හැමෝම ඉස්කෝල සිද්දි ලියනකොට මටත් මතක් උනා එකක්. අපේ ඉස්කෝලේ වයිස් ප්‍රින්සිපල් කෙනෙක් හිටියා. එයාගේ කාර්ඩ් එක ලබ්බා..... මිනිහත් දන්නවා ළමයි, සමහර ගුරුවරු එයාට එහෙම කියනවා කියලා.... කව්රුහරි ඒක කියනවා ඇහුනොත් ඉතින් ඉවරයි. ඒ සර් ට යකෙක් ට වගේ තරහා යනවා. හැබැයි අඳින්නේ තනි සුදු. ළමයෙක් ගෙන් වෙන්කරගන්න පුළුවන් වෙන්නේ කළු බෙල්ට් එකෙනුයි ලාවට තැන තැන සුදු කොන්ඩේනුයි විතරයි.
ඉන්ටවල් එකට ටැප් ගාව පුදුම බිසියක් නේ තියන්නේ.... දවසක් ඔතන පෝලිම් පැනලා අත දාපු එකෙක් ට අපේ එකෙක් කොහෙද "හු@#$% අත දාන්නේ...." කියලා ඇහුවා.... පස්සේ බලද්දී ලබ්බා..... ආ... සර්... කියලා අරූ මාරු උනා... කොල්ලෝ ගොඩේ අඳුරන්නම බෑ.... ඒක නෙවෙයි කතාව. දැන් කියන්න ගිය කතාවට එමු.
ඔන්න දවසක් අපේ පන්තියේ ගුරුවරයෙක් නැතිව ඔක්කොම කෑ ගහ ගහ ඉන්නවා.... පන්තිය ඇතුලේ විතරක් නෙවෙයි එලියෙත්. පන්තිය කිට්ටුවම තමයි ඔෆිස් එක තිබ්බෙත්. ඉතින් සද්දේ ඇහිලා පන්තියට පණිවිඩයක් ආවා කෑ ගහන්න එපා ගුරුවරයෙක් එවනකල් කියලා..... කොහෙද විනාඩි දෙක තුනකින් අයෙත් මුන් කෑගහනවා..... දැන් පන්තියම වගේ එළියේ කොරිඩෝ එකේ. ඔහොම ඉද්දී වයිස් ප්‍රින්සිපල් තඩි වේවැලකුත් අරන් යක්ෂාවේශ වෙලා පන්තිය පැත්තට එනවා. ළඟටම එනකල් කව්රුත් දැක්කේ නැහැ. අන්තිම මොහොතේ දැක්ක එකෙක්,
"ඔන්න ලබ්බා එනවෝ.........." කියලා කෑ ගැහුවේ උගේ දිවි පරදුවට තියලා... මම ඌ උගේ දිවි පරදුවට තිබ්බා කියලා කිව්වේ ඒක සර් ටත් ඇහුන හින්දා..... පන්තියේ උන්ගේ කෑගැහිල්ලට උඩින් අරූගේ සද්දේ හැමෝටම ඇහුනා.... මම හිතන්නේ මුළු ඉස්කෝලේටම ඇහුන ද කොහෙද.
මුළු පන්තියම එක තත්පර කීපයෙන් අර චූට්ටන් දොරෙන් ඇතුලට ඇවිත්, අහුවෙන අහුවෙන තැන වාඩි උනා. දැන් සර් නාලාගිරියා වගේ යකා නැගලා පන්තිය ඇතුලට ඇවිත් කෙලින්ම "ඔන්න ලබ්බා එනෝ......" කියලා කියපු එකා ඉස්සරහා හිටගත්තා. කෑගැහිල්ලට වඩා යක්ෂයා ආරුඪ උනේ ජිවිතේ අහන්නම එපා කරපු නම අහපු හින්දද කොහෙද. දැන් සර් තරහෙන් වෙව්ලනවා........... වෙව්ල වෙව්ලම සර් අරූගෙන් මෙහෙම ඇහුවා.....
