Monday 7 September 2015

වාසනාවට පොලීසියට අහුවීම




ඒ 2012 හෝ 13 අවුරුද්ද. බණ්ඩාගේ බැචේක්ගේ තාත්තා කෙනෙක් නැති උනා හදිස්සියේම. යාළුවා ඔෆිස් එකේ කෙනෙක් නොවුනට ඔෆිස් එකේ තව යාලුවෙක් හිටියා අර යාළුවා එක්ක කලින් වැඩ කරපු, ඉතින් සතිය මැද්දේ දවසක් උනත් නොගිහින්ම බැරිනිසා අපි දෙන්නා ඊළඟ දවසේ රෑම පොළොන්නරුවේ යමු කියලා තීරනේ කොලා........ අහ් කියන්න බැරිඋනා මළගෙදර තිබ්බේ පොළොන්නරුවේ ඈ........
ඉතින් හවස ගිහින් රෑම ආපහු එන්න තමයි ප්ලෑන් කලේ. ඒ දවස් වල අම්බානකුත් තව ටිකක් වැඩ තිබ්බ නිසා කොහොමත් නිවාඩුවක් ගන්න බැරි තත්වයක් තිබ්බේ.

ඉතින් අපි දෙන්නා යනවා කියලා දැනගත්තම අපේ තව බැචාලා තුන් දෙනෙකුත් සෙට් වෙනවා කිව්වා අපිත් එක්කම ගිහින් එදා රෑම එන්න. මගේ ඔෆිස් ගජයා රෝසා...... අනිත් උන් සවී, සොරියා සහ ටොමියා. ඉතින් ඔන්න අපි කොළඹින් පිටත් උනා රෝසගේ කිරි කිරි කාර් එකේ........... ඒකේ පැට්‍රොල් හොඳට කරනවා කියපු නිසාත් පැට්‍රොල් වියදම බෙදාගන්න කැමති උන නිසාත් රෝසා කැමති උනා උගේ කාර් එකේ යන්න. නැත්නම් ඕකා මලත් එන්නේ නැහැ කාර් එක අරන්.

ඉතින් අපි දෙවි පිහිටෙන් කුරුණෑගල පහුකරලා දඹුල්ල පාරේ ඉබ්බගමුවට ඇවිත් එතැන තිබ්බ කඩේකින් මළගෙදරට ගෙනියන්න බඩු ටිකකුත් ගත්තා...... නිකන් අත වන වන යන්න පුලුවන්ද මලගෙයකට උනත්. ඉතින් බඩු අරන් අපි දඹුල්ලට ආවා.... එනකොට චුරු චුරු වැස්ස. ඉතින් කට්ටිය කිව්වා දඹුල්ලෙන් ATM එකක් තියන තැනකින් නවත්තලා සල්ලි ගමු කියලා වහින්නත් එන නිසා. එතකොට රෑ අටට විතර ඇති.
ඉතින් රෝසත් යාපනේ හන්දියෙන් පොලොන්නරුව පැත්තට හරවලා මුලින්ම හම්බුන බැංකුව ගාව පොඩ්ඩක් විතර හොම්බ (කාර් එකේ ඈ.....) ඇතුලට දාලා නැවැත්තුවා. නවත්තලා කට්ටියම ගියා ATM එකට සල්ලි ගන්න. බණ්ඩාගේ අතේ ඇතිවෙන්න සල්ලි තිබ්බ නිසා ඕනෑ උනේ නැහැ සල්ලි ගන්න. නමුත් කාර් එක නවත්තපු තැන බාර් පොඩ්ඩක්  තිබ්බ හින්දා එතනම ඉන්න වඩේ පොරක් බණ්ඩා දැක්කා. ඉතින් වඩේ ටිකක් ගන්න එතනට ගියා.

දන්නවනේ බාර් ගාව වඩේ අය්යලට තියන බිස්නස්. ඉතින් පොර හෙන බිසී. බන්ඩත් අමාරුවෙන් වඩේ මලු දෙකක් ම ගත්තා.... අරන් කාර් එක ලඟට යනකොට බණ්ඩාට පෙනෙනවා පොලිස් කාරයෙක් වටකරගෙන අපේ සෙට් එක තෙමීගෙන හෙන වාදයක. බන්ඩත් හෙමින් එතනට කිට්ටු කලා...... රෝසගේ ලයිසොන් එකත් දැනටම පොලිස් භාරයේ....... දැන් මෙහෙමයි කතාව ඇහෙන්නේ..............

