැත
මේ දෙරනේ...

55. දේදුන්න සේදී.. රෑ නිල්ල උතුරා
ලාඩම් අහසින් වැස්සක් වැටුනා...

56. ඉගිලිලා ගිහින් තනපු කූඩුවත් අරන්
නැවත එන්න සියඹලා දුවේ

57. සඳ මෝජු වෙලා නැගෙනා රෑ කාලේ වනන්තරේ..

58. මහ දැනමුතු වණ බඹරා ලං වී කනට ඔබේ.

59. එළදෙනට... ජනජයතු... ජයමංගලානි

60. කිරි වෙහෙරට මල් නෙලුවට මගෙ අතපය මට සුවදයි

61. සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ලංළේ සිපගන්නට මම ඉන්නම් තව සුනාමියක් එනකං

62. පරණ රමණී ඔබේ ආලේ සදාකල් දුකට වී මෝලේ

63. බිමට වරෙන් බිමට වරෙන් ස්වර්ණමාලි කුමාරියේ…

64. චී ඊ ඊ ඊ ඊ ඊ මල් පබා

65. පියඹා ආවා ප්‍රේම කුරුල්ලා රත්නපුරේ හී කූඩු සදන්ටා....

66. කුකුළුපොරේ හඳපානෙ නටන වීදුරු මල් නෙලන්නම් .. 

67. පිදුරු දෙවිගල පැල්පතේ නැති

68. යටිපතුලේ........ හසරැල්ල නළ රැල්ල කඳුලැල්ල මා නම් ඔබේ...

69. ඔබ තේදුන්න ආකාසයේ හංගා තබා යන ටෙක්නික් බලා

70. දණගාද්දි ඇවිදින්නට මට අතදුන්න - ගුරුහරුකම් හොඳ නොහොඳත් කියලා දුන්න
මහළුව බැරි උනාම ඔබ හට ඇවිදින්න - තොට දෙන්නම් තාත්තේ කොන්ද කැඩෙන්න

71. කොටු වැටිච්ච පුංචි සරම ඇතුලෙ නටන මල්ලියා
මගේ මල්ලියා - සුරතලා චණ්ඩියා

72. සඳ මිදුලට එනවා - ඇඳි වත සිහිවෙනවා

73. නුබේ මුහුන දකින වරෙ.... හදේ අදුර තුරන් කෙරේ...පසලොස්වක 
පෝය බදාදයි

74. පින් මාලු වලේ හුටන් ටැන්ට මාලු බානවා

75. රන් මසු නෑ කියා මා බිළිඳුයි කියා කීවා

76. පිරිමි සරු සර වී.... ලා...... නීල ගොයම් පැසේ...

77. සැදෑ.... කළුවර පොර ගගා විත්

78. මාලෙ බැන්ද මාගෙ රම්‍ය වන්...ඔ්....මාලෙ බැන්ද මාගෙ රම්‍ය වන්...
මගෙ සුනිමල අැගෙ පිත්තල, මගෙ සුනිමල අැගෙ පිත්තල...

79. මල කිම්බේරෙන පැණි බින්දු... 

80. සුදු අරලියා මල......ලිංගික ඇසුරකට මට දැන් අවසරද

82 comments :

  1. ඉඳුනිල් ගඟුලැල්-
    ජාති කානු රාගයෙන් වැසිලා
    හෙහ් හේ.. එළැ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. පාර්ට් 3 එකකුත් ලියන්න වේවි වගේ

      Delete
  2. නොබලන් කුමරියේ අබලන් මාදෙස වපර ඔබේ දෙනෙතින් .... (වැරදියට ඇහුනු එකක් නෙවෙයි )
    ඇත්තමයි බං දැන් මේවයේ හරි ඒවා මොනවද කියලයි මේ කම්පනා කොරේ

    ReplyDelete
    Replies
    1. ඇයි බං මෙක නිකං හින්දි විදියට ටිකක් ඇදලා හෙමින් කියලා බලපංකෝ.හරියට ඔර්ජිනල් එක වගේමයි.