"දැන් මම එනකොට උඹ මොකක් කියලද කෑ ගැහුවේ........."
දැන් පන්තිය මහා මූසල විදිහට නිහඬයි පාලුයි. දැන් නම් ශක්‍ර දේවේන්ද්‍රයා පන්තියට වැඩියත් මූව නම් බේරගන්න බැහැ කියලා අපි හිතුවා..... එතකොටම අරූගේ පිහිටට ආවා පින්වත්නි වෙන දෙවි කෙනෙක්. ඒ තමයි ගණදෙය්යා..... අරූට ගණදෙවි නුවන පහල උනා........... මූ ගත් කටටම කිව්වා....
"ඔන්න ලබ්බෝ සර් එනවා කියලා තමයි මම කිව්වේ" කියලා..... ඇහිපිල්ලම් දෙක දෙපාරක් ගහපු සර් ටිකක් කල්පනා කරලා මෙහෙම කිව්වා.....
"ඇත්ත කිව්ව හින්දා උඹට යන්න දෙනවා"
ප.ලි. ටියුබ් ලයිට් වගේ අය දෙපාරක් කියවන්න. හරිගියේ නැත්නම් කොමෙන්ට් එකක් දමා වෙන පොස්ට් එකක් කියවන්න.
හෙහ් හෙහ් පට්ට බන්........ සර් නිකං පොරට නෙවේ වගේ ශේප් උනා නෙහ්........
ReplyDeleteවෙන මොනා කරන්නද හෙක්
DeleteApe vice principal ge nama LAT IBBA... :)
ReplyDeleteපට්ටනේ යකෝ "ලැට් ඉබ්බා"
Deleteපව් ලබ්බෝ
ReplyDeleteපව් පව් මක් කොරන්නද
Deleteහැක් ..මචෝ අපේ ටීචර් කෙනෙක් හිටියා "බම්පි" කියලා ..මොකද ඇවිදිනකොට බෝලයක් වාගේ බම්පෙනවා ..මතකද අතුලගේ සින්දුවක් තියනවා "හද හඬලා " කියලා .එකේ වාදන කාණ්ඩයක් තියනවා "ටර නන්න නන්න " වගේ ...ඉතින් ඔය ටීචර පන්තිය ගාවින් යන හැමවෙලාවෙම අපේ එවුන් "ටර නන්න නන්න " වෙනුවට "හොර බම්පි බම්පි " කියන්න පුරුදුවෙලා හිටියා ..එක පන්තියන් පාස් කරගෙන යනකොට අනිත් පන්තියෙන් පටන්ගන්නවා ..පව් බන්
ReplyDeleteපොර නෙලන්නේ නැද්ද කොල්ලන්ට. ඒකට අපේ උන්. අහුඋනොත් වටේම සුන්.
Deleteඅනේ බන් ඒ ගහන ඒවා මදුරුවෙක් විද්දා වගේ වත් නැ ..එයාටමයි රිදෙන්නේ ..
Deleteඑහෙනම් අහිංසක පොරක්.... පව් අප්පා
Deleteඑලම කතාව.මතක් වෙන වෙන පාරට හිනා
Deleteහුරු පුරුදු කතාවක්...
ReplyDeleteකලින් කොහේ හරි දැම්මද???
නැත්නම් ඔය සිද්ධිය වෙන තැන හිටිය අය අතරේ බ්ලොග් ලියන තව අය ඉන්නවද???
හරියටම හරි, මම මේක thelastrow එකේ ලිව්වා... කෝ දැන් ඒ මගුල නෑනේ. අපේ කතා එහෙම නැතිවෙන්න දෙන්න බැරි හින්දා අයෙත් ලිව්වා...
Deleteඒක ෙහෙොදයි
Deleteඇත්තටම ඒක කෝ...
Deleteනිකමට බැලුවේ අන්න තෙලස්ට්‍රෝ ව වැඩ....