පොලිස්: දැන් මම සැරයක් කිව්වනේ.... මෙතන නවත්තන්න බෑ..... පේනවනේ දිගටම අයින දිගට තියන කහ ඉර? මෙතන නැවත්තුවම පාරේ වෙන වාහන යන්නේ කොහොමද? කතා කරන්න එපා....... දඩ නැහැ හෙට උසාවි එන්න.

රෝසා සහ අනිත් පිරිස: අපි බැංකුවට යන්න නැවැත්තුවේ....... මේ වැස්සේ වෙන මොන මඟුලේ නවත්තන්නද? අනික නවත්තන්න තැනක් තියනවද? බ්ලොක් වෙන හින්දා තමයි ටිකක් ඇතුලට කරලා නැවැත්තුවේ.... බ්ලා...බ්ලා...බ්ලා

පොලිස්: (තවත් මළ පැන) දැන් මම කිව්වනේ කතා කරන්න එපා හෙට උසාවි

රෝසා: එහෙම කොහොමද? ඔයා දැන් කියන්න අපි වෙන කොහෙද නවත්තන්නේ බැංකුවට යන්න ඕනෙ නම්.... සහ .... බ්ලා...බ්ලා...බ්ලා

පොලිස්: උසාවි එන්න හෙට

ඔන්න ඔය අතරේ බණ්ඩා ගේ චූටි මොලේට කල්පනා වෙනවා මේ පොලිස් කාරයා ගේම ඉල්ලලා ගොඩ දාන්න පුළුවන් එකෙක් නෙවේය කියලා..........එක්ස්පීරියන්ස් ඈ.............

ඉතින් බණ්ඩා වඩේ මලුදෙකත් අතින් අරන් මැද්දට ගිහින් කට්ටිය නිස්සද්ද කරලා..... පොලිස් රාළහාමිට බොහොම නිවුණු හඬින් මෙහෙම කිව්වා.........

"අය්යේ.........අපි එන්නේ කොළඹ ඉඳලා...... යන්නේ පොළොන්නරුවේ.......අපේ හොඳම යාලුවෙක්ගේ තාත්තා කෙනෙක් නැතිවෙලා...... අපි මේ මළ ගෙදර යන ගමන්, මේ බලන්න අපි සුදු ඇඳුම් ඇඳගෙන ඉන්නේ ඒකයි. රෑම ආපහු එන්නත් ඕනෑ හෙට වැඩට යන්න. මළ ගෙදර මොනවාහරි ගෙනියන්න ඕනේ නිසා සල්ලි ගන්නයි මෙතැන නතර කලේ (ඌ දන්නවයි අපි කලින් බඩු ගත්තා කියලා......)............වරදක් උනානම් සමාවෙන්න"

ඒක අහපු පොලිස් අය්යා ටිකක් කල්පනා කර කර ඉඳලා මෙහෙම කියනවා..........

"කොළඹ ඉඳලා එන නිසා.....ත්, පොළොන්නරුවේ මළගෙදරක යන නිසා.........ත්, විශේෂයෙන් මේ මහත්තයා හොඳින් කතා කල නිසාත්, අදට සමාව දෙනවා" කියල ලැයිසෝන් ඉන්සුරන්ස් මගේ අතට දුන්නා........
ගේම ඉල්ලපු කොල්ලෝ අස්සේ මෙහෙම කතාකරනකොට බොක්ක උනත් දෙන්න බැරිද කියලා රාළහාමි හිතුවද දන්නේ නෑ.........

ඉතින් අපි පොරට ස්තුති කරලා අයෙත් ගමන පිටත් උනා.

දැන් ඉතින් බණ්ඩාට හෙන තැන...... අම්මද බොල කෝමද මූ පොලිස්කාරයා ගොඩ දැම්ම හැටි කියලා අරුන් මාව ගහට නග්ගනවා...... කෝමද උසාවි දැම්මනම් එහෙම දඹුල්ලේ.................

