Wednesday 2 September 2015

මිනී මරනවෝ.....






මේක ටිකක් කක්කි කතාවක්. උගත් ප්‍රභුද්ධ ප්‍රේක්ෂක ජනතාව මට කමා කරන සේක්වා..........................

බණ්ඩා මේක කලින් ලිව්වා අන්තිම පේලියේ..... (thelastrow) ඒ මගුලට මොනවා උනාද මන්දා site එක ඩවුන්. ඉතින් අපි ලියපුවා එහෙම නැති බංගස්තාන වෙන්න දෙන්න බැරි හින්දා අලුත් පරම්පරාව වෙනුවෙන් මේවා ආරක්ෂා කොරන්න ඕනේ හින්දා අයෙත් ලියන්න හිතුවා. 

මෙන්න මේකයි කතාව..................

ඔන්න එකෝමත් එක රටක ලංකාවේ බොහොම ලැජ්ජා බයට හැදුන ගමේ කෙල්ලෙක් හිටියලු. අපි ඒකිට සිරිමලී කියමු. මුළු පවුලටම හිටියේ සිරිමලීයි අම්මයි අප්පයි විතරයි. ඉතින් කාටත් නොදැනීම කාලේ ගතවෙලා සිරිමලී කෙල්ලත් දීග දෙන කළ වයසත් ආවලු.

ඉස්සර දැන් වගේ නෙවෙයි කෙල්ල ගෙටවෙලා අවුරුද්දෙන් දෙකෙන් කව්රුහරි හොඳ ගොබිලෙක් හොයල බන්දලා දෙනවලු. ඉතින් ගමරාලත් හොඳ ඉලන්දාරියෙක් හොයලා මඟුල සූජානම් කලාලු. ගමරාලටත් වෙන කව්රුත් නැති හින්දා බින්න බස්සගන්නම පුළුවන් එකෙක් ලු හොයා ගත්තේ.

අර කලින් කිව්වනේ කෙල්ල කිසිම සමාජ ආස්සරයක් නැතිව ලජ්ජා බයට හැදුනා කියලා....... ඉතින් කෙල්ලට හරී බයයි ලු කසාද බඳින්නයි වෙන මිනිහෙක් එක්ක ඉන්නයි...... ඉතින් ගම හාමිනේගේ වැඩේම මගුලට දවස් කීපයක් තියලා කෙල්ලට අරවා මේවා කියලා දෙන එකලු........ ඔව්.... ඔව්  අරක කොරන හැටිත් කියලා දුන්නා තමයි...........ඉතින් ගම හමිනෙත් උදාහරනෙට එක එක දේවල් අරන් ඒක කියලා දෙනවලු. ඕන් ඉන්ටනෙට්, පේස් බුක් නැතිකමේ අඩුව නේද?

ඉතින් අම්මගේ උදාහරනෙට ගත්ත දේවල් දැකල (ඕන එකක් හිතා ගනිල්ලා) කෙල්ලට තවත් බයයි ලූ. 

"අනේ මගේ අම්මා රිදෙයි නේ........... මට"  කෙල්ල කියනවලු.

ඕක මේ ලෝකේ උඹ විතරක් කොරන්න යන දෙයක් නෙවෙයි ය. ඕකට බය වෙන්න දෙයක් නැති ය කියලා ගම හාමිනේ කෙල්ල සනසනවා.

කොහොමින් කොහොම හරි මඟුල් දවසත් ආවා.......... මඟුලේ කටයුතු හොඳින් කෙරුණා. නෑදෑයෝ එකා දෙන්නා පිටවෙලා ගියා...... අර ගොබිලා එක්ක කාමරේට ගියාම මොනවා වේවිද කියලා හිතපු සිරිමලී බයේ ගැහෙනවා. මේක දැකපු ගමරාලයි ගම හාමිනෙයි කෙල්ලව පැත්තකට අරන් සනසනවා.

ඔය අතරේ ගම හාමිනේට අපූරු නුවණක් පහල උනා. ඉතින් ගමහාමිනේ කෙල්ලට මෙහෙම කිව්වා.

"කෙල්ලේ උඹ බයවෙන්න එපා........ මමයි අප්පුච්චයි අල්ලපු කාමරේ ඉන්නවා..... මොනවා හරි අමාරුවක් කරදරයක් උනොත් උඹ මිනීමරනවෝ කියලා කෑ ගහපන් එතකොට අපි දුවලා එන්නම්" කියලා.....

කරදරයක් උනොත් අම්මලා ඉන්නවනේ කියලා කෙල්ලත් බයෙන් උනත් හා කීවා.......

ඔන්න ඉතින් රෑ බෝ වෙලා අලුත් ජෝඩුව පැණි හඳ කොරන්න කියලා කාමරේට වැදුනලු. ගමරාලයි ගමහාමිනෙයි අනිත් කාමරේ ට රිංගා ගත්තලු.

අලුත් බෑනත් ඉතින් වැඩ අල්ලන්න ලෑස්ති උනාලු. වැඩේ පටන් ගත්ත ගමන් කෙල්ල කෑ ගැහුවලු "මෙන්න මිනීමරනවෝ............" කියලා.

ගමහාමිනේ කෙල්ල බේරගන්න යන්න හැදුවත් ගමරාල තව පොඩ්ඩක් බලමු කියල නවත්ත ගත්තලු.

අම්මලා එන්නෙත් නෑ.............. අලුත් බෑනා වැඩේ නවත්තන්නෙත් නෑ............ වැඩේ නැගලා යනවලු.... කෙල්ල කෑ ගහනවලු මෙහෙම.

මිනීමරනවෝ..........මිනීමරනවෝ..........මිනීමරනවෝ......මරනවෝ......මරනවෝ......මරනවෝ......මරපිය, මරපිය, මරපිය, මරපිය, මරපිය යකෝ.....................කියලා..........  

(පින්තූරේ google බාප්පා ගෙන්)  

13 comments :

  1. අජිත් කුමාරගේ සින්ඩියයි පාර කිව්වේ.... අපිත් සින්ඩියට දා ගත්තා.....

    http://kurutugegeepawra1.blogspot.com/

    දිගට ම ලියමු..... ජයවේවා

    ReplyDelete
    Replies
    1. සින්ඩියට දා ගත්තට බොහොම පින්. අපිත් ඔය පැත්තේ එන්නම්.

      Delete
  2. යමන් බණ්ඩෝ මිනි මරන්න ...හැක් හැක්
    නියමයි මචෝ ..තවත් මදාවියෙක් ..

    ReplyDelete
    Replies
    1. එදා ඉඳලා තවමත් උන් මිනී මරනවලු.........

      Delete
  3. ඔන්න ඔහොමලු ඒකත් උනේ.. හෙහ්.. මරු මරු..

    ReplyDelete
  4. ම‍ෙ මට ‍ෙතෙේරැන්නැ බං

    ReplyDelete
  5. අජිත් පැරා ගෙං පාර අහගත්තෙ.

    උඹටත් ජයවේවා, අපිටත් ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹටත් එසේම වේවා, මටත් එසේම වේවා!!

      Delete
  6. "වැරදුණු දඩයම" මරු කතාව. තව නැද්ද?

    ReplyDelete
  7. පිස්සු බෝල බෝල. එළ එළ

    ReplyDelete
    Replies
    1. සුදාත් ඇවිත් මේ පැත්තේ.... වෙල්කම් කිව්වා........

      Delete