DeleteOnna thawa ekak.. Ape principle eliye innakota kiyanne "balla lihala" kiyala. Dawasak A/L 1st year eke api class dekak eliye behela jodi dada innakota eka sere principle ape class ekata kadagena pahath una kiyahanko. Passe class eke missing wela hitiya ekekuta principle eliye kiyala aranchiwela muu pukata patrol gahapu balla wage eka sere Class ekata diwagena awe""anna adoo balla lihala ilmanata qadiwemu h#%^#^o" kiyagena. Hithaganon ita passe uuta unade. Hak hak
ReplyDeleteප්‍රින්සිපල් ඉන්න තැනද ඌ එහෙම කිව්වේ... මලා...
DeleteUta wata pite sihiyak nethuwa duwagena ewith kiwwa kiyahanko principle ge muunatama. Puka dige roos pan. Hak hak..
Deleteඑල කොල්ලෙක් නේ ඌ
Deleteවිලිලජ්ජාවෙන් උනත් කියන්නම්...
Deleteඔය වගේම වැඩක් මමත් කලානේ අම්මප.... හිතාගත්තකි උගේ තත්වය... අය්යු මට වෙච්ච දේ.... මතක් වෙනකොට නිවාඩුවක් දාල, පැදුරක් එලාගෙන, කොට්ටයක් බදාගෙන අඬන්න හිතෙනවා...
උපේක්ෂා, ඉතින් නාඩා මොකක්ද උනේ කියන්නකෝ.......
Deleteඅනුමානය ලබ්බා සමානයි බණ්ඩා
ReplyDeleteඒ අපේ අහිංසක සර්.........
Deleteඔය ව්අගේ නසරානියො හැම පන්තියකම ඉන්නවා. මොනා උනත් වයිස් ප්‍රින්සිපල්ටත් ගණ දෙවි නුවණ පහල වෙලා වගේ. නැත්නම් ඉතින් අරූට ගහනවනේ...
ReplyDeleteඅපිට හොඳට නෙලන්න හිතාගෙන ආව සර් දැන් ආපහු යන්නේ කොහොමද කියලා ඉන්නවා වගෙයි මට නම් තේරුනේ
Deleteඅපේ ඉස්කෝලේ වයිස් ප්‍රින්සිපල් “බාවා“ අඳින්නේ තනි සුදු..
ReplyDeleteමට ගහලා තියනවා බිම පෙරලගෙන..
ඌ ගැන කෙටියෙන්මගේ වචන වලින් කියනවා නම්..
#%&*(&^#@$^&&
@$*&(*&^$%&)_)_&%$#@^
හොඳ වැඩේ උඹට
Deleteඅපේ ඉස්කෝලෙ හිටිය වයිස් ප්‍රින්සිපල්ලා අට දෙනෙක්. එයිං එපාම කරපු එකා තමා "කොටා". පොර අඩි හතරයි අඟල් ගාණක් උසයි. කට ඇරියොත් අර ප්‍රයිවට් බස් කොන්දෙක් වගේ තමා කතාව. පොරට මෙන්න මෙහෙම කතාවක් හදල තිබ්බා.
ReplyDeleteදවසක් සෙබයි (සෙබා කියන්නෙ අපිට ඉහළ පංතියක හිටිය පොරක්) කොටයි කෝච්චියෙ යනවලු. උං හිටපු සීට් එකට ඉස්සරහ සීට් එකේ හිටියලු රුසියන් කාරයෙකුයි කියුබන් කාරයෙකුයි. (මේකෙ ඔරිජිනල් එක කෂ්ටිය අහල ඇති)
අර කියුබන් කාරයා හවානා සුරුට්ටුවක් පත්තුකරගෙන, උගුරු දෙක තුනක් ඇදලා, ජනේලෙන් විසි කළාලු. සෙබාගෙ ඇස් උඩගියාලු. පොර දන්නවා හවානා සුරුට්ටු වල වටිනාකම. සෙබා දිහා බලලා අර කියුබන් කාරයා කිව්වලු, "අපිට ඕනෙ තරම් හවානා සුරුට්ටු තියෙනවා. හැමෝම කරන්නෙ නැවුම් උගුරු දෙක තුනක් ඇදලා විසි කරන එකයි. මොකද පස්සෙ ඒකෙ ටේස්ට් එක අඩු වෙනවා."