පොලිසියෙන් ඇල්ලුවොත් එහෙම උඹ තමයි ගොඩ දාන්න ඕනේ කියලා මුන් මට ඉස්සරහා සීට් එකත් දුන්නා. ඉතින් දෙය්යන්ගේ පිහිටෙන් අලින්ටවත් පොලිසියෙන්ට වත් අහු නොවී අපි හබරණත් පහුකරලා මළගෙදරට ආවා රෑ දොළහට විතර. ඇවිත් කාලා බීලා අයෙත් දෙකට විතර එන්න පිටත් උනා.

දැන් අපි  පොළොන්නරුවේ ඉඳලා හබරණ කැලේ පටන් ගන්නා හරියටම එනකල් ආවා. එක දිගට වැලි ලොරි එනවා..... ඉස්සර කොරන්න හදනකොටම සුදු ඉර හෝ ඉරි දෙක. රෝසටත් ඉතින් පරණ පාඩම මතක නිසා ලොරි කාරයන්ගේ අම්මලා මතක් කර කර උන්ගේ පස්සෙන්ම එනවා.... එකෙක් පහු කරනකොට අයෙත් එකෙක්. ඉතින් ඔහොම එකෙක් ගේ පස්සේ අපි හෙමින් හෙමින් හෙන දුරක් ආවා.......... ඔහොම ඇවිත් එක තැනකින් රෝසගේ ඉවසීමේ සීමාව පැන්නා පින්වතුනි......... පැනලා මූ සුදු ඉරි දෙකකුත් කපාගෙන ඉස්සර කොරනකොටම පැන්නේ නැද්ද රාළහාමිලා දෙන්නෙක් ම විසිල් ගස ගසා....අර ලයිට් පොල්ලත් වන වනා.......... කාර් එක නතර උනේ සෑහෙන දුරක් ගිහින්. දැන් ආයෙත් රෝසා දුම්මල වරම අරන් පොලිස් කාරයන්ට බැන බැන උන් ඉන්න දිහාවට යන්න පටන් ගත්තා කාරෙකෙන් බැහැලා......... නින්දක් දාන්න කියලා පාවහන් එහෙම උනා තියලා බණ්ඩා සුජානම් උනා විතරයි, පිටිපස්සේ උන් ටික කියනවා.....

"අනේ පලයන් බන්ඩෝ උඹ තමයි මේ සැරෙත් ගොඩ දාන්න ඉන්නේ" කියලා...... අනේ දෙය්යනේ..... දැන් මම මොනවා කරන්න ද? හෙමින් සපත්තු දෙකත් දාලා අනිත් උන් තුන්දෙනත් එක්ක පොලිස් රාළහාමිලා දෙන්නා ගාවට යද්දී රෝසා අයෙත් ගේම ඉල්ලනවා......

"කරන්න දෙයක් නෑ මහත්තයෝ...... මේ දවස්වල හරියට ඇක්සිඩන්ට් කියලා ලොක්කෝ අපේ ඔලු කනවා ඉතින් කරන්න දෙයක් නෑ....... ඉරි දෙක කැපුවම අයෙත් සමාවක් නෑ........." ඒ එක රාළහාමි කෙනෙක්. ඔන්න බණ්ඩාගේ වාරේ ආවා......

"අය්යේ.........අපි කොළඹ ඉඳලා පොළොන්නරුවේ.......අපේ හොඳම යාලුවෙක්ගේ තාත්තා කෙනෙක්ගේ මළගෙදර ගිහින් මේ ආපහු කොළඹ යන ගමන්" කියලා සම්පුර්ණ හෑල්ලම ඉවර කරන්නත් කලින් එක පොලිස් රාළහාමි කෙනෙක් බණ්ඩාගේ උරහිස් දෙකෙන් අල්ලලා බණ්ඩාගේ මූන එතන තිබ්බ ලයිට් කනුව පැත්තට හැරෙව්වා............... හරවලා............

"හත් ඉලව්වේ බණ්ඩයියා......................" කිව්වා............. කොහෙද බන් අයියේ මේ යන්නේ...... පොළොන්නරු එනවනම් කෝල් එකක් වත් දෙන්න තිබ්බනේ......බ්ලා...බ්ලා...බ්ලා....දැන් බන්ඩත් ෆුල් හොල්මන්. බන්ඩත් අරූගේ මූන ලයිට් කනුව පැත්තට හරවලා බැලුවා.....

හත් ඉලව්වේ මේ ඉන්නේ මගේ ඉෂ්ඨ දේවතාවා වගේ අපේ ගමේ මලයෙක් නේ.........