      යොහානා රබර් ගහට මූත්‍රා කරයි
      මූත්‍රා දිගේ කූඹි යාත්‍රා කරයි....

      Delete
    2. පාර්ට් 3 වලටත් බඩු තියනවා වගේ....

      Delete
  3. මේක මට පහලට කියවන්න බෑ බඩ කොර වෙලා හිනා වෙලා..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ඔවි බං.ආයේ බස් එකේ යන වෙලාවට ඔය සිංදුව දැමිම ගමන් දැන් මතක් වෙන්නේ ඔක.

      බණ්ඩා උඹ ගොඩක් මහන්සි වෙලා තියනවා මෙ ටික හොයන්න.මට නමි ඇත්තටම කමිමැලි හිතුනා එහෙම ඒවා හොයන්න.අපේ සතුට වෙන්වෙන් උඹ මහන්සි උනාට තැන්ක්ස් මචං

      Delete
    2. බස් එකෙන් බස්සයි පිස්සෙක් නැගලා කියලා

      Delete
  4. මේ ලිපි දෙකට මම පොඩි ඇඩ් එකක් පබ්ලිසිටියක් දෙනවා අනිත් බ්ලොග් වල.

    ReplyDelete
    Replies
    1. එල එල, බිල මගේ සේකට්‍රි ට එවන්න

      Delete
    2. සේකට්‍රි එවපන් ඉරිදට 18 කනුවට මතක් කරලා ඡාතික හැදුනුම් පත අරගෙන එන්න කියපන්..

      Delete
    3. සේකට්‍රි ආවා දවසම 18 කනුව ගාව හිටියා.... කොල්ලෝ ඇවිත් කීයද නංගී කියලා අහනවා කියලා ආපහු ආවා.......ඡාතික හැදුනුම් පත 18 කනුව උඩ තියලා ඇවිත් දැක්කද?

      Delete
  5. 40 මට ඇහිල තියෙන්නෙ...

    ලැට් එක ගාව හිටිය දෙන්නට මේ මොකද උනේ...

    ReplyDelete
    Replies
    1. හුදෙකලාව දරමඩුවක් ගෑණු ළමයෝ

      Delete
  6. අජානේය ඉස්කූටර තුරගා පිට වඩනා
    කුමාරියනි 'වාත වේදනාවෙන්' ඉගිලෙනු කොතනා

    ReplyDelete
  7. තක තාත්ති ඇවිදින්නට මට අත දුන්නා

    ReplyDelete
  8. අන්න ඕලු මලක් නිල්දිය මත පාවෙලා යාවි ඈගේ පු-න් ඹබර රාජා සොයා

    ReplyDelete
  9. සින්දු අහන්නෙ නැති නිසා ඕවා නම් දන්නෙ නෑ බණ්ඩෝ... රහස් පරීක්ෂණ කතාවක් ලියහංකෝ.
    දැන් අර චන්දනයගෙ අලුත් ශර්ලොක් හෝම්ස් කතා නිසා ඌවත් එපා වෙලා ඉන්නෙ. මෙලෝ රහක් නෑ. ඩොයිල් ලොක්කා හිටියා නම් දිවි නහගන්නවා. යන්තම් අගතාගෙ පොයිරෝ කාරයා අහුඋනා. ඌ නම් සුපිරි. ඒ ටිකත් කියවලා ඉවර වෙලා ඉද්දි තමයි මේක අහුඋනේ. හොඳ එකා වගේ ලියහං ඈ....
    වලව්වල පලහිලව්ව කියවලා තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ලියන්නම්.....හෙන අමාරුයි අප්පා ඒවා ලියන එක. එකක් ලියන ගමන් ඉන්නේ දැන් දවස් දෙකක් තිස්සේ........