රුසියන් කාරයා වොඩ්කා බෝතලයක් කඩලා, වීදිරුවකට ෂොට් එකක් දාගෙන බෝතලේ විසික් කළාලු ජනේලෙන්. සෙබා (බෙබා) පැන්නලු අල්ලගන්න. රුසියන් කාරයා පොරට තව බෝතලයක් දීලා කිව්වලු, "අපිටත් වොඩ්කා ඕනෙ තරම් තියෙනවා. ඒක අැරියට පස්සෙ තියාගෙන බොන්නෙ නෑ. විසි කරනවා" කියලා.
සෙබා ටිකක් වෙලා කල්පනා කරලා, කොටාව උස්සලා ජනේලෙං විසි කළාලු. විසි කරලා ඌ කිව්වලු, "අපිටත් ඕනෙ තරම් වයිස් ප්‍රින්සිපල්ලා ඉන්නවා. අපිට උං එපා උනහම ජනේලෙන් විසි කරනවා" කියලා.
අට දෙනෙක් නම් බස් එකෙන් නෙවෙයි ඉස්කෝලෙන් ගහලා එළවන්නයි තිබ්බේ...
Deleteඅපේ වයිස් ප්‍රින්සිපල් ගෙ නම කටයා. නම ගැන එක එක කථා තිබ්බා. බොහොම සැරපරුෂ කෙනෙක්. ඒ උනාට ඉස්කෝලෙ ගැන ළමයි ගැන තිබුණෙ විශාල ආදරයක් කියල කියන්න පුළුවන්. ඔහුත් ඒ පාසැලේම ආදි ශිශ්‍යයෙක්. ඔහු මිය ගිහින් අවුරුදු කිහිපයක් උනත් අපේ ආදි සිසු හමු වළදී ඔහු ගැන සිහිපත් කරන්නේ බොහොම ගෞරවයෙන්.
ReplyDeleteමටත් මේක දැකපු ගමන් මතක් උනේ අපේ ඉන්ගිරිස් මාස්ටර් ලබ්බා...
Deleteවයිස් ප්‍රින්සිපල් කියන කොට මතක් උනේම කටයා
මේන් මාතලන් කටයා ගැන දාපු බොගක්
http://maathalan.blogspot.com/2010/06/dp-deputy-principal-kataya.html
මචං මාතලන් උඹේ පෝස්ට් එක කියවලා ඇස් දෙකත් තෙත් උණා. ඒකේ කමෙන්ට්ස් ටික කියවන කොට තේරුණා කටයා ගැන දන්නෙ නැති අයට තේරුම් කරන්න බැහැ කියලා. කටයා රිටය උනාට පස්සෙත් මට කීප දවසක් හම්බු උනා. නොදැනුවත්ම ශර්ට් එකේ උඩ බොත්තමට අත ගියා. අපි කොච්චර බය උණත් ඒ තරම් ගෞරවයක් දිනාගන්න කටයාට හැකියාව තිබුණා. මගේ ජීවිතයේ මුලු හිතින්ම ගෞරව කරන අතලොස්සෙන් කෙනෙක්. ඒ වගේ කෙනෙක්ව දැන ගැනීමට ලැබුණු එකත් අපේ පිනක්.
Delete@ඉයන් ඔව් ඔයවගේ සර් ලා නැත්නම් අපි අද හිරේ.. අයෙත් දෙකක් නෑ...
Delete@ මාතලන් පොස්ට් එක කියෙව්වා.... කැටයා කියන්නේ හොඳ පාලකයෙක් වගේම නියම ලවර් කෙනෙක් වගේ.....
කටයට උඹල ඔක්කොම කැමති මොකද මම දන්නේ නැහැ. මට පෙන්නාන්න බැහැ .