දැන් හැමෝටම ලැජ්ජාවේ සන්තෝසේ බෑ..... ඉතින් අපි උන්ගෙන්ම වෙන පොලිසිය හැංගිලා ඉන්න තැනුත් අහගෙන. හදිසියෙවත් අහු උනොත් කෝල් එකක් දෙන්න උන්ගේ නම්බරුත් ඉල්ලාගෙන කොළඹ බලා එන්න පිටත් උනා..............

දෙය්යන්නේ පිහිටෙන් අයෙත් පොලිසියටනම් අහු උනේ නෑ........ හැබැයි රෝසට නින්ද ගිහින් කට්ටියම අපායේ දොර ගාවටම ගිහින් ආපහු ආවෙත් අනිත් සීට් එකේ හිටිය බණ්ඩාගේ පිහිටෙන් කියලා කට්ටිය තවමත් මතක් කොරනවා...........


23 comments :

  1. වාසනාව...වාසනාව

    ReplyDelete
    Replies
    1. හැම වෙලාවේම වාසනාව තියෙන්නෙත් නෑ....

      Delete
  2. ඕකට තමයි කියන්නෙ දෙනකොට දෙයියො ඇන ඇන දෙනවා කියලා. ඕකම අනිත් පැත්ත කැරකුනු දවසට කොහොමද?

    ReplyDelete
    Replies
    1. හැබැයි ගොඩක් වෙලාවට shape මෝඩ් එකෙන් ගොඩ දාගන්න පුළුවන්

      Delete
  3. අපේ සීයා(දැන් ජීවතුන් අතර නැ) හවස ඇදිරි වැටෙනකොට හොර පොටි එකකින් රා බෝතලයකුත් අරගෙන එනකොට ඉස්සරහට පොලිස් ජිප් එකක් ඇවිත්.සියට කරකියා ගන්න දෙයක් නැ.වෙලාව කියන්නේ පන්සලට හැරෙන පාර සීයා ඉන්න තැනට ටිකක් ඉස්සරහින්.සීයා කිසිම කලබලයක් නොකර ඉස්සරහට ඇවිත් පන්සල පාරට හැරිලා යනවා.එතැන ඉදලා පන්සල පේන දුර.ජිප් එකත් එතෙන්ට ඇවිත් නැවැත්තුවා.ටිකක් ශබිදෙන් සීයාගෙන් ඇහුවලු මෙහෙ හොර අරක්කු පෙරන තැනක් තියනවා නේද කොහොමද එතෙන්ට යන්නේ කියලා.සියා කීවලු මම නමි මෙ පැත්තේ නෙවෙයි බෝධිපූජාවකට පන්සලට ආව ගමන් කියලා.එක පොලිස්කාරයෙක් සීයගේ අතේ තියන බෝතලේ දිහා බලලා ඇහුවලු මොනවද බෝතලේ කියලා.ආ මෙ හාමුදුරැවන්ට සුදුලූණු තමිබපු කැද එකක් ගෙනියනවා හාමුදුරැවෝ ටිකක් අසනීපෙන් ඉන්නේ පූජාව පටන්ගන්නත් ලගයි මම ඉක්මනට යනවා කියලා සීයා පොඩි සැල් එකකුත් දාලා පන්සලට ගියාලු.ජිප් එක ගියා විතරයි සීයා සුසන්තිකාට වඩා වෙගෙන් බෝතලෙත් අරන් ගෙදර