      Delete
    2. අම්මප ඕයි චන්දයා දැන් ඒ පොත් ටික කාලා, දැන් ලියන්නේ මට පෙන්නේ උගේ බාප්පාගේ පුතාද කොහෙද උගේ නමින්

      Delete
    3. ඇත්ත කතාව කැමා..චන්දන මෙන්ඩිස් හිතාගෙන ඉන්නෙ සර් ආතර්ට ඉස්සර මු කතා ලිව්වා ඩොයිල් ඒවා පරිවර්ථනය කරා කියලා

      Delete
    4. කියවලා බැලුවෙ නැද්ද අගතගෙ පොයිරෝ කතා සෙට් එක? "පූජිත කරුනාරත්න " පරිවර්තනය කරා 5ක් විතර සුපිරියටම. අපෙ කරුමෙට මම දන්න විදිහට පොර මේ ලඟදි මැරුණා බං. පව් එච්චර වයසත් නෑ. දැන් වෙන උන් ටිකක් ලියනවා. ඒත් අර තරම් ගතියක් නෑ.
      චන්දනයා ඩොයිල්ගෙ නමත් කනවා. පොඩි උන් හිතන් ඉන්නෙ ඒවත් ඩොයිල්ගෙ කතා කියලා. එක්කො ඌ කියන්න ඕනෙ. නැත්නම් බැරි මගුල් නොකර ඉන්න ඕනෙ.

      බණ්ඩෝ, උඹට නියම ඔළුවක් තියෙනවා පරිකල්පනේට. කෙලින්ම හදපන් ස්ථිරවම එක රහස් පරීක්ෂක චරිතයක්. ඒක වටේ කතා ටික ගොතහං. හදිස්සියක් නෑ. ඒ චරිතෙ ලංකාවට ගැලපෙන විදිහට අතිශෝක්ති නැතුව දාහං. එච්චරයි.

      Delete
    5. සාරාංශය - චන්දන මෙන්ඩිස් දක්ෂයෙක්..පරිවර්තනට... රචනයට නෙමේ.
      (බණ්ඩෝ....උඹේ මේ උලව් බකමූණා මගේං මැරුං කෑවා කියාගෙන එනවා නෙමෙයි මෙතන)

      Delete
    6. හරි කව්රුත් පව් පුරවගන්න ඕනේ නෑ මමම බකමුනා මරුවා......

      Delete
  10. බන්ඩො මරු පෝස්ට් එකක්. තව මේ වගේ සින්දු මතක් වුනොත් එවන්නම්.

    අර මේකෙ තියෙන 26 සහ 75 දෙක ම එකම සින්දුව නේද බොලං. හැක්.

    ReplyDelete
    Replies
    1. අහ් ඔව්නේ........ මුලින් තියන සෙට් එක මම කලින් ලියලා තිබ්බේ... පස්සේ සෙට් එක කොමෙන්ට් වලින් අරන් දාගෙන ගියා.....

      Delete
  11. සුන්දරත්වයෙන් පිරි සොඳුරුමතී හීනේ - සොඳුරුම සිහිනේ

    ReplyDelete
  12. නිදින අප පුබුදු කරන් මාතා - නිත් දින අප පුබුදු කරන් මාතා

    ReplyDelete
    Replies
    1. පාර්ට් 3 එකක් ලියමු, ප්‍රේක්ෂක කොමෙන්ට් වලින් සාදන ලදී කියලා......

      Delete
  13. පට්ට පට පට මචෝ.

    ReplyDelete
  14. මෙන්න මේ වල් කුරුල්ලව අල්ලලා කූඩු කරපිය මේකා කරදර කරනවා.

    ReplyDelete
    Replies
    1. නලියයියට සපෝට් එකට මාත් දැම්මා උඩිං එකක්. මං මූව මස් කරලා ඩෙවල් දාන්නං. නලියයියා ගල් බෝතලයක් අරං එන්න හංදියට ගිහිං අපි දෙන්නට බොන්න.

      Delete
    2. මමං ම බකමුනා මරුවා......බයිට් එකට වෙන මොනා හරි ගන්ඩෝ.....

      Delete
  15. සිදාදියේ නුඔ දුටුවට මං නන්නානේ..

    ReplyDelete
    Replies
    1. ආ ලොකු අයියා...මක්කැයි වෙන්නෙ ඔහේ...