Deleteමම කටයගෙ මානුෂික පැත්ත දැක්කෙ එය රිටය වුණාට පස්සෙ කීප දවසක් හමු වුණ නිසා.
Delete@අජිත් අය්යා ටිකක් වැඩිපුර කාලා වගේ කටයගෙන්
Delete@ඉයන් කොහොමත් ආණ්ඩුවේ රස්සා කරන අය රිටයර් උනාම මානුෂික වෙන්න වෙනවා.... අපි කියන්නේ පැන්ෂන් ගිය පොලිස් කාරයෙක් වගේ කියලා,....
නැහැ කටය මට එක පාරක් කම්මුලට ගහල තියෙනවා. මම මේක මතක් කරලා ලිපියක් ලියන්න හිතුව. මම ළමයින්ට ගහනවට කැමති නැහැ. ගැහුවා නිසයි තමන් හැදුනේ කියල කියන ලොකු පොරවල් වලට කැමතිත් නැහැ. වැරදි තර්කයක්. ගහන්න ඕනේ නැහැ ළමයි හදන්න. හදන්න දන්නේ නැති උන් තමා ගහන්නේ.
Deleteඔව් ඒ කතාවත් ඇත්ත, හැබැයි ගුටි නොදීම හැදෙන උනුත් ඉන්නවා...... ගුටි නොදී හදන්න බැරි උනුත් ඉන්නවා.....
Deleteඅෆ්ෆටසිරි කොල්ලො
ReplyDeleteඅපී ඉස්කොලෙත් හිටිය ලබ්බ කියල
කමිසෙ හැමදාම උඩින් දාල එන්නෙ මොකද ලබ්බ පේන නිසා
පව් යකො
ඒ උනාට දීන සැර පාරවල් ගානක් වැරදුනුත්
අයියො ලබ්බ
දැන් බලන් යද්දී මාර ලබ්බෝ ගොඩක් ඉඳලා තියනවනේ....
Deleteඅන්න නියම ලමයි සහ ගුරුවරැ.දෙගොල්ලම අපිට නෙවෙයි වගේ ඉන්නවා.අන්න එහෙම තමයි අපිත් හිටියේ.අද ගැහුවම ඒ ගැහුවේ අපිට නෙවෙයි වගේ හෙටත් ඒ වගේ එකක් කරනවා.
ReplyDeleteඅපිට ගණිතය උගන්වපු ගුරු උත්තමයට දවසක් අම්බානකට තද වුනා අපේ එකෙක් ඔක්කොම ගනන් ටික වැරදියට හදලා කියලා.ඌට කිව්වා අද ගෙදර ගිහින් තාත්තට කියලා තණකොල ටිකක් කපාගෙන කාපීය කියාලා.
ගණිත ගුරු පුහුවෙනිදා පංතියට ආවම අරූගෙන් ඇහුවා තමුසෙ තාත්තට කියලා තණකොල කපාගෙන කෑවද ඊයේ..
නෑ සර් මම කෑවේ නැ.තාත්තා තණකොල ටික කපලා මගේ අතේ එව්වා දවල් ඉන්ටර්වල් එකේදි සර්ට දෙන්න කියලා...
ඌ ෂුවර් එකටම අද හොඳ තැනක ඇති. අර අඩි රූලෙ කෙලවර බුරුවෙක් ඉන්නවා කියල කිව්වම කොයි කෙලවරේද සර් කියලා අහපු එකේ අනික් එක.
Deleteඔය වගේ ජරා කතා කියල අපිත් කාල තියෙනවා ඕනෑ තරම්.කෝ මේ කම්මලයා දවස් දෙක තුනක ඉඳල ඌ පේන්න නෑනෙ බං.
ReplyDeleteකම්මලේ ට පිටගැස්මක් වත් හැදිලද?
Deleteඩබලයිටිස්
Deleteදෙක දෙක දාන හින්ද මට වැඩ වැඩියි.