    ReplyDelete
    Replies
    1. සමහර සීයලා එක්ක බලද්දී අපි හොඳයි

      Delete
  4. මේ ලඟකදි ඔහොම අපි පස්දෙනෙක් කුඩු කුජීත වෙන්න බීලා කාර් එකක හෙන සද්දෙන් සිංදු දාගෙන යන අතරේ ආතල් වැඩි කමට නවත්තලා නටන්න පටං ගත්තා.(ඒක ටිකක් ලොකු පාලු පාරක්.) එතකොටම ට්‍රැෆික් ඩබලක් ඇවිත් ගේම ඉල්ලුවා.. ගස්ලබ්බගෙ අතේ අහස්කූරකුත් එක්ක.මාට්ටු උනා නම් තාම කූරු ගනිනවා.ඒත් අපේ ඩ්‍රයිව් කරපු එකා වරද පිලිඅරන් ශේප් එකේ ටෝක් කරපු නිසා 'පරිස්සමින් ගන්න ආතල් එකක් ගනිල්ලා.. වෙන පොලිසි වලින් මෙහෙම කරන්නෙ නෑ' කියලා උන් ගියා. එහෙම දෙයක් උනාමයි ඔන්න..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔය වගේම අපේ සෙට් එකක් බීලා යද්දී පොලිස් චෙක් පොයින්ට් එකේ උන්ට හූ කියලා............ ඊ ළඟ චෙක් චෙක් පොයින්ට් එකෙන් අල්ලලා ඇහුවලු මොකෝ හූ කිව්වේ කියලා............ එතකොට එකෙක් කියනවලු හූ කිව්වෙනම් නෑ රාළහාමි අපි සින්දුවක් කිව්වේ.......... සෘතිය එහෙමෙහෙ උනාද දන්නේ නෑ කියලා.......... කාර් එක එලෝපු එකා බීලා නොහිටි හින්දා මුන් බේරිලා ඇවිත්..

      Delete
  5. //බණ්ඩාගේ බැචෙක්ගේ තාත්තා කෙනෙක් නැති උනා හදිස්සියේම//

    ඒ බැචාට තාත්තලා කීදෙනෙක් ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. කීපදෙනෙක් ඉන්නවා.......... ලොකු තාත්තා,, මද්දුම තාත්තා එහෙම කියලා............ මේ මැරුණේ උගේ එක කුසේ උපන් තාත්තා......................

      Delete
  6. පරණ පිණක් ....


    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ නිතරම එන්ඩෝ......

      Delete
  7. කව්ද බං මේ බන්ඩා.. හැක්.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. ලබන සැරේ වෙසක් බලන්ඩ යමුද?

      Delete
  8. බණ්ඩා ඒක්ක ගමන් යන්න බය වෙන්න ඔ්නේ නෑ......... අන්න කොල්ලෝ

    ReplyDelete
  9. "හත් ඉලව්වේ බණ්ඩයියා......................"
    ගමේ මලය හිටියේ නැත්තම් ඉතින් මොනරෙක් දන් දන්දෙන්නම වෙනවා පුතේ ....

    ReplyDelete
  10. පොලෝසිය ටැක්ල් කරන්න තියෙන එකම කරමෙ සාමෙන් කතාකරන එක. එහෙම නොවෙන්නනං අපිට ලොකු අත්තක හයිය ඕනි. මං නං ෂේප් න්‍යාය තමා අනුගමණය. උන් කියලාත් යක්කු නෙමේනෙ. අපිට වඩා හෙනට දුක් විඳින රස්සාවක් උන් කරන්නෙ. අනික පොඩි එවුන් මහ පාරෙ මැරුණු නිව්ස් දැක්කම හිතෙනවා අඟලෙන් අඟලට පොලීසිය හිටියත් කමක් නෑ කියලා.
    මගේ ජාතියේ පානී පොරක් හඳුනාගැනීමට ලැබීම සතුටක්. අනික් පෝස්ට් ටිකත් කියවලා එන්නම්. උඹ හෙන පරණ පොරක්නෙ බැලුවම. දිගටම ලියහං.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් වැඩි පෝස්ට් නැති උනාට අපි මේවට බැස්සේ උඹලා පොඩිකාලේ.........

      Delete
  11. මට මේ වගේ සිද්ධියක් උනා අධ්වේගය එන්න පෙර. මේ වගේම මරණ ගෙදරක ගිහින් එදාම එන්න මාතරට පිඹින කොට අල්ලාගත්තා විතරක් නෙමෙයි දඩ කොලයකුත් ලිව්වා. දඩ කොළ ගෙවලා ආයිමත් ලයිසන් එක ගන්න බලපිටියෙ පොලිසියට යන්න ගියොත් මළ ගෙදර යන එක වෙන්නෙ නැතිනිසා දඩ කොලේ ගාන වගේ දෙගුණයක් දීල රාළහාමිටම ගෙවන්න කියලා ලයිසන් එක ඉල්ල ගත්තා. මම හිතන්නේ එයා ගෙවන්නම ඇති.

    ReplyDelete
    Replies
    1. ඕක නිතරම වෙන දෙයක් නේ. සති අන්තෙකනම් ඒ ක්‍රමේ ලාබයි වාසියි

      Delete