      Delete
    2. පාර්ට් 3, පාර්ට් 3

      Delete
  16. අද ආවෙ...හොය හොය යන ගමන්.. හොඳ තැනක් වගේ.......

    ReplyDelete
    Replies
    1. ඔව් හොය හොය යද්දී හොඳ ඒවා හම්බවෙනවා.......

      Delete
  17. ඇයි රනිදුගේ-- මධුමතියේ බඩුම තමා...

    ReplyDelete
  18. ඔබ ගියා මදුක මට දී...

    ReplyDelete
    Replies
    1. හා හා මගෙත් යාලුවෙක් ඉන්නවා මධුක කියලා....... පාර්ට් 3 වලට දාමු

      Delete
    2. මට ඕක ඇහෙන්නෙ “ඔබ ගියාම පුක මට දී“ කියලා

      Delete
  19. මේ තමා මෑතක දැක්ක හොඳම කලෙක්ෂන් දෙක. පට්ටයි බං. කොහොමද හිට්ස්?!
    වෙන එකක් තියා පරණ අහලා තිබුණ ඒවා මතකෙට එන්නෙම නෑ මේ ටික රැව්දෙනවා කනේ.
    (එක්කො කමක් නෑ. උඹ ඔය පොත්රාක්කෙම වහලා හිටපං)

    ReplyDelete
    Replies
    1. මැරුවා ඒකා මං

      Delete
    2. විහිළුවක් යකෝ!

      Delete
    3. අපි විහිලු අඳුනන්නේ නෑ යකෝ........

      Delete
  20. මේකනං මාරයි ඈ...........

    ReplyDelete
  21. මගෙන් මොකුත් අහගන්නෙපා අයියේ...අපිව හිනස්සලා මරන්නද යන්නේ???

    ReplyDelete
    Replies
    1. මලාද පාර්ට් 3 එපාද ?

      Delete
  22. අපිට ලියන්න දෙයක් ඉතුරු කරලා නැනේ ...

    "එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්නට තරම් කල්පයකින් මදුරු දැලක් පමණ නැත වරම්"
    "ගාඩි කෙල්ලෙ නුඹ තැන තැන යන්න එපා බැද්දේ ..ගොනෙක් කන්න රොඩී කොල්ලො මග බලාන ඇත්තේ"

    ReplyDelete
    Replies
    1. පාර්ට් 3 වලට මාර ගොඩක් තියනවානේ

      Delete
  23. අපි පාගල යාමුකො ඇටේ,// (හැටේ)- මට පෑගුනා මාමගෙ ඇටේ//

    ReplyDelete
    Replies
    1. සිසී සිසී මගේ ඇටේ කම්බි වැටේ පැටලුනා...

      Delete
    2. 18+ පාර්ට් එකකුත් දැම්මනම් හරි වගේ

      Delete
  24. තොල්පෙති විතරක් වත් පලමු හාදුවෙන් තෙමන්න!!

    ReplyDelete
    Replies
    1. විදානෙ ට මේක හරියට ඇහිලා....නේ

      Delete
    2. ඌට ඔයවගේ සිංදු හොඳට ඇහෙනව බං.

      Delete
    3. විදානේ වැරදියට හිතාගෙන ඉඳලා හරි එක කියනවද මන්දා

      Delete
  25. නියම සිංදු ටික බන්ඩෝ.ගෙනිහින් රෝලෙ එල්ලගන්නවා ඉතුරු කතා කියවන්න.

    ReplyDelete
    Replies
    1. එල එල... පුළුවන් හැටියට අපිත් ඔහේ මොන මොනා හරි කොටනවා

      Delete
  26. ඔබේ දයාබර එකම වදනකින් මගේ ආප්පය සුවපත් වේ.....

    ජයවේවා බණ්ඩා!

    ReplyDelete
    Replies
    1. මේක පාර්ට් 3 වලට දාන්නම් හිටන්

      Delete
  27. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  28. පෙර දිනයක මා පෙම් කළ යුවතිය රටකජු විකුණනවා. ..
    මගේම ලියුමක. .......