Deleteදෙක දෙක දැම්මට එක එක ඉවරකරන්න ඕනෑ
Deleteමහින හම කැඩිලා රෙපයාර් එකට හොද හමක් හොයන්ඩ ගිහිං
ReplyDeleteඅපෝ තවම ඌ මයිනහම් අදිනවද? මන් හිතුවා නුතන බ්ලැක් ස්මිත් කෙනෙක් වෙන්න ඇති කියලා .....සෙහ්
Deleteපරණ හම තාමත් අදිනව , ඒව අමතක කරල කෝමෙයි.
Deleteපරණ හමත් ඉඳහිට ඇද්දට වරදක් නෑ......
Deleteඅපේ වයිස් ප්‍රින්සිපල් ගේ නම සිම්බා එක හැදුවේ එයාගේ නමින්මයි. පස්සේ බූ බම්බා කියලා වෙනස් වුනා. අපිට ආරංචිවුනා එයා ස්ටාෆ් රූම් එකේදී බොහොම දුකෙන් කිව්වලු මුන් දැන් මට බූ බම්බා කියනවලු කියලා.
ReplyDeleteඒ කාලේ ඉස්කෝලේ මොකක්හරි ජල්බරි වැඩක් වුනානම් සිම්බා වේවැලත් අරන් කෙලින්ම මාව හොයාගෙන එනවා.
ඇවිත් සිඹලා යනවද? නැත්නම් කෝටු මස් කරනවද? ඇත්තම කිව්වොත් ඒ කාලේ ගුටිකාපු උන් තමයි අද හොඳ තැන් වල ඉන්නේ. මගේ කතාවේ කොලුවත් අද පිටරට කොම්පැනියක මාර්කටින් මැනේජර් කෙනෙක්. එදාම මට හිතුනා මූ හොඳ තැනකට යාවි කියලා නොමැරී හිටියොත්.
Deleteඅපේ අංශ බාරව හිටියෙ සොච්චමා ( ගනිතය ඉගැන්නුව හින්ද ) දවසක් කොරිඩෝව කෙරෝලෙ සූදු පිටියක් යන වෙලාවෙ ඔත්තු බලන්ඩ හිටිය එකෙක් දැකල සොච්චමා එනව , මූ කලබල උනාම වචන ටැපලෙන එකෙක්.
ReplyDeleteමූ හයියෙන් "සො.......සො...................සො ...........චාචා..." කියවෙද්දිම බෙල්ලෙන් අල්ලගත්ත , මොකෝ උඹ බෙරිහන් දුන්නෙ කියල.
සොච්චමා මරු නමක් නේ...ගුරුවරුන්ට ගැලපෙන නම් දාන එකත් හෙන ආර්ට් එකක් නේද? අපේ සිංහල මිස් - මාතර හාමිනේ, A/L මැත්ස් සර් - පියෝ කොටා , තව දිගටි මුණක් තිබ්බ සර් කෙනෙක් හිටියා නරියා කියලා,.....
Deleteපන්තියම සොරි වෙන්න කාල පීරියඩ් එක ඉවර වෙනකම් අව්වේ දනගහගෙන ඉන්න වෙන වරදක් කෙස් ගහෙන් බේරිලා තියෙන්නේ.. අපිනම් කාල තියෙනවා ඔව්වට නැව් ගුටි..මතක් වෙනකොටත් ඒ ගුටි කාපු තැන රිදෙනවා රිදෙනවා වගේ බන්.. හැක් .. හැක් ..
ReplyDeleteමේ බේරුන එකක් විතරයි... කාපුවා අනන්තයි අප්‍රමාණයි.......
Deletehttp://nelumyaya.com/?p=4442
ReplyDeleteෂා... නෙලුම් යායෙත් පලවෙලා...... ස්තුතියි අජිත් අය්යා......
Deleteබණ්ඩෝ..බණ්ඩෝ...නම දැක්ක හැටියෙම හිතුණේ අපේ ගස් ලබ්බට ගැහුව මඩක් කියලා..මරු කතාව..! පට්ට! :D
ReplyDeleteමේ ගස් ලබ්බා නෙවෙයි, වෙන ලබ්බෙක්.
Delete