    ReplyDelete
  29. පෙර දිනයක මා පෙම් කළ යුවතිය රටකජු විකුණනවා. ..
    මගේම ලියුමක. .......

    ReplyDelete
    Replies
    1. ආ අපේ හාමුදුරුවොත් මේ පැත්තේ වැඩලා....

      Delete
  30. රන් ගිරවා අ ආ...

    රන්චු ගැසී පැන පැන යන මගේ පෙම්වතා

    වැටකොලු මගෙ අතගෑවා - මවුතුමි මගෙ බුදු වේවා

    ගඳ පාන මල් - මට තාම මතකයි

    මගෙ පන්තියේ උන් මානෙල් කොහේදෝ

    ගඳපාන ඔබ කවුද සුකුමාලියේ

    මන්ද "ලෙනින්" සැඟවිලා ගියේ....

    ....................ජාතික ගීයෙන් ඉවර කරමු......

    අප හද තුල බට්ටී

    අප මුට්ටිය ඔබ වේ

    ප්‍රේම වඩා සැම බේබදු රැල හා නමෝ නමෝ මාතා...

    - රයිපාල

    ReplyDelete
    Replies
    1. ආ... ඇනෝ රයිපාල - මෙතන මරු ටිකක් තියනවනේ.... මන් මේ බැලුවේ තව පෝස්ට් එකක් දානවද නැද්ද කියලා......

      Delete
    2. බ්ලොගුත් කියෙව්වා මේ වගේ බ්ලොගක් නොදැක්කා කියලා තමයි කියන්න තියෙන්නේ. ඊයේ පලමු වතාවට තමයි මේ බ්ලොගයට ආවේ. අවංකවම කියනවානම් මා කියවූ රසවත්ම බ්ලොග් පෝස්ටුව මෙයයි. හිනාකාලා මැරුනා..

      මාර කලෙක්ශන් එකක්. කොමෙන්ට්කාරයොත් මාර දායකත්වයක් කරලා තියෙන්නේ. ක්‍රව්ඩ් සෝසිං ඇට් ඉට්ස් බෙස්ට්!!

      කලිං ලිස්ට් එකේ කොපි රයිට්ස්: චූටි මල්ලි & පොඩිමල්ලි, ටාසන් බාප්පා, සිංදු ඇහෙන විදියට වැරදියට කියන රයිපාලගෙ යාලුවො. මෙන්න තව ටිකක්:

      මුණ_ සිංහයාට ණයයි නංගියේ

      ඔබෙ රාබී මම කැලඹේදෝ

      දෑත පා ඉඳුල් යදී ඇස් දයාවංස ගීතිකා

      මගෙ මන්දිරේ පරාලය මත මී අමා බඳුන්

      මාලා කරුනා දයා ගුනේ

      වෙන්වූ තැන් කරා ආයේ මත් පැන් බීලා

      සිත රික්ෂෝ කදුලැලි නොදකින ලොවකදි අපනෙත් හමුවේවා

      එක යායේ වාත වෙමූ සැමදා එකට බැඳී

      මතකද 80 ගනන් වල 12.45 නිවුස් වලින් පස්සෙ ගියා රථවාහන පොලීසියේ සින්දුවක්.. "අතට ගත්විට ඔබෙ රතේ ඉගිලිලා නොයනූ.." කියලා. ඒකෙ තියෙනවා මෙහෙම "... රියදුරන්ගේ නොසැලකිල්ලෙන් බිහිසුනු අනතුරු වේ - වියෝ වන්නන් නිදා ඉන්නන් සදහට අසරන වේ" කියලා පාරෙ නිදාගෙන ඉන්න අය ගැනත්.

      තව තියෙනවා ස්ටොක් එකේ, මතක් කරමින් යනවා.

      - රයිපාල

      Delete
    3. ඔහෝ.... රයිපාල නැවතත්.... දැන් නම් තව පොස්ට් එකකට බඩු තියනවා.....තව තියනවනම් දාන්න.

      ස්තුත්යි වරුණාවට

      Delete